in

සමලිංගික විවාහ අද සිට….

තායිලන්තයේ සමලිංගික විවාහ අද සිට ක්‍රියාත්මකයි.

තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව සමලිංගික විවාහක යුවල 180 දෙනෙකු අද සිය විවාහ ගිවිස ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය වසරේදී තායිලන්තය තුළ සමලිංගික විවාහ නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 400ක් ලැබුණු අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 10ක් පමණි. 

මෙම නීතිය ක්‍රියාත්මක වීම මගින් තායිලන්තය තුළ සමලිංගික යුවලකට අද සිට විවාහ වීමටත්, ඔවුන්ගේ වත්කම් කළමනාකරණය කිරීම සහ උරුම කරගැනීමටත්, දරුවන් හදා ගැනීමටත් සමාන අයිතිවාසිකම් හිමිවනු ඇත.

What do you think?

අත්දුටු අත් බෙහෙත්

වැන්දත් වරදක් නැති කුප්පමේනියා…