in

මොකක්ද මේ ” සෙල්ෆ් ලව් ” කියන්නේ ….අද කතා කරමු ඒ ගැන …

කොහොම ද ඔයා ඔයාට ආදරේ කරන්නේ ..?
ඒකට ටිප්ස් කිහිපයක් අපි කියලා දෙන්නම්.

*ඔයා ඔයාව පිළිගන්න. ඔයා ඔයාව විවේචනය කරනවා වෙනුවට ඔයාව ආදරෙන් පිලිගන්න. ඔයා නිතරම ඔයාව ලස්සනට දකින්න .
*සෘණාත්මක සිතිවිලිවලට යන්න දෙන්න.හැමදෙයක් ගැනම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.

*’ Perfect ‘ වෙනවා වෙනුවට තමන්ට පුළුවන් විදියට සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක් වෙන්න.ඔයා ඔයාම වෙන්න.


*ඔයා ඔයත් එක්ක ගත කරන කාලය කොලිටි ටයිම් එකක් හදාගන්න.

-උදාහරණයක් : ඕපදූප හොයනවා වෙනුවට පොතක් කියවන්න.සිංදුවක් අහන්න.

*තමන්ට නරකක් නපුරක් වෙන තීරණ ගන්න එපා.ඒක ආත්මාර්ථකාමී කමක් කියලා හිතන්න එපා.

*ගතිගුණවලින් සහ පැවැත්මෙන් ටොක්සික් නොවන පුංචි සර්කල් එකක් හෝ හදාගන්න තමන්ගේ ආශ්‍රයට..

*තීරණ ගන්නා විට තමන් ගැන හිතන්න.තමන් වෙනුවෙන් ඕන වෙලාවක පෙනී ඉන්න කෙනෙක් වෙන්න.

*සෙල්ෆ් කෙයා ( Self Care ) ඒ කියන්නේ ඔයා ඔයාව ආදරෙන් බලාගන්න. ඔයාගේ පෙනුම , දැනුම , බාහිර දේ , සෞඛ්‍ය මේ වගේ දේවල් ගැන අවධානය දෙන්න.ගොඩක් ලස්සනට ඉන්න.

*ඔයාගේ මානසික සුවය ගැන හිතන්න. මානසික සුවය නැති කරන කිසිම දෙයක් ජීවිතේ තුළ පවත්වා ගන්න එපා !


*වෛර නොකර සමාව දී , හිනාවෙලා අත් අරින්න පුරුදු වෙන්න. ..අමතක කරන්න.


*තමන් වෙනුවෙන් යහපත් පුරුදු ඇතිකර ගන්න.


*තමන්ව වෙන කෙනෙක් අගය කරනකන් බලා නොසිට තමන්ම තමන්ව අගය කරන්න.

දැන් අපි තමන් තමන්ට ආදරය කිරීම තුළින් ඔයාට ලැබෙන ප්‍රයෝජන කිහිපයක් බලමු..

✔ තමන්ට තමන් ගැන විශ්වාසය වැඩි වීම.
✔ මානසික පීඩනය අවම වීම .
✔ සාර්ථකත්වය පහසුවෙන් ළගා වීම.
✔ ඉලක්ක ජය ගත හැකි වීම
✔දිනෙන් දින පෙනුම පවා ලස්සන වීම .
✔ අවංක ආදරණීය මිනිසුන් මුණ ගැසීම.
✔ ඔයාගේ වයිබ්‍රේෂන් එක ඉහළට යාම නිසා සාමකාමී, සාර්ථක ජීවිතයක් ගත කරන්නට ලැබීම.

තමන් තමන්ට ආදරය කරන මිනිස්සු කියන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු නොවේ.ඒක ආතමාර්ථකාමීත්වයක් කියලා මොන වෙලේකවත් හිතන්න එපා. එයාලා සතුට බෝ කරන , ආදරණීය අය. තවත් කෙනෙක් ගේ දියුණුවේ දි සතුටු වෙන , කිසිම කෙනෙක්ට හිරිහැර නොකරන මිනිස්සු !

ඉතිං ඔයත් ඔයාට ආදරේ කරන්න…
තවත් කෙනෙක් මත ජීවිතය රඳවන්නේ නැතුව ඔයා ඔයාට ආදරේ කරන්න පටන් ගන්න.තව කෙනෙක්ට ඔයාගේ සතුට තීරණය කරන්න ඉඩ තියන්න එපා.
එතකොට ප්‍රශ්න විසඳිලා , ලැබෙන්න පුළුවන් හොදම දේවල් ඔයාට ලැබෙනවා . ජීවිතේ සතුටින් , මානසික සුවයෙන් පිරෙනවා.මේ දේවල් කරලා බලන්න.ඔයාටම ලොකු වෙනසක් දැනෙන්න පටන් ගනී.

What do you think?

Written by Author

ගංවතුර තත්ත්වයත් සමඟ මතුවිය හැකි බෝවන රෝග පැතිරීමේ අවදානම