in

මරියානා ආගාධයෙන් මතු වූ අමුතු සත්තු

Sarcastic fringehead

සාමාන්‍යයෙන් අඟල් 10 කට හෝ 12 කට වඩා නොවැඩෙන මෙම මත්ස්‍යාගේ විද්‍යාත්මක හඳුන්වන්නේ Neoclinus blanchardi ලෙස යි. ප්‍රමාණයෙන් කුඩා වුණත් සිරුරට සාපේක්ෂ ව ඉතාමත් ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂයක් වන මොවුන් තර්ජනයක් එල්ල වූ විටෙක හැකිතාක් පළල් ලෙස මුඛය විවර කර තමන් වෙතට එන අනෙකුත් විලෝපිකයන් ව ගිල දැමීමට උත්සාහ කරනවා. මෙය ඉතාමත් සාර්ථක ආරක්ෂක උපක්‍රමයක් බව යි සාගර විද්‍යාඥයින්ගේ අදහස වන්නේ.



Frilled Shark

ඇතැම් අවස්ථාවල දී ‘පණ ඇති ෆොසිලයක්’ ලෙස හඳුන්වන මෙම ආදි කල්පික මත්ස්‍යයා ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අඩුවෙන් ම පරිණාමනය වූ සත්ත්වයෙක් ලෙස සැලකෙනවා. Chlamydoselachus anguineus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් මිහිමත බිහි වී ඇත්තේ අදින් වසර මිලියන 80 කට පමණ පෙර යි.

සාමාන්‍යයෙන් අඩි 5,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන මෙම මසුන් ආඳෙකු මෙන් දිගින් යුතු වන අතර පේළි 25 ක් ලෙස පිහිටි තියුණු දත් 300 ක් පමණ ඔවුන් සතු වෙනවා. ඉතාමත් ගැඹුරු මුහුදේ ජීවත් වන නිසා මොවුන්ගේ සාමාන්‍ය චර්යාව පිළිබඳ ව තවමත් සාගර විද්‍යාඥයින් නිවැරදි තොරතුරු අනාවරණය කරගෙන නැහැ.

Deep-Sea Dragonfish

අඩි 6,000 ක් පමණ ගැඹුරු මුහුදේ දී හමු වන ආදි කල්පික පෙනුමක් ඇති තවත් මත්ස්‍ය විශේෂයක් ලෙස මොවුන් හැඳින්විය හැකි යි. ගැඹුරු මුහුදේ සිටින දරුණු විලෝපිකයෙකු වන මොවුන් සාමාන්‍යයෙන් අඟල් 6 ක පමණ දිගකින් යුක්ත වනවා.

මෙම මසුන්ගේ තිබෙන විශේෂත්වය වන්නේ රසායනික ක්‍රියාවලියක් හරහා සිරුරෙන් ආලෝකය නිපදවීමට හැකි වීම යි. 
මරියානා ආගාධය පතලේ වාසය කරන මත්ස්‍යයෙක්ට එය ඉතාමත් වැදගත් බව නම් නොරහසක්. මෙසේ නිපදවන ආලෝකය නිවි නිවී දැල්වීම මගින් කුඩා මසුන් ආකර්ෂණය කර ගෙන ඔවුන් ව ගොඳුරු කර ගැනීම මොවුන් විසින් සිදු කරනු ලබනවා.

Dumbo Octopus

ලෝකයේ මෙතෙක් හඳුනාගෙන ඇති බූවල්ලන් විශේෂ අතරින් මුහුද ගැඹුරේ ම ජීවත් වන බූවල්ලන් විශේෂයක් වන මොවුන් ව සොයා ගත හැක්කේ මරියානා ආගාධයේ අඩි 13,000 ක් පමණ ගැඹුරේ දී යි. ඩිස්නි කාටූන් හි එන Dumbo නම් අලි පැටියාට තරමක සමානකමක් දක්වන මොවුන් වර්ණවත් පැහැයන්ගෙන් යුක්ත වන අතර එය ආහාර සොයා ගැනීමේ උපක්‍රමයක් ලෙස ද භාවිතා කරනු ලබනවා.

මෙම බූවල්ලන්ගේ ග්‍රාහිකාවන් අනෙක් බූවල්ලන්ගේ මෙන් දිගු නොමැති අතර ඒ හේතුවෙන් අන් බූවල්ලන් මෙන් තම ආහාර කොටස්වලට කඩා ආහාරයට නොගෙන සම්පූර්ණයෙන් ම ගිල දැමීමට මොවුන් පුරුදු වී තිබෙනවා.

උපුටා ගැනීම: lowawatamy.blog

What do you think?

Written by Mic

වරදවා වටහා ගැනෙන රෝග 7ක්

ලංකාවේ මනරම් දිය ඇලි 6