ගඟක් සම්පූර්ණයෙන්ම හිඳිලා ගියොත් ඒකේ ඉන්න මාලුවන්ට මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ඒ සත්තු මැරිලා යනවා. හැබැයි “අප්‍රිකානු ලංෆිෂ්” (African Lungfish) කියන්නේ ඒකට ලේසියෙන් පරාජය වෙන කෙනෙක් නෙවෙයි.
වතුර හිඳීගෙන යනකොට මේ මාලුවා කරන්නේ හරිම පුදුම වැඩක්. ඌ මඩ ඇතුළට හාරගෙන ගිහින්, තමන්ගේම සිරුරෙන් පිටවන දියරයකින් ආරක්ෂිත කෝෂයක් (Cocoon) හදාගන්නවා. හරියට “නිදන බෑග් එකක්” ඇතුළට යනවා වගේ. මේ කෝෂය ඇතුළේ ඉන්න ලංෆිෂ් තමන්ගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය අවම කරගෙන වසර ගණනාවක් වුණත් ඉන්න පුළුවන්.
මේ විදිහට කෑමක් බීමක් නැතුව අවුරුදු 3 සිට 5 දක්වා කාලයක් වුණත් මඩ යට ඉන්න මේ මාලුවාට පුළුවන්. ආපහු වැස්ස වැටුණම, මඩ පෙඟිලා අර ආරක්ෂිත කෝෂය දියවුණාම තමයි මේ මාලුවා ආයෙත් අවදි වෙලා වතුරට එන්නේ.
මේ පුංචි මාලුවා අපේ ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා. ජීවිතේ සමහර කාලවල් තියෙනවා හරිම දුෂ්කර, බලාපොරොත්තු රහිත. ඒ වගේ වෙලාවට ඉවසීමෙන් තමන්ව ආරක්ෂා කරගෙන නිහඬව ඉන්න එක වැදගත්. කොයිතරම් පරක්කු වුණත්, ඔයාව ආයෙත් අවදි කරවන්න “වැහි බිංදු” කවදාහරි ලැබෙනවාමයි.
උපුටා ගැනීම: මුහුණු පොත


