සුනඛයන්ගේ මූලය ගැන කරුණු අධ්‍යයනය කරන විද්‍යාඥයෝද සුනඛයන් මෙන් පොර වදිති. සුනඛයන් මුලින්ම මතු වූයේ කොයිබ්න්ද? එය සිදුවූයේ කුමන වකවානුවකදී ද? යනාදී කාරණා ගැන පමණක් නොව ඒවාට පිළිතුරු සෙවීම සම්බන්ධයෙන් ද විද්‍යාඥයන් අතර වාද විවාද පවතී. එහෙත් ඔවුන්ගේ බොහෝ දෙනකු එකඟත්වයකට එළැඹෙන කාරණාවක්ද ඇත. ඒ සුනඛයන් හිලෑ සතුන් බවට පත් වූ ආකාරය ගැනයි. එකඟතාවයකට පත් වූ බව පැවසුවත් එසේ කිරීමට පවා විද්‍යාඥයන්ට ශත වර්ෂයකට ආසන්න කාලයක් වැය විය. ඒ පිළිබඳ විස්තර තවමත් ලැබෙමින් පවතියි.
අපේ ආදි මුතුන් මිත්තන් වෘක පෝතකයන් කිහිප දෙනෙකු අල්වාගෙන, සිය වාසභූමිය කරා ගෙනවුත් හුරතලයට ඇතිකරන සතුන් ලෙස හදාවඩා ගැනීමෙන් පසුව සුනඛයන් මුලින්ම මානවයන්ගේ ජීවිතවලට අවතීර්ණ වෙන්නට ඇතැයි ඉංග්‍රීසි ජාතික විද්‍යාඥ ප්‍රැන්සිස් ගැල්ටන් 1907 දී කියා සිටියේය. විශාල ඇස් ගෙඩි හා ප්‍රමාණයට වඩා ලොකු කන් සහිත හුරතල් වෘක පෝතකයන් ඔබත් දැක ඇත්නම් ගැල්ටන්ගේ අදහස පිළිගැනීමට පසුබට වන්නේ නැත. ඇත්තටම ඔහුගේ මතය දශක ගණනාවක් පුරා වැජඹුනේය. එහෙත්, හීලෑකිරීම යනු වසර සිය ගණනක් හෝ ඇතැම් විට දහස් ගනනක් පවා වැයවන දීර්ඝ, සංකීර්ණ ක්‍රියාදාමයක් බව විද්‍යාඥයෝ අවසානයේ වටහා ගත්හ. ආදි මානවයන් ඇති කරන්නට පටන් ගත්තේ සුරතල් පැටියෙකු විය හැකි වුවත් අවසානයේ වැඩුනේ වන මෘගයෙකි.
ඉතින් එහෙම නම් සිදුවන්නට ඇත්තේ කුමක්ද? විශේෂඥයන් බොහෝ දෙනෙකු දැන් කල්පනා කරන්නේ සුනඛයන් තමන් විසින්ම හීලෑවන්නට ඇති බවයි. ආදි කාලීන මානවයන් ඔවුන්ගේ වාසභූමි අද්දර කුණුපයන් (මළකුණු) ගොඩ ගැසෙන්නට තබා ඉන්නට ඇත. විද්‍යාඥයන් කල්පනා කරන අන්දමට ඒවා වෘකයන්ට කොපමණ නම් ආකර්ෂණීය භෝජන සංග්‍රහයක් වන්නට ඇත්ද කියතහොත් මිනිසුන් ගැවසෙන කිට්ටුවට ළංවීමට තරම් වෘකයන්ගේ බිය සැක දුරු කරන්නට සමත් වූවා විය හැකියි. එසේ ආසන්නයට පැමිණි වෘකයන් වැඩිකලක් ජීවත් වූ අතර වැඩියෙන් වෘක පෝතකයන් බිහි කරන්නටද ඇත. මේ ක්‍රියාදාමය එක පරම්පරාවක් හරහා තවත් පරම්පරාවක් කරා ගොස් අවසානයේ මිනිසෙකුගේ සුරතින් ලැබෙන ආහාර පිඩක් ලබාගැනීමට තරම් බිය සැක නැති වෘකයෙක් බිහිවන්නට මග පාදන්නට ඇත. කලක් ගතවෙද්දී අපේ මුතුන් මිත්තන්ට මේ ‘හීලෑ’ වෘකයන්ගේ උපයෝගිතාව වැටහෙන්නට පටන් ගත් විට ඔවුන් වෘකයන් හීලෑකිරීමේ වඩාත් ක්‍රියාකාරී අදියරක් ආරම්භ කරන්නට ඇතැයිද එමගින් ආදි සුනඛයන් වඩා හොඳ දඩයම්කරුවන්, එෙඬ්රන් සහ ආරක්ෂකයන් ලෙස ඇති දැඩි කරන්නට පෙළඹුනා විය හැකිය.
