ලොව පුරා ඇති අද්භූත සහ පුරාවිද්‍යාත්මක ස්ථාන අතර, පාස්කු දූපතේ (Easter Island) ඇති මෝයි (Moai) ප්‍රතිමා වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මෙම දැවැන්ත ප්‍රතිමා නිර්මාණය කළේ කවුරුන්ද, කෙසේ ඒවා ප්‍රවාහනය කළේද යන්න අදටත් විද්‍යාඥයින් සහ ඉතිහාසඥයින් අතර විශාල අභිරහසක්ව පවතී.
මෝයි ප්‍රතිමා යනු කුමක්ද?
මෝයි ප්‍රතිමා යනු ගිනිකඳු පාෂාණ වලින් තැනූ දැවැන්ත මිනිස් රූප සහිත ප්‍රතිමා වේ. මේවා චිලී රාජ්‍යයට අයත්, නැගෙනහිර පැසිෆික් සාගරයේ පිහිටි පාස්කු දූපතේ (Rapa Nui) දකින්නට ලැබේ. අද වන විට දූපත පුරා විවිධ ප්‍රමාණවලින් යුත් මෝයි ප්‍රතිමා 1000කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇත.
මෙම ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ වසර 1250 සිට 1500 දක්වා කාලය තුළ, දූපතේ මුල් වැසියන් වූ රාප නුයි (Rapa Nui) ජනතාව විසිනි. ප්‍රතිමා තැනීම සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් දූපතේ ඇති Rano Raraku නම් ගිනි කන්දෙන් ලැබෙන විශේෂිත පාෂාණ වර්ගයක් යොදාගෙන තිබෙනවා.


ප්‍රතිමා වල අරමුණ සහ නිර්මාණය
ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ මෝයි ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ ගෝත්‍රික නායකයින්, වැදගත් මුතුන් මිත්තන් හෝ ප්‍රජා නායකයින් සිහිපත් කිරීමට බවයි. ඔවුන් විශ්වාස කළේ මෙම ප්‍රතිමා වලට අද්භූත ශක්තියක් ඇති බවත්, එමගින් ඔවුන්ගේ ගෝත්‍ර ආරක්ෂා කරන බවත්ය.
මෙම ප්‍රතිමා බොහොමයක් මීටර 4ක් (අඩි 13ක්) පමණ උස වන අතර, සමහර ප්‍රතිමා මීටර 10ක් (අඩි 33ක්) පමණ උසයි. මේවා ටොන් 75ක් තරම් බරයි. ඒවායේ විශාල හිසක් සහ දිගටි මුහුණක් දැකිය හැකිය. සමහර ප්‍රතිමා වලට රතු පැහැති ගල් වලින් තැනූ තොප්පි (pukao) ද පළඳවා තිබෙනවා.
අභිරහස් ප්‍රවාහන ක්‍රමය
වඩාත්ම අභිරහස් කාරණය වන්නේ, දූපතේ එක් ස්ථානයක නිර්මාණය කරන ලද මෙම දැවැන්ත ප්‍රතිමා, දූපත පුරා විසිරී ඇති ස්ථාන කරා ප්‍රවාහනය කළේ කෙසේද යන්නයි. විද්‍යාඥයින් විවිධ මත ඉදිරිපත් කර ඇත. සමහරක් විශ්වාස කරන්නේ ඒවා ලී රෝලර් මත තබා ප්‍රවාහනය කරන්නට ඇති බවයි. තවත් සමහරෙක් පවසන්නේ, ඒවා කඹ ආධාරයෙන් කෙළින් සිටුවාගෙන, මිනිස් බලය යොදාගෙන “ඇවිදවාගෙන” ගියා විය හැකි බවයි. මෙම අභිරහස අදටත් නොවිසඳුණු ගැටලුවක් ලෙස පවතියි.
මෙවැනි තවත් අද්භූත සහ විශ්මිත කරුණු දැන ගැනීමට, අපගේ Facebook පිටුවට Like කරලා තියාගන්න.
මෙම ලිපියේ තොරතුරු සඳහා Wikipedia, National Geographic සහ Easter Island Foundation වැනි වෙබ් අඩවි මූලාශ්‍ර ලෙස යොදා ගන්නා ලදී.
උපුටා ගැනීම : Nomad Diaries – SL ෆේස්බුක් පිටුව


