in

මානසික නිදහස තරම් මනුස්සයෙකුට වටින දෙයක් නෑ..

10th october world mental health day green concept poster in line style vector
ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දී, මානසික සෞඛ්‍යය ගැන කතා කිරීමට සහ මානසික සෞඛ්‍යය වැදගත් බව සැමට පෙන්වා දීමට අපි සැවොම එක් වෙමු. අපගේ මානසික සෞඛ්‍යය ගැන කතා කිරීම ජීවිතයේ උච්චාවචනයන්ට වඩා හොඳින් මුහුණ දීමට අපට උපකාරී වේ.
ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදා සමරනු ලබයි. ලෝක මානසික සෞඛ්‍ය සම්මේලනය විසින් සකස් කරන ලද මෙම වසරේ තේමාව රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යය යන්නයි. මිනිසුන්ගේ, සංවිධානවල සහ ප්‍රජාවන්ගේ ප්‍රයෝජනය සඳහා, රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම තේමාවෙන් ඉස්මතු කරයි.


අපි එකම අහසක් යට විවිධ කතා තියෙන මිනිස්සු..
ඒ හැම මනුස්සයෙකුටම අපිට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි ඒ කෙනාගේ “මානසික නිදහස”
ඇත්තටම මානසික නිදහස තරම් මනුස්සයෙකුට වටින දෙයක් නෑ..
දෙමව්පියන්ගෙන් දරුවන්ට,දරුවන්ගෙන් දෙමව්පියන්ට,සැමියගෙන් බිරිඳට,බිරිඳගෙන් සැමියට,යාලුවන්ගෙන් තවත් යාලුවෙකුට දෙන්න පුලුවන් හොඳම තෑග්ග තමයි “මානසික නිදහස”.
මිනිස්සු බොහෝ දෙනෙකුට තමන් නිසා වගේම අන් අය නිසාත් මානසික නිදහස නැතිවෙනවා.
වර්තමානයේ ළමා පරපුර මෙන්ම තරුණ පරපුරත් තම මානසික තත්ත්වය දරා ගත නොහැකි තැන සිය දිවි නසා ගැනිමට පෙළඹී තිබෙනවා.නමුත් දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් පුංචි හෝ කාලයක් වැය කළානම්, ඔවුන්ට ඇහුම්කන් දුන්නනම් මේ තත්ත්වය වෙනස් කරන්න පුලුවන්කම තියෙනවා.

මානසික නිදහස කියන දේ...
සෙනෙහෙබර ආමන්ත්‍රණයක,
ආදරණීය හිස අතගෑමක,
මෘදු ස්පර්ශයක වුවත් ගැබ් වෙලා තියෙන්න පුලුවන්.

ඉතිං,

හිමිවේවා....අහිමි නොවේවා....
මේ නිමල තෑග්ග හැමෝටම!
විශේෂයෙන්ම මානසික නිදහස ලබාදෙන සොඳුරු මිනිසුන් පමණක් ජිවිත කාලය පුරාවට හමු වේවා!

What do you think?

ලෝක තැපැල් දිනය අදයි….

කාන්තාවන් සඳහා හොඳම උදෑසන චර්යාවන්: ඔබේ දවසට මෘදු ආරම්භයක්