වැන්දත් වරදක් නැති කුප්පමේනිය ශාකයේ හරියට ගුණ කඳ දන්නේ පුසා විතරයි. ඇත්තටම ගොඩක් බෙහෙත් වර්ග සඳහා ශාක සොයාගැනීමේදි සතුන් අධ්‍යයන කර ඇතිබව පැරන්නන් කියයි. කුප්පමේනියා වෑංජන මැල්ලුම් කෑම වගේම මෙහි ඇති ඖෂධීය වටිනාකම ගැනත් දැනගනිමු.
ස්වසන පද්ධතිය ආශ්රිත නරක් වු සෙම් කොටස් ඉවත් කිරීමේ මහ බලයක් ඇත.
ඇදුම කැස්ස යන රෝග සඳහා යොදාගනු ලබයි. පණු රෝග නසයි. මල බද්ධය මුත්‍රා අඩස්සිය නැති කරයි.
දොඩම් ගෙඩියක ප්‍රමානයන් ගෙන තම්බා පත අට එකට සිඳුවා උදේ සවස බීමෙන් මල පිටවීම සිදුවෙයි. මුත්‍රා අඩස්සිය නැතිවී මුත්‍ර පිටවීම සිදුවේ.
කුඩා දරවන් පණු රෝග සහා සෙම් රෝගවලින් බේරාගැනීමට උපකාරි වේ.
සර්ප විෂේදි කලුහීනටි හාල් සමඟ කැඳ පිසදෙනු ලබයි.
කුඩා දරුවන්ගේ වැසිකිලි නොයන අපහසු විටදි මේ කොළ ටිකක් අඹරා ගුදමාර්ගයට තබා තදකර තිබීම මගින් ඒ විගස එම අපහසුව මගහැර පිටවී යයි.
වේලාගත් කුප්පමේනිය කුඩු කර සුරැකිව තබාගෙන මඳක් සුදුළුනු දමා තම්බා දීම මගින් ළමයින්ගේ පණු රෝග සුවවේ.
කොළ යුෂ බින්දු 10ක් භාවිතයෙන් වියලි කැස්ස කෙළ සමඟ ලේ යාම සුවවේ. නින්දෙන් ගෙරවීම නැතිවේ.
කිරි හොද්ද නටනවිට දෙවැනි කිරි යොදන අවස්ථාවේ කුප්පමේනියා අඹරා දමා කෑම මගින් දරුවන්ලේ සෙම කැස්ස ඇදුම පෙනහලු අාශ්‍රිත රෝග නැතිවෙයි.
කුප්පමේනිය කොළ ටිකක් ගෙන ඉඟුරු රතුළුණු ටිකක් දමා කොටා වන්ඩුවේ දමා මිරිකා ගත් යුෂ ඇඹුල් දොඩම් සීනි මී පැණි මිශ්‍රව වරින් වර දීම මගින් නිව්මෝනියා ඇදුම හතිය රෝග සුවවේ.
ළඳරු කැස්සට නිතර කුප්පමේනිය දලු උයා බත් සමඟ කෑම මගින් දරුවන්ගේ කැස්ස සුවවේ.
ලේ යන අර්ෂස් රෝගයට කුප්පමේනිය වැංජන කෑම මගින් සුවවේ.
දද ,කුෂ්ඨ කසන රෝග වැනි සමේ රෝග සඳහා උනුවතුරෙන් අඹරා ගෑම මගින් සුවවේ.
මුත්‍රා නොයන රෝග සඳහා කුප්පමේනියා කොටලා අබ ටිකක් සමඟ මිශ්‍ර කර රෙදිකැබැල්ලක ගා බෙහෙත් පැත්ත බඩට වදින්න බඩ උඩ පැලැස්තරයක් ලෙස දැමීම මගින් බඩ කොර මුත්‍රා රෝග සුවවේ.
තව නොකී ගුණ බොහෝමයක් ඇත. සොයා දැනුවත් වෙන්න .
උපුුටා ගත්තකි.
අයිතිය මුුල් හිමිකරු සතුුයි