in

මිතුරියක්,දියණියක්,සහෝදරියක්,බිරිඳක්,මවක් මේ කුමන අවධියක සිටියත් ඇය කාන්තාවක්….

paper style happy women's day greeting design

ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතිහාසය

ජාත්‍යන්තර කාන්තා දිනයේ මූලධර්ම 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ආරම්භ විය.

  1. 1908 – ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර කම්කරු කාන්තා සංගම උද්ඝෝෂණයක් සිදු කළහ. ඔවුන් වැඩි වැටුප්, කෙටි වැඩ මුර සහ මත භාෂා අයිතියක් වෙනුවෙන් අරගල සිදු කළහ.
  2. 1910 – කොපෙන්හේගන් නුවරදී ජාත්‍යන්තර සමාජවාදී කාන්තා සම්මන්ත්‍රණයක් පැවැත්වීමේදී ජර්මානු නායක ක්ලාරා සෙට්කින් (Clara Zetkin) ජාත්‍යන්තර කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කරන බව යෝජනා කළාය.
  3. 1911 – ප්‍රථම ජාත්‍යන්තර කාන්තා දිනය ඔස්ට්‍රියාව, ඕස්ට්‍රියා-හන්ගේරියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය වැනි රටවලදී සැමරුණි.
  4. 1917 – රුසියාවේ කාන්තා විප්ලවය ජාත්‍යන්තර කාන්තා දිනයට දැඩි බලපෑම් ඇති කළ අතර, රුසියානු පාලනය මාර්තු 8 වැනිදා රාජ්‍ය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
  5. 1975 – එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රථම වරට නිල වශයෙන් පිළිගෙන, එය ලොවපුරා සැමරිය යුතු දිනයක් බව ප්‍රකාශ කළේය.

ලෝකය පවත්වාගෙන යන්න සංසාරයට ජීවය අල්ලලා ගැටගහගන්න පුළුවන් තරම් බලවන්තකමක් කාන්තාවකට තියෙනවා. ඇත්තටම ගත්තොත් කාන්තාවක් ළඟ තියෙන දරා ගැනීමේ හැකියාව ඉවසිලිවන්තකම සමාව දීමේ ගුණය , කරුණාවන්තකම විශාල ශක්තියක් බවට පත්වෙලා අභියෝගයන්ට පවා අභියෝග කරන්න පුළුවන් අසීමිත හැකියාවක් හැම කාන්තාවකටම තියෙනවා.

කාන්තාවකට නිදහසේ ජීවත්වෙන්න තරම් ආරක්‍ෂිත වටපිටාවක් සමාජයක් නැති රටක කාන්තාවක් වෙලා ජීවත් වෙන එක වාසනාවක් වෙන්නේ කොහොමද කියලා ඕනම කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්.ඉතින් මේ ගැටලුව වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව මානුෂීය කෝණයකින් බැලීම අනිවාර්ය වෙනවා. ඇයට හිමි සම තැන ද?නිසි තැනද?රිසි තැනද? තවමත් ප්‍රශ්නාර්ථයක්.

අද ජාත්‍යන්තර කාන්තා දිනය.. විශේෂයෙන් ආයෙත් ආයෙත් කාන්තාව ගැන කතා කරාවි. කාන්තාව මොන තරම් විචිත්‍රද ඒ විචිත්‍රත්වය ලෝකය මොන තරම් ආලෝකමත් කරනවද වර්ණවත්කරනවද , කාන්තාවන්ගේ ආදරය සෙනෙහස දිගින් දිගටම ජීවය පවත්වගන්නවද කියන දේ කාන්තාව වේවා පිරිමින් වේවා හොඳින් අවබෝධ කරගත යුතුයි. කාන්තාවකට බයක් සැකක් නැතුව සමාජයේ ජිවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනා වගේම කාන්තාවක් නැතිව පැවැත්මක් නොමැති බව කවුරුත් අවබෝධ කර ගැනීම වටී.

ලෝකයේ සෑම කාන්තාවකටම තමන්ගේ ස්ත්‍රීත්වයේ සුන්දරත්වය සෞන්දර්යාත්මකබව විඳගන්න ඉඩ ලැබෙන්න කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

What do you think?

ලෝක වනජීවී දිනය අදයි

මාසික ආදායමෙන් අතිරේක ඉතිරියක්!