in

ලේසියෙන්ම බටර් කේක් එකක් හදාගමු.

අවශ්‍ය ද්‍රව්‍ය-

බටර් කේක්

සීනි 250g

බිත්තර 4

සොෆ්ට් බටර් 250g(අයිස් රහිත)

පිටි 250g

වැනිලා එසන්ස්

බෙිකින් පවුඩර් තේ හැදි එකක් .

දියර කිරි මෙිස හැදි 2

සාදන ක්‍රමය

සීනි සහ බිත්තර එකට දමා හොදින් කලවම් කරන්න.(,hand whisk)සොෆ්ට් බටර් එකට බිත්තර සීනි ටික ටික දාලා කලවම් කරන්න .පිටි,බෙිකින් පවුඩර් සහ වැනිලා එසන්ස් දාලා අතින් කලවම් කරන්න .එච්චරයි . ගොඩාක් වෙලා බීටි කරන්න ඔින නෑ හරිම ලේසියි .කේක් එක හොදටම සොෆ්ට් එකට එනවා .ගොඩාක් රසයි කැමති නමි උඩින් අයිසින් පවුඩර් ටිකක් ඉහින්න.එතකොට තවත් රසයි .බටර් cream මැදට ගා ගන්නත් පුළුවන් ,බටර් අයිසින් ගාන්නත් පුළුවන් (තමන්ගේ කැමැත්තට ) 180c අවන් එක pre heat කරල තියන්න.

160c විනාඩි 45ක් බෙික් කරන්න

කේක් එක අවන් එකට දාලා විනාඩි විස්සක් විතර යනකල් අවන් එක අරින්න එපා …

❤️බටර් අයිසින්

අයිසින් පවුඩර් 250

බටර් 125

වැනිලා එසන්ස්

කිරි මෙිස හැදි දෙකක්

අයිසින් පවුඩර් හා බටර් දමා හොදට බීටි කරන්න අන්තිමට වැනිලා එසන්ස් ,කිරි දමා කලවම් කරන්න

❤️බටර් cream

බටර් 200g

අයිසින් පවුඩර් 200g

වැනිලා එසන්ස්

සියලු දේ එකට දමා හොදට විනාඩි 10ක් විතර කලවම් කරන්න

❤️වැනිලා සෝස්.

දියර කිරි 200මිලි

සීනි 60g

බිත්තර කහමද 1

,වැනිලා එසන්ස්

කිරි සහ සීනි දාලා බොයිල් කරන්න .බිත්තර කහමද වැනිලා කිරි වලට ද⁣මා.අඩු ගිනිදරේ ටිකක් කුක් කරන්න .නිවෙන්න තියන්න.

ඔන්න මේ විදියට හරිම ලේසියෙන් අපිට ගෙදරදීම රසවත් කේක එකක් හදාගන්න පුලුවන්.එහෙනම් ඔයාලත 2025 අලුත් අවුරුද්දට Try කරලා බලන්න.

What do you think?

2025 ට පණිවිඩයක්…