in

බොරු නැවකින් මුහුදු පතුලේ තිබුණු සෝවියට් සබ්මැරීනයක් ඉස්සූ හැටි

මේක ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක කතාවක් කියලා හිතුණත්, මේක සීතල යුද්ධය කාලේ ඇත්තටම සිද්ධ වුණු අදහාගන්න බැරි මෙහෙයුමක්. පැසිෆික් සාගර පතුලේ ගිලී තිබුණු සෝවියට් රුසියානු සබ්මැරීනයක් හොරකම් කරන්න, ඇමරිකානු බුද්ධි අංශය (CIA) යෝධ යාන්ත්‍රික අඬුවක් (claw) තියෙන බොරු නැවක් නිර්මාණය කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?

1968 මාර්තු මාසයේදී සෝවියට් දේශයට අයත් “K-129” කියන න්‍යෂ්ටික සබ්මැරීනය හවායි දූපත් ආසන්නයේ හැතැප්ම 3ක් විතර ගැඹුරු මුහුදේ ගිලී ගියා. සෝවියට් හමුදාවට මෙය හොයාගන්න බැරි වුණත්, ඇමරිකානු නාවික හමුදාව රහසිගතව මේක තියෙන තැන හරියටම හොයාගත්තා. රුසියානුවන්ගේ රහස් දැනගන්න ඕනේ වුණු CIA සංවිධානය “Project Azorian” නමින් රහසිගත මෙහෙයුමක් ආරම්භ කළා. කාටවත් සැක නොහිතෙන්න ඔවුන් ලෝක ප්‍රකට බිලියනපතියෙක් වුණු හොවාර්ඩ් හියුස් (Howard Hughes) හරහා මුහුදු පතුලේ කැනීම් කරන බොරු සමාගමක් හැදුවා. ඒ හරහා ඔවුන් “Hughes Glomar Explorer” නමින් අඩි 618ක් දිග දැවැන්ත නැවක් සහ සබ්මැරීනය අල්ලලා උඩට ගන්න පුළුවන් මීටර් 90ක් දිග යෝධ යාන්ත්‍රික අඬුවක් නිර්මාණය කළා.

1974 දී ඔවුන් මේ අඬුවෙන් සබ්මැරීනය අල්ලාගෙන උඩට ගන්න උත්සාහ කළා. හැබැයි උඩට ගන්න අතරමඟදී සබ්මැරීනය කෑලිවලට කැඩිලා ගිහින් මුළු එකෙන් තුනෙන් එකක් විතරයි ගොඩගන්න පුළුවන් වුණේ. ඒකෙනුත් න්‍යෂ්ටික ටෝපිඩෝ, රහසිගත උපකරණ සහ සෝවියට් නාවිකයන් හයදෙනෙකුගේ සිරුරු ඔවුන්ට හමුවුණා. පසුව මේ රහස පත්තරවලින් ලෝකයටම හෙළිවුණාම, CIA සංවිධානය “අපිට මේක ඇත්ත කියන්නත් බැහැ, බොරු කියන්නත් බැහැ” (we can neither confirm nor deny) කියලා දීපු උත්තරය අදටත් ලෝකයේ ප්‍රසිද්ධයි.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

මරණයෙන් බේරී යාළුවාවත් රකින කිලෝමීටර් 17ක් පයින්ම ගෙදර ආපු බල්ලෝ හත්දෙනා

උපන්දිනේට පූස් පැටියෙක් ඉල්ලපු ලෝකයේ බුද්ධිමත්ම ගෝරිල්ලා