in

වතුර පිරිසිදු කරන හරිම ක්‍රමය මෙන්න……

කොහෙත්ම ලක්ෂ ගණන් දීලා ෆිල්ටර් ඕන නෑ! ගෙදරදීම වතුර පිරිසිඳු කරගන්න සරල ක්රම 5ක් මෙන්න.

දැන් තියෙන ආර්ථිකේ හැටියට වතුර ෆිල්ටර් (Water Filter) එකක් ගන්නවා තියා, බොන වතුර බෝතලයක් ගන්න එකත් හිතන්න වෙන වැඩක් නේද? හැබැයි පරිස්සම් වෙන්න, වතුර පිරිසිඳුයි කියලා පෙනුනට ඒක ඇතුලේ ලෙඩ හදන විෂබීජ තියෙන්න පුළුවන්.

ගංවතුරක් ආවම, එහෙම නැත්නම් පයිප්ප කැඩුණම එන මඩ වතුර ටික බීලා ලෙඩ වෙනවද? නැත්නම් සතයක්වත් වියදම් නොකර ගෙදරදීම වතුර ටික ෆිල්ටර් කරගන්නවද?

.

මෙන්න කාටත් කරන්න පුළුවන්, විද්යාත්මකව ඔප්පු කරපු ක්රම 7ක්! .

1. නටනකම් රත් කිරීම (Boiling) – හොඳම ක්රමය

මෙය තමයි ලෝකයේ පිළිගත් ආරක්ෂිතම ක්රමය. හැබැයි “බුබුළු දැම්ම ගමන්” ලිප ඕෆ් කරන්න එපා!

නිවැරදි ක්රමය: වතුර එක හොඳට නටන්න පටන් ගත්තම (Rolling boil), තව විනාඩි 1ක් – 3ක් දිගටම නටවන්න.

මේකෙන් බැක්ටීරියා, වෛරස්, පරපෝෂිතයන් ඔක්කොම විනාශ වෙනවා.

2. මුරුංගා ඇට මැජික් එක (Moringa Seeds)

අපේ රටේ හැම තැනම තියෙන මුරුංගා ඇට කියන්නේ පුදුම දෙයක්.

නිවැරදි ක්රමය: හොඳට වේළුණු මුරුංගා ඇට කුඩු කරලා වතුරට දාන්න. මේකෙන් වතුරේ තියෙන මඩ සහ බැක්ටීරියා 90-99% ක් විතර අඩියට බැහැලා වතුර පිරිසිඳු වෙනවා.

වතුර ලීටර් එකකට ඇට 2ක විතර කුඩු ප්රමාණවත්.

3. පිරිසිඳු රෙදි කැබැල්ලක් (Cloth Filtration)

වතුර ගොඩක් මඩ පාට නම්, මුලින්ම කරන්න ඕන දේ මේකයි.

නිවැරදි ක්රමය: පිරිසිඳු කපු රෙදි කෑල්ලක් (සුදු පාට නම් වඩා හොඳයි) හතරට නැවලා වතුර ටික පෙරාගන්න.

අවවාදයයි: මේකෙන් කුණු, කෘමීන් අයින් වුනාට විෂබීජ මැරෙන්නේ නෑ. ඒ නිසා පෙරාගෙන අනිවාර්යයෙන් නටවා ගන්න.

4. පඩිකාර කැට (Alum)

අපේ පැරැන්නෝ ළිං වතුර පිරිසිඳු කරපු විදිය.

නිවැරදි ක්රමය: පඩිකාර කැටයක් වතුර එකේ ටික වෙලාවක් කරකවන්න. විනාඩි 20කින් විතර මඩ ඔක්කොම අඩියට බහිනවා.

ඊටපස්සේ උඩ තියෙන පිරිසිඳු වතුර ටික හිමින් වෙන භාජනයකට ගන්න.

5. අඟුරු (Charcoal)

වතුරේ ක්ලෝරීන් රහ හෝ වෙනත් අමුතු රහක් එනවද?

නිවැරදි ක්රමය: ස්වභාවික ලී අඟුරු (ගෑස්/රසායනික නැති) පොඩි කරලා රෙදි පොට්ටනියක බැඳලා වතුර එකට දාන්න.

අඟුරු වලට පුළුවන් වතුරේ තියෙන විෂ සහ දුඟඳ උරාගන්න.

මතක තියාගන්න: වතුර දැක්කම පිරිසිඳුයි කියලා හිතලා බොන්න එපා. පොඩි ළමයි, වයසක අය ඉන්න ගෙදරක නම් අනිවාර්යයෙන්ම වතුර නටවා නිවා ගැනීම (Boiling) තමයි හොඳම දේ!

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ……

_______________________________________

අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.

උපුටා ගැනීම : Need TV

What do you think?

Written by Mic

හෘදයාබාධ සහ ආඝාතයෙන් මිදීමට නම්…..

ලෝකයේ ඉතා ජනප්‍රිය ”පලතුරු ඩයට්”….