in

මොකක්ද මේ Depression කියන්නේ?

බහුතරයක් දෙනාට මේ depressive disorder(depression)එහෙම නැත්තම් විශාද තත්වය ගැන පූර්ණ අවබෝධයක් නැහැ. ඒ නිසාම එදිනෙදා ජිවිතයේ පුංචි පුංචි කාරණා වලදී පවා බොහෝ දෙනෙක් “අනේ මටනන් ඩිප්‍රෙශන් වගේ “කියන්න පුරුදු වෙලා සිටී. නමුත් සැබෑ තත්වය මීට හාත්පසින්ම වෙනස් වූවකි.Depressive disorder නිසා පීඩා විඳින පුද්ගලයෙකුට අවබෝධයක් නැහැ තමන්ට ඇති වෙලා තියෙන්නේ එවැනි තත්වයක් කියලා. බොහෝ අවස්ථාවල මේ මානසික තත්වය ඇති වූ කෙනෙක්ව පහසුවෙන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයාව ළඟින්ම ඇසුරු කරන තැනැත්තන්ට පමණයි.ඒ නිසා කෙනෙක් මටනම්  ඩිප්‍රෙශන් කියූ සැණින් එය විශ්වාස කිරීමට පෙළ‌ෙඹන්න එපා..

අනිත් කාරණය තමයි ඇතැම් පුද්ගලයින් ඕකත් ඩිප්‍රෙෂන් වෙන්න හේතුවක් දැයි ප්‍රශ්න නැගීම.නමුත් අපි තේරුම්ගත යුතු කාරණය තමයි අපි එක් එක් පුද්ගලයා එකිනෙකට වෙනස්.සිතුම් පැතුම් වල සිට  හැදුණු වැඩුණු ආකාරය, රුචි අරුචිකම්, සමාජ සබදතා,මේ කිසිවක් එකිනෙකාට සමානයි කියලා කිවනොහැකිය .ඒ නිසා යමෙක්  තවත් අයෙකුට depressive disorder ඇතිවුණු හේතුන් එකිනෙකා සමඟ විවේචනය කරන්නට, තවත් අයෙක් සමඟ සසදන්නට නොයන එක වඩාත් සුදුසුයි.පසුගිය කාලයේදි මේ කියන විශාද තත්වය නිසා බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් පවා සියදිවි හානි කරගත් පුවත් අසන්නට දකින්නට ලැබිණි. යමෙකුට මෙවැනි විශාද තත්වයක් ඇතිවීමෙහිලා  පෙම් සබදතා ආශ්‍රිත හේතූන් වගේම තවත් අයෙකුට විභාග නිසා,පවුල් ආරවුල් නිසා වගේ විවිධ හේතු නිසා මෙම රෝගය ඇති විය හැකිය. ‌ෙමම තත්ත්වය ලෝකයේ සෑම කාන්තාවන් හතර දෙනෙක්ගෙන් එක් අයෙකුට මෙන්ම පුරුෂයන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති මානසික තත්ත්වයකි.

අපි කිසිම දිනක නොහිතන පුංචි පුංචි සිදුවීම් තවත් කෙනෙකුට මහා පීඩනයක් සහිත දෙයක් විය හැකිය.එය එක් එක් පුද්ගලයාගේ දරාගැනීමේ හැකියාව, පෞර්ෂත්වය මත රඳා පවතී.කෙනෙකුට අනුව මෙම තත්ත්වය පෞර්ෂත්වයේ හීනමානයක් ලෙස දැකිය හැකිය. යම් පුද්ගලයකුගේ පීඩාකාරී ස්වභාවයන් depressive disorder ඇතිවෙන්න තරම් හේතුවක් නොවෙයි යනුවෙන්, එක් එක් හේතුන් විශ්ලේෂණය නොකොට,ඔබ‍ට හැකිනම් ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් ඒ දෙස බැලීමට කටයුතු කිරීම වඩා සුදුසු වේ.ඒ ප්‍රශ්නය අවබෝධ කරගෙන එවන්නෙකුට පිළිසරණක් වීමට වගබලා ගන්න. එය දිනක ඔහුගේ හෝ ඇයගේ වගේම ඔබේ මනසත් සුවපත් කරන්න්ට ඉවහල් වේවී.

එමෙන්ම  මුහුණු පොතේ, සියදිවි නසාගෙන  ජීවිතය නැති කරගත් පුද්ගලයන් පිළිබඳ ඔවුන්ගේම සමීපතමයන් ලියා තැබුණු සටහන් කිහිපයක මෙසේ සටහන් විය. “උබට අපිට කියන්න තිබුණනේ”, “ඇයි මටවත් නොකිව්වේ”, මෙවැනි කතා බොහොමයක් දකින්න ලැබේ.තවත් පුද්ගලයින් ඕනිම ප්‍රශ්නයක් තිබුනොත් ඒ පුද්ගලයට ඕනෑම වේලාවක කතා කරන්‍න‍ යනුවෙන් ද සඳහන් කර තිබෙනු දැක ගත හැකිය.ඇත්තටම එහෙම කියන්නට  තරම් මානූෂීය හිතක් පහළවෙන මනුස්සකම, කරුණාව අගය කළ යුතුය.නමුත් අවාසනාවට depressive disorder එකෙන් පීඩා විඳින කෙනෙක් ඍජුවම කතා කිරීමට පෙළ‌ඹෙන්නේ නැත.ඒ පුද්ගලයාගේ පුංචි පුංචි වෙනස්කම් වලින් ඔහු හෝ ඇය සිටින මානසික අවපීඩන තත්වය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ ඔහුගේ හෝ ඇයගේ සමීපතමයින්ට පමණි.

මෙහිදී බොහෝවිට ඇතිවෙන රෝග ලක්ෂණ (symptoms) කිහිපයක්ම තියනවා.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපගේ ඊළඟ ලිපිය සමඟින් සම්බන්ධ වන්න.

සැමට සුවබර දිවියක්…

What do you think?

ආදරය වචනයෙන් නැතුව ක්‍රියාවෙන් පෙන්නන මිනිස්සු…

𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐁𝐨𝐨𝐤 𝐅𝐚𝐢𝐫 – 𝟐𝟎𝟐𝟒