ලයිම් රෝගය (Lyme disease)
මෙම තත්වය ඇති වන්නේ Borrelia burgdorferi බැක්ටීරියාව ආසාදනය වූ කිනිතුල්ලන් දෂ්ඨ කිරීම නිසාය. මෙහි රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, තෙහෙට්ටුව, සමේ කැසීම වැනි ඒවාය. මෙම රෝගය බොහෝ විට හඳුනා ගැනෙන්නේ සාමාන්‍ය උණ රෝගයක් ලෙසය. මෙම රෝග ලක්ෂණ තාවකාලිකව අතුරුදහන් වන අතර රුධිර පරීක්ෂණයකින් හෙළි කර ගැනීම අපහසුය. නිතර නිතර මෙම රෝගය වැළදීම නිසා සිරුර දුර්වල වේ. වෛද්‍යවරයෙකු හමු වී රෝගය නිසියාකාරව හඳුනාගෙන ප්‍රතිජීවක ලබා ගැනීමෙන් රෝගය සමනය කරගත හැකිය.
ඩිම්බකෝෂ පිළිකා
ඩිම්බකෝෂ පිලිකාවේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතා අපහසුය. එයට හේතුව වන්නේ එම රෝග ලක්ෂණ අපැහැදිලි වීමත්, මුල් සමයේදී නොපෙන්වීමත්ය. ඩිම්බ කෝෂ පිලිකාවේ පොදු රෝග ලක්ෂණයක් වන්නේ නිතර බඩ පිපීමය. මෙය සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුනා ගැනෙන අතර බොහෝ දෙනෙක් නොසලකා හරියි.
ලූපස්
මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරේ පටක සහ අවයව වලට පහරදීමක් සිදු කරන තත්ත්වයකි. මෙහි රෝග ලක්ෂණ වන්නේ උණ, තෙහෙට්ටුව, සමේ ආසාදන, හුස්ම හිර වීම, ඇස් වියළි වීම වැනි දෑය. ඇතැම් විට රුධිර පරීක්ෂණයක් සිදු කළද රෝගය හඳුනා ගැනීම අපහසු වේ. ඇතැම් විට මෙය ආතරයිටිස් රෝගය ලෙස වරදවා වටහා ගැනේ.
Fibromyalgia
මෙය වේදනාවන් දැනෙන සංවේදනය වැඩි කරන තත්වයකි. මෙය නින්ද අඩු වීම, තෙහෙට්ටුව වැඩි වීම, මතකය ආශ්‍රිත ගැටලු ඇති වීම සහ මාංශ පේශී වල වේදනාවක් ඇතිවන ආබාධයකි. කෙසේ වෙතත් මෙම රෝගයේ රෝග ලක්ෂණ ඉතා අපැහැදිලිය. එය තෙහෙට්ටුව, උණ ලෙස බොහෝ දෙනා වටහා වරදවා වටහා ගනියි.
Hypothyroidism
තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණවත් තරම් තයිරොයිඩ් හෝමෝන නිපදවන්නේ නැති විට ඇති වන තත්ත්වයකි. මෙය ඔබගේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කරයි. එහිදී දැඩි වෙහෙසක් දැනීම, සිරුරේ බර වැඩි වීම, සීතල සහ උෂ්ණත්වය දරාගත නොහැකි වීම, සම වියළි වීම, හිසකෙස් සිහින් වීම, මලබද්ධය වැනි ලක්ෂණ මතු වේ. බොහෝ දෙනෙක් මෙම තත්ත්වය නොසලකා හරින අතර වෛද්‍යවරයෙකු හමුවීමට යෑමට උත්සාහ නොකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස කාලයත් සමඟ මෙම රෝග ලක්ෂණ නරක අතට හැරේ.
Hemochromatosis
මෙහිදී සිදු වන්නේ සිරුර තුල අනවශ්‍ය ආකාරයෙන් යකඩ එකතු වීමයි. අක්මාව, හදවත, අග්න්‍යාශය, අන්තරාසර්ග ග්‍රන්ථි සහ සන්ධි ඇතුළු ශරීරයේ බොහෝ කොටස් වලට හානි කරන්න මේ තත්වය හේතු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තෙහෙට්ටුව සහ දුර්වලතාවය හට ගන්නා අතර සන්ධි වේදනාව, උදරාබාධ, මානසික අවපීඩනය, අක්මා රෝග, හෘදයාබාධ සහ දියවැඩියාව වැනි රෝගද හට ගනී. මෙම තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට නම් යකඩ මට්ටම පරීක්ෂා කර ගත යුතුය. බොහෝ දෙනෙක් මෙය හඳුනාගන්නේ සාමාන්‍ය තෙහෙට්ටුවක් ලෙසය. නමුත් රෝගය නිසියාකාරව හඳුනාගෙන මසකට වරක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකිය.
Chlamydia
පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම වැළඳෙන පොදු ලිංගාශ්‍රිත රෝගයකි. එය කාන්තාවකගේ ප්‍රජනක පදධතියට සදාකාලික හානියක් ඇති කරන්න ඉඩ තියෙනවා. මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල මෙහි රෝග ලක්ෂණයකි. එය මුත්‍රා රෝගයක් ලෙස සලකා නොසලකා හැරීම සිදු වේ.
උපුටා ගැනීම : wellnessexpert

