in

ලස්සන පිටුපස මාරක විෂක්

“සොබාදහමේ තියෙන සමහර දේවල් දකින්න හරිම ලස්සනයි. හැබැයි ඒ ලස්සන පිටුපස මාරක විෂක් හැංගිලා තියෙනවා කිව්වොත්?එක ස්පර්ශයකින් විනාඩි කිහිපයක් ඇතුළත මිනිසෙකු මරා දැමිය හැකි ලොව දරුණුම විෂ සහිත සතුන් 5 දෙනෙක් ගැන.”

⛔​Box Jellyfish (බොක්ස් ජෙලිෆිෂ්):

​මුහුදේ ඉන්න ලස්සනම සතෙක් වුණාට, මෙයා ලෝකයේ ඉන්න විසම සත්වයා විදියට සැලකෙනවා. මෙයාගේ විෂ සිරුරට ඇතුළු වුණොත් විනාඩි 2ක් ඇතුළත හදවත නතර වෙන්න පුළුවන්.

⛔​Golden Poison Dart Frog (රන්වන් විෂ ඊතල මැඩියා):

​අඟල් දෙකක් විතර කුඩා, දීප්තිමත් කහ පාට මේ මැඩියා හරිම ලස්සනයි. හැබැයි මෙයාගේ සිරුරේ තියෙන විෂ ප්‍රමාණය මිනිස්සු 10 දෙනෙක් මරන්න වුණත් ප්‍රමාණවත්.

⛔​Blue-Ringed Octopus (නිල් වළලු බූවල්ලා):

​ගොල්ෆ් බෝලයක් තරම් කුඩා මේ බූවල්ලාගේ ඇඟේ නිල් පාට වළලු තියෙනවා. මෙයා දෂ්ට කළොත් ඒකට අද වනතුරු ලෝකයේ කිසිම ප්‍රති-විෂක් (Antivenom) සොයාගෙන නැහැ.

⛔​Inland Taipan (ඉන්ලන්ඩ් ටයිපාන්):

​ලෝකයේ විසම සර්පයා. එක දෂ්ට කිරීමකදී පිටවන විෂ ප්‍රමාණයෙන් වැඩිහිටි මිනිසුන් 100 දෙනෙක් මරා දමන්න පුළුවන්.

⛔​Cone Snail (කෝන් බෙල්ලන්):

​වෙරළේ ඉන්න හරිම ලස්සන බෙල්ලෙක් වුණාට, මූ පාවිච්චි කරන්නේ විස පිරුණු “හෙල්ලක්” වැනි දළක්. මේ විසට කියන්නේ ‘Cigarette snail’ කියලා. මොකද මේ බෙල්ලා විද්දට පස්සේ ඔබට සිගරට් එකක් බොන්න තරම්වත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැති නිසා.

උපුටා ගැනීම : Nature Pulse SL

What do you think?

Written by Mic

මිල අධිකම කලාගාරයක් සහිත හෝටල් කාමරය

තරුණියකගේ ධෛර්යය