වසර 32ක් පුරා තම දරුවා සොයා මුළු චීනය පුරාම ඇවිද ගිය මවකට, අවසානයේ තම පුතු වැළඳ ගැනීමට වාසනාව උදාවුනා.
1988 වසරේ චීනයේ ෂියාන් (Xi’an) නගරයේදී දෙහැවිරිදි වියේ පසුවූ මාඕ යින් (Mao Yin) සිය පියා සමඟ සිටියදී පැහැර ගැනීමට ලක්වුණා.
පියා තම කුඩා පුතුට ජලය ලබා දීම සඳහා මොහොතකට ඉවතට හැරුණු ඒ සුළු කාලය, ඔවුන්ගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කිරීමට සමත්වුණා.
පසුව හෙළි වූයේ මෙම දරුවා සිචුවාන් ප්‍රදේශයේ පවුලකට විකුණා දමා තිබූ බවයි. මාඕ යින් එහි හැදී වැඩුණේ තමන් පැහැරගත් දරුවෙකු බව නොදැන වෙනත් නමකින්.
තම දරුවා අහිමි වීමෙන් පසු ඔහුගේ මව වූ ලි ජින්ෂි (Li Jingzhi) සිය රැකියාව පවා අතහැර දමා දරුවා සෙවීම ආරම්භ කළා. දශක තුනකට අධික කාලයක් පුරා ඇය චීනයේ ප්‍රාන්ත 10කට වැඩි ප්‍රමාණයක සංචාරය කළා.
පත්‍රිකා මිලියනයකට වඩා බෙදා හැරියා. ජාතික රූපවාහිනී වැඩසටහන්වලට පවා සහභාගී වී තම දරුවා ගැන තොරතුරු විමසුවා.
ඇයගේ අරගලය තම දරුවා වෙනුවෙන් පමණක් සීමා නොවූ අතර, අතුරුදහන් වූ දරුවන් සොයා යන යන ජාලයන් සමඟ එක්ව තවත් දරුවන් 29 දෙනෙකු තම පවුල් සමඟ යළි එක් කිරීමට ද ඇය දායකවුණා.
2020 වසරේදී චීන පොලිසිය හඳුනාගැනීමේ තාක්ෂණය විසින් නවීන මුහුණු (Facial-recognition technology) භාවිත කරමින් සිචුවාන්හි වෙසෙන පුද්ගලයෙකුගේ මුහුණ පරීක්ෂා කරන ලදී. එහිදී මාඕ යින්ගේ ළමා වියේ ඡායාරූප සමඟ එය සැසඳුණු අතර, පසුව සිදුකළ DNA පරීක්ෂණයකින් තහවුරු වූයේ ඔහු ලි ජින්ෂිගේ අහිමි වූ පුතු බවයි.
2020 මැයි මාසයේදී වසර 32කට පසු තම පුතු යළි දුටු මොහොතේ ලි ජින්ෂි හැඟුම්බරව ප්‍රකාශ කළේ, “මෙය මගේ ජීවිතයේ මා ලැබූ වටිනාම තෑග්ග” බවයි. 34 හැවිරිදි වියේ පසුවූ මාඕ යින් හඬමින් තම මව වැළඳගත් එම දර්ශනය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ නෙතට කඳුළක් එක් කළා. ![]()
![]()
උපුටා ගැනීම :Dutu Nodutu Lokaya


