1. ✅ සෞදිඅරාබිය තුල ආදර වන්තයන්ගේ දිනය සැමරීම තහනම්.
2. ✅ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් නිර්මානය කරපු ලොකුම චොකලට් බර මෙට‍්‍රික් ටොන් 7යි.
3. ✅වෙළඳ සංඛ්‍යාලේකන වලට අනුව, සුරතල් සතුන් ඇතිකරන පුද්ගලයින්ගෙන් සියයට 3 පමණ වූ පිරිසක් ඔවුන්ගේ සුරතල් සතුන් ට වැලන්ටයින් ත්‍යාග ලබා දෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

4. ✅ඔබ තනිකඩයි නම් පසුතැවෙන්න එපා, ලෝක ආදරවන්තයින්ගේ දිනය වෙනුවට ලෝක තනිකඩයින්ගේ දිනය (Singles Awareness Day) ඔබට සමරන්න පුළුවන්.
5.✅ කැඞ්බැරි චොකලට් නිෂ්පාදන ආයතනයේ හිමිකරුගේ දෙවනි පුත‍්‍රයා වන රිචඞ් කැඞ්බරි මහතා තමයි වැලන්ටයින් දිනය වෙනුවෙන් ප‍්‍රථම වරට චොකලට් පෙට්ටියක් නිෂ්පාදනය කලේ. ඒ 1800 වසරේදීය .
6. ✅වැලන්ටයින් දිනය වෙනුවෙන් රෝස මල් මිලදී ගන්නා පුද්ගලයින් අතරින් සියයට 73ක් වූ පිරිස පිරිමි වන අතර , සියයට 23ක් වූ පිරිස කාන්තාවන්ය.
7. ✅ආදරයේ දෙව්දුව ලෙසින් හඳුන්වන වීනස් දෙව්දුවගේ ප‍්‍රියතම මල වන්නේ රෝස මලයි.
8. ✅වැලන්ටයින් දිනය වෙනුවෙන් මිලදී ගන්නා ත්‍යාග අතරින් සියයට 85ක් පමණ වූ ප‍්‍රමාණයක් මිලදී ගන්නේ කාන්තා පාර්ශවයයි.
9. ✅සෑම අවුරුද්දකම වැලන්ටයින් දවසේ සිදුවන විවාහ යෝජනා සාමාන්‍ය වශයෙන් 222,000 කි.
10. ✅ඇමෙරිකානු කාන්තාවන්ගෙන් සියයට 15ක් තරම් පිරිසක් වැලන්ටයින් දිනය දවසේදී ඔවුනටම මල් මිලදී ගනී.
