in

මත් ද්‍රව්‍ය නිසා ගිලී යන ජීවිත

මත් ද්‍රව්‍ය භාවිතය අද ලෝකය පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා දරුණු වසංගතයක් බවට පත් ව ඇත. ඇමරිකාව, ජර්මතිය. බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල් මෙන්ම බුරුමය තායිලන්තය හා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය කරා පිය මං කරන රටවල් ද මේ ප්‍රශ්නය හමුවෙහි අසරණ වී ඇති බවත් පෙනේ. අතීතයේ දී ද මිනිසා විසින් ශරීරයෙහි උත්තේජනයක් ඇති කරන යම් යම් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන ලද බවට සාක්ෂ්‍ය ඇතත්, අද මෙන් පුද්ගලයන්ට විවිධ ශරීරාබාධ හා මරණය ගෙන දීමට තරම් බිහිසුණු මත් ද්‍රව්‍ය උවදුරක් නොවී ය.

                    වත්මන් ලෝකයේ භාවිතා කරන දරුණු මත් ද්‍රව්‍ය අතර මොෆන්, අබිං, හෂීස්, මාවා, අයිස් හා හෙරොයින් ආදිය ප්‍රධාන තැනක් ගනී.  ලංකාවේ මින් වැඩිව  ව්‍යාප්ත  වෙමින් පවතින්නේ හෙරොයින් නැමැති මත් ද්‍රවයයි. මෙම මත් ද්‍රව්‍යයේ  බිහිසුණුබව කොතරම් දැයි කිවහොත් මෙයට ඇබ්බැහි වූවෙකුට සදාකාලික රෝගාබාද වලට ලක්ව මිය යාම ට  සිදුවනු ඇත.  අපේ රටේ  කොළඹ, ගාල්ල, මහනුවර වැනි නගරවල මත් රකුසාට හසු වූවන්ගේ ගණන සීඝ්‍රයෙන්  වැඩි වෙමින් පවතී. මේ සඳහා ප්‍රතිකර්ම නොකළහොක් ගම් දනවුවල ද මත් ද්‍රව්‍ය සාමාන්‍ය දෙයක් බවට පත් වන දිනය වැඩි ඈතත නොවනු ඇත.

                       ලංකාවේ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් අතර ප්‍රධාන වන්නේ තරුණ  තරුණියන් ය. රටක අනාගතය හාර ගැනීමට සිටින ජාතියේ  ජීවය බඳු තරුණ  පරපුර  මේ අයුරින් විනාශ වීම රටේම අවාසනාවකි.

                          දැඩි තරගකාරී  තත්ත්වයක් පවත්නා සමාජයක ජීවත් වන තරුණ  තරුණියෝ වැඩි දෙනෙක් සාර්ථක ව අනාගතයට මුහුණ දීමට නොහැකි වේය යන අනියත බියෙන් පෙළෙති. විශේෂයෙන් පාසල් හා පෞද්ගලික පන්තිවලට ගොස් හෙම්බත් වී අනාගත ගැන නිශ්චිත බවක් නොතිබීමෙන් බොහෝ තරුණ  තරුණියන් කල් ගෙවන්නේ විශාල අසහනයකිහි. මෙහිදි ඔවුන්ගේ සමීප  මිතුරා වන්නේ මත් ද්‍රව්‍ය යි. මත් ද්‍රව්‍ය තුළින් ජීවිතයේ ප්‍රශ්න හා පීඩාකාර බව අමතක කර දැමීම ද ඇතැමුන්ගේ අරමුණ වී ඇත.

කුමන අන්දමේ අරමුණකින් මත් ද්‍රව්‍ය ගත්ත ද එහි ප්‍රතිඵලය ඉතාමත් භයානකය. හෙරොයින් ආදී මත් ද්‍රව්‍ය ගත් අයට ඉන් ලැබෙන තාවකාලික සහනය ඉතාමත් සීමිත ය.කෙටිය. ඕනෑම හැඩි දැඩි සිරුරක් ක්‍රමයෙන් කෘශ වීම, පාචනය හා වමනය ආදී රෝග ලක්ෂණ ඇති කරන අතර මත් ද්‍රව්‍යයන්ට ලොල් වුවන්ගේ මානසික තත්ත්වයේ ද වේගවත් පිරිහීමක් සිදු වෙයි. පෞරුෂය හීන වී යයි. අවසානයේ මත් මාරයා වෙත සිය ජිවිතයෙන් වන්දි ගෙවීමට ඔවුන්ට ද සිදු වෙයි. මෙය මත් මායාවට හසු වුවන් තමන්ට ම කර ගන්නා ව්‍යසනය යි.


                       මත් ද්‍රව්‍යවල ආදීනව පාසල් මට්ටමෙන්, තරුණ සංවිධාන මවීමෙන් ග්‍රාමීය හා නාගරික මට්ටමෙන් අවබෝධ කර දීමේ වැඩ පිළිවෙළ මීට වඩා පුළුල් කළ යුතු ය. ප්‍රවෘත්ති පත්‍ර ඇතුළු ජන මාධ්‍ය වලට මෙහි දී විශාල වැඩ කොටසක් ඉටු කළ හැකි ය. මවුපියන් විසින් තම දරුවන් කෙරෙහි පුළුල් අවධානයකින් සිටීම ද ඉතා ම අවශ්‍ය ය. මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් තරුණ පරපුර මෙන්ම වැඩිහිටි පරපුරත් මෙම ව්‍යසනයෙන් බේරා ගැනීම රටේ හෙට දවස ගැන සිතන හැම දෙනාගේ ම යුතුකම විය යුතු ය.

What do you think?

අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ…

ඔබේ සෞඛ්‍යය රැක ගැනීමට මතක තබා ගත යුතු කරුණු