in

වතුර යට ජීවත් වන ලොව එකම මකුළුවා

මකුළුවන් කිව්වම අපිට මතක් වෙන්නේ ගස්වල හරි බිත්තිවල හරි දැල් හදන සත්තු පිරිසක්. හැබැයි මුළු ජීවිත කාලයම වතුර යට ගත කරන අපූරු මකුළුවෙක් ඉන්නවා කියලා ඔබ දැන සිටියාද? “ඩයිවින් බෙල්” (Diving Bell Spider) නමින් හඳුන්වන මේ මකුළුවා තමයි ලෝකයේ වතුර යට ජීවත් වන එකම මකුළු විශේෂය.

වතුර යට හුස්ම ගන්න මේ මකුළුවා පාවිච්චි කරන්නේ හරිම අපූරු උපක්‍රමයක්. මුලින්ම මේ මකුළුවා වතුර යට තියෙන පැළෑටි අතර සිල්ක් නූල්වලින් කුඩා ගෝලාකාර දැලක් හදනවා. පස්සේ වතුර මතුපිටට ගිහින් තමන්ගේ ඇඟේ තියෙන පුංචි රෝමවලින් වායු බුබුළු අල්ලගෙන ඇවිත් මේ දැල ඇතුළට මුදා හරිනවා. ටික වෙලාවකින් මේ දැල ඇතුළේ ලස්සන “ඔක්සිජන් ටැංකියක්” නිර්මාණය වෙනවා.

මේ වායු බුබුළ ඇතුළේ ඉඳන් තමයි මේ මකුළුවා කෑම කන්නේ, නිදාගන්නේ වගේම පැටවුන් බලාගන්නේ. දඩයම් කරන වෙලාවට විතරක් එළියට ඇවිත් කුඩා මාළුන් සහ කෘමීන් අල්ලා ගන්නවා. රිදී පාට බුබුළක් ඇතුළේ ජීවත් වන මේ පුංචි ඉංජිනේරුවා සොබාදහමේ තියෙන තවත් එක හාස්කමක් කිව්වොත් නිවැරදියි.

උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්

What do you think?

Written by Mic

සූර්ය කෝෂ වලින් වැඩ කරන… මුහුදේ ඉන්න පුංචි “කොළ බැටළුවා”!