in

මධ්‍යම කඳුකරයේ කපොලු හා සානු

මධ්‍යම කඳුකරයේ ස්වභාවිකව නිර්මාණය වූ තවත් භූ විෂමතාවයක් වන්නේ කපොලු ය. උස් කඳු දෙකක් අතර පිහිටි පහත් ස්ථානය කපොල්ලකි. කපොලු නිසා ශ්‍රී ලංකාවේ මඳුකරයට පිවිසීම පහසු වී ඇත. මධ්‍යම කඳුකරයට පිවිසෙන ප්‍රධාන මාර්ග සියල්ලම පාහේ ගොඩනගා ඇත්තේ කපොලු හරහාය. ඒ අතර බලන, කඩුගන්නාව හා ගලගෙදර කපොලු ඓතිහාසික වශයෙන්ද වැදගත් වේ.

 උස් සම බිම් හෙවත් සානු මධ්‍යම කඳුකරයේ දක්නට ලැබෙන අනෙක් සුවිශේෂී භූ විශමතා ලක්ෂණයයි.

  • ගලගෙදර කපොල්ල – කුරුනෑගල  මහනුවර මහා මාර්ගය
  • ඇල්ල කපොල්ල – වැල්ලවාය බඳුල්ල මාර්ගය
  • බලන කපොල්ල – කොළඹ මහනුවර මහා මාර්ගය
  • බලකඩුව කපොල්ල – මාතලේ මහනුවර මහා මාර්ගය
  • හපුතලේ කපොල්ල – බලංගොඩ බණ්ඩාරවෙල මහා මාර්ගය
  • ගිනිගත්හේන කපොල්ල – අවිස්සාවේල්ල නුවරඑළිය මහා මාර්ගය

මහනුවර සානුව

 හැටන් සානුවට උතුරින් හා මාතලේ ප්‍රදේශයේ දකුණු දෙසට වන්නර පිහිටා ඇති මෙහි උස මීටර් 600 – 900 අතර වේ. මහනුවර සානුව ඔස්සේ නැගෙනහිර දෙසට ගලා බසින මහවැලි ගඟ පසුව දුම්බර නිම්නයට පිවිසේ. කඩුගන්නාව දුර්ගය ඉස්සේ මහනුවර සානුවට පිවිසිය හැකියි. මහනුවර සානුව නිර්මාණය වී ඇත්තේ හැටන් සානුවටත් , වැලිමඩ සානුවටත් උතුරින් වූ බෑවුම ක්‍රමයෙන් බෑවුම් වීමෙනි. 

වැලිමඩ සානුව 

පිදුරුතලාගල කඳු පන්තියෙන් හා නමුණුකුල කඳු පන්තියෙන් වැලිමඩ සානුව වටවී ඇත. මෙහි සාමාන්‍ය උස මීටර් 900 ක් පමණ වේ. උතුරු දෙසට බෑවුම් වන මෙම සානුවේ උසින් අඩුම ප්‍රදේශය ඌව ද්‍රෝණිය ලෙස හදුන්වයි. ඒ හරහා මහවැලි ගඟේ අතු ගංගා වන බදුලු ඔය , උමා ඔය සහ ලොග්ගල ඔය ගලා බසී. 

හැටන් සානුව

 මෙය දකුණින් සමනල කඳු පන්තියෙන් හා නැගෙනහිරින් පිදුරුතලාගල කදු පන්තියෙන් වටවී ඇත. දළ වශයෙන් මීටර් 900 – 1500 අතර උසකින් යුක්ත හැටන් සානුව වයඹ දෙසට බෑවුම් වේ. කැලණි ගඟ සහ මහවැලි ගඟ මෙම සානු මැදින් ගලා බසියි. 

මහවලතැන්න් හා කොස්ලන්ද සානු

 සමනල හා නමුණුකුල කදු පන්ති දකුණු ප්‍රපාතාකාරව බෑවුම් වේ. එම බෑවුමට දකුණුන් දක්ෂිණ වේදිකාව නමින් හදුන්වන පටු වේදිකාවක් පවතී  මහවලතැන්න සානුව හා කොස්ලන්ද සානුව වශයෙන් හදුන්වන්නේ එම දක්ෂිණ වේදිකාවයි. උසින් මීටර් 300 – 900 අතර වන මෙම සානු නැංගුරම් පාදයේ දකුණු දෙසින් පිහිටා ඇත. 

උපුටා ගැනීම: Wasithya

What do you think?

Written by Mic

ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය

ලොව දිගම උමං මාර්ගය