- පීනන්න බැරි මාලු
- ආනමලු
- කකුල් හතරක් ඇත.එහෙත් ගමනක් නැත.
- පුටුව
- අනුන් පාවිච්චි කරන තමන්ට අයිති දෙයක්
- නම
- මල්ලක දාගෙන යා හැකි රට
- බුරුමය
- පියා සලයි.ඉහළ නොයයි.දුක හිතුනොත් මෙයා අඩයි.
- ඇස
- ලේ කිව්වට රතුත් නැතේ.නා කිව්වට දළුත් නැතේ.
- ලේනා
- උඩිනුත් ගින්දර.යටිනුත් ගින්දර.මැද්දේ සවුන්දර.කන්නේ පාන්දර
- ආප්ප
- කොණ්ඩේ තියෙන මිනිහා ළඟත්,කොණ්ඩේ නැති මිනිහා ළඟත් තිබිය යුතු පනාව
- කල්පනාව
- කටු නැති කැලේ ඇට නැති සතා
- උකුණා
- ගියොත් ආයෙත් නොයෙයි.
- වයස
- පළතුරකි.ලෙඩක නමකි.අකුරු තුනකි.
- පැපොල
- නෙත් දොළහයි මුහුණ වටයි.අත් දෙකකුත් මුහුණෙ නටයි.
- ඔරලෝසුව
- කෑවොත් පළතුරක්.කැපුවොත් අනතුරක්.
- බෙලි
- අතු අඟ පිපෙන ලිය
- අරලිය
- මල් සුවඳයි ගෙඩි තිත්තයි.නොතේරුවොත් ටොකු විස්සයි.
- කරවිල
- ටොකු ඇන ඇන නාවනවා.
- කොණ්ඩ කැවුම්
- කපන්න කපන්න දික්වෙනවා.
- කාණුව
- බුදු අම්බෝ බඩ දනවෝ.පාවඩ පිට මම යනවෝ.
- ස්ත්රික්කය
- දියේ වැලයි.වැලේ මලයි.
- කුප්පි ලාම්පුව
- පොල්තෙල් හැර කෑමක් නැත – දත් ඇති මුත් කටක් ද නැත…පන්සලට නම් යන්නෙම නැත- ගෙදර නම් වරදින්නෙම නැත
- පනාව