in

බිහිසුණු සතෙක්ද? නැද්ද?

දෙවියන්ට ඔප්පුවෙච්චාවේ මේ මොකෙක්ද? හොලිවුඩ් චිත්ර පටයක බිහිසුණු මෘගයෙක් නේද? මෙවැනි මෘගයෝ ඇත්තට නැහැ. එහෙම නේද? හිතුවා වැරදියි. මේ ඉන්නේ හැබෑ සත්වයෙකි. මේ ඉන්නේ ඔබ, මම, අප කවුරුත් එදිනෙදා දකින සතෙකි. ඒත්, විශ්වාසයි, ඒ සතාගේ පෙනුම මෙතරම් භයංකාර යැයි ඔබ සිතන්න නැතිව ඇති. මේ ඉන්නේ කුහුඹුවෙකි. 

මේ කුහුඹුවකුගේ ඉතාමත් සමීපතම ඡායාරූපයකි. කුහුඹුවා මෙසේ සමීප අයුරින්, එසේත් නැතිනම් බිහිසුණු අයුරින් ඡායාරූපයට නැගුවේ ලිතුවේනියානු ඡායාරූප ශිල්පී ආචාර්ය ඉයුජීනියස් කවාලයෝස්කාස් ය. ඉයුජීනියස් කුහුඹුවා ඡායාරූපයට නගා ඇත්තේ අන්වීක්ෂයක් මත තබා පස් ගුණයක් විශාල කිරීමෙන් පසුවය. 

දීප්තිමත් බිහිසුණු රතු ඇස්, බිහිසුණු හැඩැති උල් තියුණු දත් ඇතුළු මුහුණේ සෙසු විස්තර පැහැදලිව දකින්න ලැබෙන්නේ ඒ අනුවය. කැමරා නිපදවන සමාගමක් ලෙස නමක් දිනූ ‘නිකොන්’ Nikon සමාගම වාර්ෂිකව, ‘ස්මෝල් වර්ල්ඩ් ෆොටෝ මයික්‍රෝ ග්‍රැපි ’ Small World Photomicrography නමින් ‘අන්වීක්ෂීය ඡායාරූප’ Microscopic Images තරගාවලියක් පවත්වයි.

මෙම ඡායාරූප තරගාවලියට ඇතුළත් වන්නේ ඇසට පෙනෙන නොපෙනෙන අපූරු දසුන් වන අතර, ඒවා ඡායාරූපයට නැගෙන්නේ අන්වීක්ෂ ආධාරයෙනි. මෙම 2022 වසරේ පැවැති තරගාවලියට ඉදිරිපත් කෙරුණු සුවිශේෂී ඡායාරූප අතරින්, ඡායාරූප 57 ක් කැපී පෙනුනු අතර, එම 57 න්, කාගේත් අවදානයට ලක් වුණේ ඉයුජීනියස් ඉදිරිපත් කර තිබුණු මෙම කුහුඹුවාගේ මුහුණය. එය තරගාවලියේ ප්රනථම ස්ථානය දිනා ගත්තේය. 

මේ වනවිට බිහිසුණු පෙනුමැති එම කුහුඹු මුහුණ සමාජ මාධ්ය් ඔස්සේත් විදෙස් පුවත් වෙබ් අඩවි ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ කවුරුත් මවිතයට පත් කරමින් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. “සෑම වසරකම, නිකොන් ස්මෝල් වර්ල්ඩ් ප්‍රදර්ශනයට අන්වීක්ෂීය ඡායාරූප රැසක් ලැබෙනවා. ඒවා විද්යාරත්මක වශයෙන් සහ තාක්ෂණික වශයෙන් ඉතාම විශිෂ්ට ඡායාරූප.” මෙසේ කියන්නේ එරික් ෆෙල්ම්ය. ‘නිකොන් ඉස්ටෲමන්ට්ස්’ සමාගමේ සන්නිවේදන කටයුතු පිළිබ‍ඳ කළමණාකාරවරයා ලෙස කටයුතු කරන්නේ එරික් ය. 

“මේ වසරේත් වෙනදා වගේම, ලොව නන්දෙසින්, සුවිශේෂී ඡායාරූප රැසක් අප වෙත ලැබුණා. කැමරාව අතට ගත් කලාකරුවන් කැමරා ශිල්පීන් පමණක් නොව, කැමරාව හසුරුවන්න දක්ෂ නොයෙක් ක්ෂේත්‍රවල විද්‍යාඥයන් ද ඒ අතර සිටිනවා. ”යැයි එරික් වැඩි දුරටත් පැහැදිලි කරයි. 

 තමන් ඉදිරිපත් කළ කුහුඹු මුහුණේ ඡායාරූපය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වෙද්දී, ආචාර්ය ඉයුජීනියස් කවාලයෝස්කාස් ඒ ගැන මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වීය. ඔහු ඡායාරූපයට නගා ඇත්තේ ලිතුවේනියාවේ, ටුරාජ් හි පිහිටි ඔහුගේ නිවස අසල වනාන්තරයෙන් අල්ලා ගත් කුහුඹුවෙකි.

 “පෙනුමින් බිහිසුණු සත්වයකු වුණත් මේ කුහුඹුවා සාමාන්යව කුහුඹුවෙක්. විෂ කුහුඹුවෙක් නම් නොවෙයි.” යැයි කවාලයෝස්කාස් වැඩි දුරටත් පවසා ඇත. කවාලයෝස්කාස් කුහුඹු ඡායාරූපයට අනුව තරගාවලියට ඉදිරිපත් කෙරුණු තවත් ඡායාරූප දෙකක් ද මාධ්යෝ අවධානයට ලක් විය. 

image_14d571775a
image_54f34ae27c
image_d250abf81f

රතු වයිරම් ඇති මැණික් කුරුමිණියාගේ ඡායාරූපය, ලොම් නැති පනින මකුළුවා සහ මැඩගස්කරයේ යෝධ හූනාගේ අන්වීක්ෂීය ඡායාරූපය ද ඒ අතර ඇත. මෙම සටහන සමඟ පළ වන අනෙක් ඡායාරූප තුන වන්නේ ඒවාය. මෙම ඡායාරූප පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි ස්ථාන දිනා ගැනීමට සමත් වුණු බව ද ‘නිකොන් ඉස්ටෲමන්ට්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

උපුටා ගැනීම: mawitha

What do you think?

Written by Mic

බරින් වැඩිම සතා

ඇපල් ගෙඩියේ විස්මිත කතාව