in

රැවටෙන්නේ නැතුව Face cream තෝරා ගන්න හැටි

වෙළඳපොලේ  Face cream වර්ග දහස් ගණනක් දැක ගන්න පුළුවන්. මේවා මිලදී ගැනීමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි. ලස්සන දවටන, විවිධ පොරොන්දු ලබා දෙන Face cream tube ඇතුලත ඇත්තේ ඔබේ සමට අහිතකර නිෂ්පාදනයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් දවටනයේ මේ වචන සහ පොරොන්දු සඳහන් වුනු පමණින් රැවටෙන්න යන්න එපා.

ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන බව 

ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන බව සහතික කරන ආලේපන මිලදී ගැනීමට බොහෝ දෙනෙක් පෙලඹෙනවා. නමුත් සමට හිතකර නිෂ්පාදනයකින් ක්ෂණික ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. සමට හිතකර ආලේපනයක් සමෙහි ගැටලු සුව කරන්නෙත්, ඊට පැහැපත් සහ දීප්තිමත් පෙනුමක් ලබා දෙන්නේත් ක්‍රම ක්‍රමයෙනි. එමෙන්ම සම  ක්ෂණිකව පැහැපත් කරන බව පොරොන්දු වන ඇතැම් ආලේපන වර්ග වල බ්ලීචීන් වැනි සමට අහිතකර බොහෝ අමුද්‍රව්‍ය අඩංගු වේ. 

Botanical 

මෙම ප්‍රකාශයෙන් අදහස්වන්නේ රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනය කිරීමේදී යොදාගෙන ඇති අමුද්‍රව්‍ය වලින් එකක් හෝ කීපයක් ශාකයකින් ලබාගෙන ඇති බවයි. මෙය ශාකසාර නිෂ්පාදනයක් බව විශ්වාස කරන බොහෝ දෙනෙක් මෙය මිලදී ගැනීමට පෙලඹෙනවා. කෙසේ වෙතත් මෙම ආලේපන වල ස්වභාවික අමුද්‍රව්‍ය කල් තබා ගැනීමට යොදා ගන්නා කෘතිම දේද අඩංගු වෙනවා.

පේටන්ට් බලපත්‍රය ලබා ඇති බව

පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති බව සඳහන් කිරීමෙන් අදහස් කිරීමට අපේක්ෂා කරන්නේ සෙසු ආලේපන වලට සාපේක්ෂව ඔවුන්ගේ නිෂ්පාදනය අද්විතීය නිෂ්පාදනයක් බවය. නමුත් එයින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන බව සහතික කළ නොහැක.

සමට ස්ථාවර පෙනුමක් ලබා දෙන බව

මේ ලෙස යම් ආලේපනයක දවටනයේ සඳහන් වේ නම්  එයින් අදහස් වන්නේ සමේ ස්ථාවර බව රැක දෙමින්, වයස්ගත ලක්ෂණ පාලනය කරන බවය. වයස්ගතවීමත් සමෙහි එල්ලා වැටීම් ඇති වන අතර සමේ ස්ථාවර බව අඩු වෙයි. සාමාන්‍ය රූපලාවණ්‍ය ආලේපනයකින් සම ස්ථාවර කිරීම සිදු කළ නොහැකි වන අතර, බොහෝ විට නිෂ්පාදකයන් මෙම වචනය භාවිතා කරන්නේ පාරිභෝගිකයන් අද්දවා ගැනීමේ අපේක්ෂාවෙන් පමණි.

FDA අනුමැතිය 

FDA අනුමැතිය යනු ප්‍රතිඵලය සහතික කරන සහතිකපතක් නොවේ. ඔවුන් අනුමැතිය ලබා දීම මඟින් පවසන්නේ එය සමට අනාරක්ෂිත නොවන බව පමණයි.

සෑම සමකටම ගැළපෙන බව 

ඔවුන් මෙයින් අපේක්ෂා කරන්නේ සියලු දෙනාම තම ආලේපනය තෝරා ගැනීමයි. නමුත් තමන්ගේ සමේ ස්වභාවයට ගැළපෙන ආලේපනයක් මිලදී ගැනීම මීට වඩා ආරක්ෂිතය.

සාරය උපරිමයෙන් ලබා දී ඇති බව

යම්කිසි අමුද්‍රව්‍යයක නම සඳහන් කරමින් එහි සාරය උපරිමව ආලේපනයට අඩංගු කර ඇති බව පැවැසීමෙන් අදහස් කරන්නේ අමුද්‍රව්‍යයේ ඉහළ සාන්ද්‍රණයක් මෙම නිෂ්පාදනයට ඇතුළත් කර ඇති බවය. නමුත් මෙහිදී පාරිභෝගිකයන් එය තේරුම් ගන්නේ ආලේපනය වැඩි කාර්යක්ෂමතාවයක් ලබා දෙන බවය. මෙය නොමඟ යවන සුළු ප්‍රකාශයකි.

ප්‍රති-වයස්ගත

සමේ ඇති වී තිබෙන වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කරන බව බොහෝ රූපලාවණ්‍ය ආලේපන පොරොන්දු වෙනවා. මෙය ජනප්‍රිය යෙදුමක්. කෙසේ වෙතත් මෙම ආලේපන වලින් සිදු කරන්නේ සමට තෙතමනය ලබා දීම සහ සමේ ඇති වී තිබෙන සියුම් රේඛා වල පෙනුම තාවකාලිකව අඩු කිරීම පමණයි. සමේ ඇති වී තිබෙන රැලි සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මෙම ආලේපන වලට නොහැකියි.

උපුටා ගැනීම :wellnessexpert

What do you think?

Written by Mic

වින්සන්ට් වැන්ගෝ

දවසින් දවස අවුරුදු සමරන බිත්තර හැඩයේ ග්‍රහලෝකය