මීට වසර 12,500 කට පමණ පෙර මිහිතලයෙන් වඳවී ගිය Dire Wolf වෘක විශේෂය යළි ජීවමාන කිරීමට අමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.
මෙය සැලකෙන්නේ ‘වඳ වී ගිය සත්වයෙකුට නැවත පණ දුන් ලෝකයේ පළමු අවස්ථාව’ ලෙසයි.
පුරාණ සත්ත්ව පොසිලවලින් ලබාගත් ජාන ක්ලෝනකරණය සහ ජාන සංස්කරණ තාක්ෂණය භාවිත කරමින් වෘකයාගේ සමීපතම සත්ව විශෙෂයක් වන අළු වෘකයෙකුගේ ජාන වෙනස් කිරීම මගින් Dire Wolf නම් වෘක විශේෂයේ පැටවුන්ත තිදෙනෙකු නිර්මාණය කර තිබෙනවා.
ඒ අනුව වඳ වී ගිය පූර්වගාමියාට පෙනුමෙන් සමාන දෙමුහුන් විශේෂයක් බිහිකර ගැනීමට හැකිවී තිබෙනවා
එහිදි ඔහියෝහි කැණීම්වලදී සොයාගත් වසර 13,000 ක් පැරණි වෘක දතක් සහ අයිඩහෝහි තිබී හමු වූ වසර 72,000 ක් පැරණි හිස් කබල කොටසක් අධ්‍යයනය කර මේ සඳහා යොදාගෙන තිබෙනවා.
මේ වෘකයන් තිදෙනා අක්කර 2,000 ක භූමි ප්‍රමාණයක ආවරණය කළ ස්ථානයක ජීවත් වන අතර, ආරක්ෂක නිලධාරීන්, ඩ්‍රෝන යානා සහ සජීවී කැමරා මගින් ඔවුන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා.
රොමුලස්, රෙමස් සහ කලීසි ලෙස නම් කර ඇති මෙම පැටවුන් ‘ගේම් ඔෆ්ත්රෝන්ස්’ කතා මාලාවේ ජෝන් ස්නෝගේ Dire Wolf වන ‘ගෝස්ට්’ සිහිගන්වන බවයි වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර 2021 වසරේ සිට ඩෝඩෝ පක්ෂියා සහ ටස්මේනියානු කොටියා ටද නැවත ජීවය ලබාදීමට කටයුතු කරමින් සිටින අතර ඔවුන් 2028 වසර තුළ බිහි කිරිමට හැකිවන බවයි අමෙරිකාවේ ඩලස් හි පිහිටි Colossal Biosciences ජෛව තාක්‍ෂණ සමාගම පවසන්නේ.
උපුටා ගැනීම : Hiru News


