in

ලෝකය පුරා අමුතු නීතී..

01. අයෝවාවල රැවුලක් ඇති පිරිමින්ට කාන්තාවන් සිපගත නොහැකියි

ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවාහි උඩු රැවුලක් සහිත පුද්ගලයින්ට පොදු ස්ථානවල කාන්තාවක් සිඹීම නීති විරෝධී යි. මේ නිසා තමන්ගේ ආදරණීයයා සිපගන්නට කැමති නම්, උඩු රැවුල කපා හෝ නිවස තුළ දී එය කළ යුතු යි. එසේ නොවුනහොත්, නීතියක් උල්ලංඝනය කිරීම සහ අපරාධකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේ සූදානමින් සිටිය යුතු වෙනවා.

02. සැමෝවාහි සැමියන්ට බිරිඳගේ උපන් දිනය අමතක කිරීම නීති විරෝධීය

සැමෝවාහි බිරිඳගේ උපන්දිනය අමතක කිරීම අපරාධ වරදකි. එහෙත් මෙම නීතියේ දඬුවම කොතරම් එකක් වේද යන්න අපැහැදිලි ය. බිරිඳ ගැන අවධානයක් නැති පිරිමින් සම්බන්ධයෙන් මෙම නීතිය වැදගත් වෙනවා.

03. උතුරු කොරියාවේ ඩෙනිම් ඇඳීම තහනම්

බටහිර සම්ප්‍රදාය මත පදනම් වූ විලාසිතා උතුරු කොරියාවේ ව්‍යාප්ත වීම නිසා ඒ පිළිබඳ සීමා පැනවීමක් ලෙස මෙම ඩෙනිම් තහනම හැඳින්විය හැකියි. කෙසේ වෙතත් ඩෙනිම් මත තහනම මූලික වශයෙන් කේන්ද්‍රගත වී තිබෙන්නේ චීනයට සමීප ප්‍රදේශ වන උතුරු හැම්ජොන්ග් සහ යාන්ග්ගෑන්ග් ප්‍රාන්තවල ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත පක්ෂපාතී වූ නැගී එන තරුණයින් සමූහයක් විසින් සාමාන්‍ය වැසියන්ගේ ඇඳුම් පිළිබඳව සොයා බලනු ලබනවා.

2008 දී මේ රට අවුරුදු 40ත් 74ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින්ගේ ඉන සෙ.මී. 86ක් සහ එම වයස් කාණ්ඩයේම ගැහැණුන්ගේ ඉන සෙ.මී. 90කට වඩා වැඩි නොවිය යුතු බවට නීතියෙන් නියම කර තිබෙනවා. මෙවැනි නීතියක් පනවන්න හේතු වෙලා තියෙන්නෙ ජපානය තරබාරුකම හා ඒ ආශ්‍රිත රෝගවලට එරෙහිව සටන් කරන රටක් වීම නිසයි. 2015 දී මෙම නීතිරීති අනුගමනය නොකළ අය සඳහා දඩ නියම කරනු ලැබුවා.

04. වේල්සයේ සැමන් තහනම

එංගලන්තයේ සහ වේල්සයේ 1986 අංක 32 දරණ සැමන් නියාමන පනතේ අංක 32 දරන වගන්තියෙන් සැමන් මාළු ළඟ තබා ගැනීම වරදකි. අනවසරයෙන් සැමන් මසුන් ලබාගෙන හෝ අල්ලා ඇති බව විශ්වාස කරන හෝ සාධාරණ ලෙස විශ්වාස කළ හැකි තත්ත්වයන් යටතේ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත. සැමන් මාළු ඇල්ලීම එරට නීති විරෝධී වීම ඊට හේතුව යි. මේ සඳහා උපරිම දඬුවම වසර දෙකකි.

What do you think?

ලෝකෙ ඉස්තරම්ම පානය ලංකාවේ…

විවාහ ඝාතකයන් හඳුනාගමු..