in

ශරීරය උෂ්ණ ද?එහෙනම් මේක ඔයාට….

ශරීරය උෂ්ණාධික බව පෙන්වන ලක්ෂණ මොනාද කියලා අපි කතා කරමු.

  • සිරුරේ දැවිල්ල ඇතිවීම,
  • සිරුර පුරා බිබිලි දැමීම.
  • සමේ රෝග(කුෂ්ඨ )ඇතිවීම,
  • සම වියලීම.
  • ඇස් දැවිල්ල.
  • හිස කෙස් අකලට සුදු වීම
  • කෙස් ගැලවී යාම,
  • හිස් හොරි ඇතිවීම
  • හිස් කබලේ කුඩා බිබිලි දැමීම.
  • මුහුනෙ කුරුලෑ ඇතිවීම.
  • තොල් වියලීම හා පැලීම.
  • යටිපතුල් පැලීම.
  • දරුවන් පිලිසිද ගැනීමට ප්‍රමාද වීම.
  • නිතර දාඩිය දැමීම,අත්ලට හා පත්ලට දහඩිය දැමීම,
  • දාඩිය දුගදක් හැමීම.
  • ශරීරය අවපැහැ වීම.
  • ගැස්ට්‍රයිටිස්.
  • මලබද්ධය.
  • අර්ශස්.
  • ගර්භාෂගත රෝග.
  • සමහර ආහාර සදහා ආසාත්මිකතා ඇතිවීම.

ඇතැම් ආහාර අනුභව කිරීම මගින් ශරීරයේ උෂ්ණත්වය වැඩි වේ.ඒවා අතර,

  • අබ, විනාකිරි
  • මිරිස්‌
  • තෙල් අධික ආහාර
  • අච්චාරු, චට්‌නි, මෝජු
  • ලුණු දෙහි
  • බිලිං
  • සෝස්‌
  • ටින් මාළු
  • ජාඩි, බල කරවල
  • බල මාළු
  • ඉස්‌සන්, දැල්ලන්, කකුළුවන්
  • හරක්‌ මස්‌
  • අන්නාසි
  • රට දෙල්
  • රාබු
  • තක්‌කාලි
  • සුදුලූනු
  • මධ්‍යසාර

ආදිය වේ.

මේ ආහාර ඔබේ සිරුර උෂ්ණාධික කරන අතර එම තත්වය පහ කරගැනීමට ඔබ අනිවාර්යයෙන්ම සිරුර සිසිල් කරන ආහාර පාන ඔබේ ආහාර වේලට එකතු කරගත යුතුය .

සිරුර සිසිල් කරන ආහාර අතර,

  • තැඹිලි
  • නෙල්ලි
  • නෙල්ලි ගෙඩි ආහාරයට ගැනීම වගේම නෙල්ලි පානයක් ලෙස ද සකසා ගත හැකිය.
  • බෙලි
  • සෘජුවම පළතුරක් ලෙස ද බෙලි පානයක් ලෙස ද සකසා ගත හැකියි.
  • ඒ වගේම බෙලි කටු , බෙලිමල් තම්බා බීමට ගත හැකිය.රණවරා
  • රණවරා කොළ තම්බලා පානය කල හැකිය.ඔබට තේ කෝපී බොන්න හිතෙන වේලාවට රණවරා කෝප්පයක රස බලන්න. ඒ වගේම රණවරා දළු මැල්ලුම් විදිහට ලියලා ආහාරයට ගැනීමටද හැකිය.
  • පොල්පලා
  • පොල්පලා තම්බලා ඒ වතුර සිනී ටිකක් එක්ක බීමට ගත හැකිය.
  • රසකිඳ
  • ඉරමුසු
  • කොමඩු
  • කොමඩු පළතුරක් විදියට ඍජුවම ආහාරයට ගැනීමට මෙන්ම බීමක් ලෙසද ගත හැක.
  • පිපිඤ්ඤා
  • පිපිඤ්ඤා වෑංජනයක් ලෙස හා සලාද ලෙස ආහාරයට ගත හැකිය.
  • අළුපුහුල්
  • මෑ
  • වම්බොටු
  • කැකිරි
  • කෝමාරිකා යුෂ
  • කෝමාරිකා නම් අපි නිතර ආහාරයට ගන්න සුපුරුදු ආහාරයක් නම් නෙමෙයි. ඒත් කෝමාරිකා කොළයේ මදය බොහොම ගුණදායකයි. එය කෙලින්ම ආහාරයට ගන්න අපහසු නිසා පානයක් ලෙස සකස් කරගත හැකිය.
  • සව්
  • බාර්ලි
  • බාර්ලි තම්බා එම වතුර බීමට ගත හැකිය.
  • පොල් වතුර
  • කොල කැද වර්ග
  • හැමදාමත් උදේට හිස් බඩ කොල කැද එකක් බොන්න පුලුවන් නම් ඊට වඩා ගුනදායක ඇග සිසිල් කරන පානයක් තවත් නෑ..
  • හාතාවාරිය
  • කොහිල
  • මුං ඇට
  • පොකුරු වද මල්
  • දිය බත්  .
  • අපේ පැරණි ගුණදායක ආහාරයක්.
  • මේ බත් එක ගෑස්ට්‍රයිටීස් තියෙන අයට කදිම ඔසුවක්..
  • කස කසා ඇට
  • එල කිරි
  • එලු කිරි
  • මී කිරි

මීට අමතරව

⚫හොඳින් ජලය පානය කරන්න.

⚫විවිධ රසායනික යෙදූ ක්ෂණික ආහාර, පැණි බීම, සෝඩා ආදී ශීත කල ආහාර ගැනීම අවම කරන්න..

⚫රාත්‍රියේ ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.දහවල් නිදාගැනීම අවම කරන්න.

⚫මානසික පීඩනයෙන් තොර වීමට උත්සහ කරන්න.

⚫සුදුසු පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න

What do you think?

ගෙදරදි කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරලා බලමුද?