in

බර්මියුඩා ත්‍රිකෝණයේ බියකරු කතාව පටන් ගත්තු අභිරහස් ගුවන් ගමන

එකම දවසක හමුදා ගුවන් යානා 5ක් අතුරුදහන් වෙලා, ඒ අයව හොයන්න යවපු ගුවන් යානයත් එකපාරටම අතුරුදහන් වුණොත් කොහොමද? 1945 දෙසැම්බර් 5 වැනිදා ඇමරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා 5ක් පුහුණු වීමක් සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් ගුවන්ගත වුණා. “Flight 19” කියලා හඳුන්වපු මේ කණ්ඩායමේ හිටපු නාවිකයන් 14 දෙනාත් එක්කම මේ යානා 5ම අත්ලාන්තික් සාගරයට ඉහළින් අතුරුදහන් වුණා.

ඇත්තටම එදා මොකද වුණේ? නාවික හමුදා පරීක්ෂණවලින් හෙළිවුණේ මේ කණ්ඩායමේ නායකයා වුණු ලුතිනන් චාල්ස් ටේලර්ට (Charles Taylor) පාර වැරදුණු බවයි. තමන්ගේ මාලිමා යන්ත්‍ර වැරදියට වැඩ කරනවා කියලා හිතපු ඔහු, යානා ටික වැරදි පාරක අරගෙන ගියා. අන්තිමේදී ඉන්ධන අවසන් වෙලා මේ යානා 5ම රළු මුහුදට කඩාගෙන වැටුණා.

හැබැයි මේ ඛේදවාචකය එතනින් ඉවර වුණේ නැහැ. මේ අතුරුදහන් වුණු පිරිස හොයන්න නාවික හමුදාව තවත් සෙවුම් යානයක් (PBM Mariner) යැව්වා. ඒකේ 13 දෙනෙක් හිටියා. හැබැයි පුදුමෙකට වගේ ඒ යෝධ යානයත් කිසිම සලකුණක් නැතිව අතුරුදහන් වුණා! මේක අද්භූත දෙයක් වගේ පෙනුණත්, ඒ ළඟින් ගිය නැවක පිරිසක් අහසේ ලොකු පිපිරීමක් දැකලා තිබුණා. මේ සෙවුම් යානා වර්ගයේ ඉන්ධන වාෂ්ප වෙලා පුපුරා යාමේ දෝෂයක් තිබුණු නිසා ඒක පුපුරා යන්න ඇතැයි විශ්වාස කරනවා. කොහොම වුණත් එකම දවසේ ගුවන් යානා 6ක් සහ මිනිස්සු 27ක් අතුරුදහන් වුණු මේ සිදුවීමෙන් පස්සේ තමයි ලෝක ප්‍රසිද්ධ “බර්මියුඩා ත්‍රිකෝණය” (Bermuda Triangle) කියන අභිරහස් කතාව ලෝකය පුරාම පැතිරෙන්න පටන් ගත්තේ.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

ගලක් වගේ මිදිලා… ආපහු පණ එන පුදුම මැඬියා!

අහසම නිවහන කරගත් අපූර්ව පියාසර කරන්නා