අභිජනනය
සුනඛයන් ඉස්මතු වූයේ කොයිබින්ද? කවදා ද? යන්න සොයා බැලීම පිණිස විද්‍යාඥයන් අතිවිශාල පිරිසක් එකතුව දරන ප්රයත්නයක් තුළින් සුනඛයන් හීලෑකිරීමේ දෙවැනි අදියර ගැන කුතුහලය දනවන සුළු කරුණු හෙළිදරව් කර ගැනීමට හැකි වී තිබේ. උදාහරණයක් ලෙස, ආදී සුනඛයන් හා වෘක ඇටසැකිළි දහස් ගණනක් සංසන්දනය කිරීමේ දී ආදී සුනඛයන්ගේ කශේරුකාවේ පෘෂ්ටීය තුඩුවල පැතැළිවීමක් හෙළි කෙරිණි. ඉන් ඇගැවුණේ එම සුනඛයන් ඔවුන්ගේ සිරුරේ පසු පසින් බර ඇද ඇති බවයි. ආදී සුනඛයන්ගේ හණුවේ පිටු පසට වෙන්නට චාර්වක දත් යුගලය නොමැති බව පර්යේෂකයෝ සොයාගත්හ. සුනඛයන්ගේ මෙවන් සේවාවන්, දඩයමට ඔවුන් දැක්වූ දක්ෂතාවයට අමතරව මානවයන්ගේ පැවැත්මට තීරණාත්මකව බලපාන්නට ඇතුවාක් මෙන්ම. ආදි මානව නියැන්ඩර්තාල් අපේ ප්රතිමල්ලවයන් අභිබවන්නට ද අවසනායේ ස්ථාන ගතව පදිංචි වී ගොවියන් බවට පත්වීමට පවා ඉඩ කඩ සැලසුවා විය හැකියි.
මෑතක Science සඟරාවේ පළවූ ලිපියකින් පැහැදිලි කෙරෙන්නේ හොඳම යාළුවන් බවට පත්වීම අරභයා මිනිසා සහ සුනඛයා ඊළඟට ගත් පියවර සම්බන්ධවයි. සුනඛයන් හා මිනිසුන් එකිනෙකාගේ දෑස්වලට එබී බලද්දී දෙදෙනාගේම ඔක්සිටොයින් (oxytocin) ප්‍රමාණය ඉහළ යන බව ජපානයේ සගමිහරා හි අශබු සරසවියේ සත්ව චර්යා විද්‍යාඥ කෙෆියුම් කිතුසුයි හා පිරිස සොයා ගෙන ඇත. ඔක්සිටොසින් යනු පිටියුටරි ග්‍රන්ථියේ නිපදවෙන හෝමෝනයකි. එය මව් සෙනෙහස සහ විශ්වාසයට සම්බන්ධයක් ඇති හෝමෝනයක් ලෙස සැලකේ. මිනිස් මව්වරුන් හා සිය ළදරුවන් එකිනෙකා දෙස බලද්දී ඔක්සිටොයින් හෝමෝනය ඉහළ යාමක් සිදුවේ. ඒ අනුව සිතා ගත හැක්කේ ආදි සුනඛයන් සිය නව මානව පවුල හා වඩා හොඳින් බැඳීම පිණිස මේ ප්‍රතිචාරයට අනුගත වෙන්නට ඇති බවයි.
මෙම ඔක්සිටොසින් අධ්‍යයනය මෙන්ම ඇට සැකිලි ගැන පර්යේෂණ කරන කලින් කී විද්‍යාඥයන් එකතුව මගින් ලබා ගත් දත්ත සුනඛ ප්රභවය පිළිබඳ අධ්‍යයනයකට වඩා ඔබ්බට යන බව විද්‍යාඥ එකතුවේ ප්‍රධානී ග්‍රෙගර් ලාසන් පවසයි. ඔහු එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පරිණාමීය ජිව විද්යාඳයෙකි. ‘සුනඛයන්, මිනිසුන් හා සම්බන්ධ වූ ක්‍රියාදාමය ගැන අප කරුණු වැඩි වැඩියෙන් දැන ගනිද්දී අපට ශිෂ්ටාචාරයේ සුළමුළ ගැන තව තවත් කරුණු උගෙන ගත හැකියි’ යයි ලාර්සන් කියයි.
උපුටා ගැනීම: thathu.com


