in

සැන්ග්කොන් උත්සවය ( Sangkon festival ) සහ ඊසානදිග ඉන්දියාවේ ථේරවාදී බෞද්ධ ජන ගෝත්‍ර

ඊසානදිග ඉන්දියාවේ ථේරවාදී බෞද්ධ ජන ගෝත්‍ර

———————————————————————

ඊසානදිග ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්තවල සුවිශේෂී ථේරවාදී බෞද්ධ ජන කොඨ්ඨාස කීපයක් ජීවත්වනවා.

මොවුන් ආසියාවේ භාෂා පවුලක් වූ තායි- කඩායි ( Tai-Kadai) භාෂා පවුලට අයත් ජන කොඨ්ඨාස කීපයක් වනවා.තායි ( Tai) ( Thai – හෙවත් වර්තමාන තායිලන්තයේ බහුතර ජනකොඨ්ඨාශයද මෙම තායි- කඩායි ( Tai- kadai) භාෂා පවුලට අයත්.මොවුන් ගිහිකිණදිග ආසියාවේ සිට දකුණු- නිරිතදිග චීනය දක්වා වූ පරාසයක පැතිර සිටිනවා.ආසන්න ලෙස මිලියන 94 ක තායි-කඩායි ජනවර්ගයන්ට අයත් මිනිසුන් ලොව පුරා විසිරී සිටින බවයි කියවෙන්නෙ.

ඉන්දියාව භාෂා පවුල් කීපයකම මිනිසුන් ජීවත්වන රටක්,ඉන්දු ආර්‍ය ( Indo- Aryan) ,චීන- ටිබෙට් ( Sino-Tibetan) මෙන්ම ඊසාන දිග ඉන්දියාව තුළ මෙම තායි-කඩායි ( Tai-Kadai) ජන ගෝත්‍ර කීපයක්ද සිටිනවා.

ඉන්දියාවේ සිටින මෙම තායි ගෝත්‍ර අතරින් බහුතරයක් ථේරවාදී බුදුදහම අනුගමනය කරනු ලබනවා.ඔවුන්ගේ නව අවුරුදු උත්සවය සැන්ග්කොන් උත්සවය ( Sangkon festival ) යනුවෙන් හදුන්වනු ලබනවා.

සැන්ග්කොන් උත්සවය සමරනු ලබන ඊසානදිග ඉන්දියාවේ ථේරවාදී බෞද්ධ ජන ගෝත්‍ර පහතින් දැක්වෙනවා.

තායි – ඛාම්ති ජනයා ( Tai- Khamthi )

මොවුන් 212,000 ක් පමණ ඉන්දියාව සහ මියන්මාරය තුළ දිවි ගෙවන අතර මොවුන්ගෙන් බහුතරයක් එනම් 200,000 පමණ දිවි ගෙවනුයේ මියන්මාරය තුළයි.ඉන්දියාව තුළ 12,800 පමණ පිරිසක් ජීවත් වනවා.මොවුන්ගේ ප්‍රධාන ආගම ථේරවාදී බුදුදහමයි.

සින්ග්පෝ / ජින්ග්පෝ ජනයා ( Jingpo )

මොවුන් ඉන්දියාව,මියන්මාරය සහ චීනය යන රටවල් ත්‍රිත්වයේම දක්නට පුළුවන්.විශේෂයෙන් මියන්මාරයේ කචින් පළාත,චීනයේ යුනාන් හි ඩිහොන්ග් ඩායි ජින්ග්පෝ ස්වයංපාලන ප්‍රදේශය ( Dehong Dai autonomous prefecture ) සහ ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්ත තුළ සැලකියයුතු ජන ප්‍රජාවක් ජීවත් වනවා.මියන්මාරය තුළ මිලියන 1-1.5 ක් පමණද,චීනය තුළ 147,828 ක් පමණද,ඉන්දියාව තුළ 147,828 ලෙසද වෙන්කර දක්වන්නට පුළුවන්.මොවුන්ගේ බහුතරය සාම්ප්‍රදායික ජින්ග්පෝ ආගම පිලිපදින අතර මියන්මාරයේ සහ චීනයේ මොවුන් බහුතරය කිතුදහමද අදහනු ලබනවා ( මිෂනාරී ක්‍රියාකාරකම් හේතුවෙන්) නමුත් ඉන්දියාව තුළ සිටින ජින්ග්පෝ වරුන් බහුතරය ථේරවාදී බෞද්ධයන්

තායි- ක්හැම්යැන්ග් ( Tai khamyang)

මොවුන් 7000 ක පමණ පිරිසක් ඇසෑම් සහ අරුණාචල් ප්‍රදේශ් තුළ දිවි ගෙවනවා මොවුන්ද සාම්ප්‍රදායික ථේරවාදී බෞද්ධයන්

තායි – ප්හාකේ ( Tai phake)

මොවුන් 8000 ක් පමණ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ දිවිගෙවනවා මොවුන්ගේ ආගමද ථේරවාදී බුදුදහමයි.

තායි – අයිටොන් ( Tai Aiton)

මොවුන් 8000 ක පමණ පිරිසක් ඇසෑම් ප්‍රාන්තය තුළ ජීවත් වනවා.මොවුන්ගේ භාෂාව ඊසානදිග තායිලන්තයේ භාෂාවට අතිශය සමානයි.මොවුන් පන්කායි කඳු ( Pankai hills ) තරණය කර 16 සහ 17 වන සියවස් වල ඇසෑම් වෙත පැමිණ තිබෙනවා.මොවුන්ද සාම්ප්‍රදායික ථේරවාදී බෞද්ධයන්.

ටු(තු)රුන්ග් ජනයා – (Turung )

මොවුන් 10,000 ක පමණ පිරිසක් ඇසෑම් සහ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්ත තුළ දිවි ගෙවනවා.මොවුන් ථේරවාදී බෞද්ධ ජන කොඨ්ඨාශයක් වන අතර මියන්මාරයේ ඉහළ කොටසේ සිට ඇසෑමය වෙත සංක්‍රමණය වී තිබෙනවා.

සැන්ග්කොන් උත්සවය

————————————–

මෙම සෑම ඊසාන දිග ඉන්දියානු ථේරවාදී බෞද්ධ ජන කොඨ්ඨාශයකම සාමප්‍රදායික නව වසරේ උදාව සහ නව අවුරුදු උත්සව අප්‍රේල් මස 14-16 දක්වා පැවැත්වෙනවා.

මෙම උත්සවය සැන්ග්කොන් ලෙස හඳුන්වන අතර මෙහි ප්‍රධානතම අංගය වන්නෙ එකිනෙකාට ජලය ගසා ගැනීමයි ( බොහෝ අග්නිදිග ආසියානු රටවල මෙන්) පළමුව ඔවුන් බෞද්ධ සිරිත් ප්‍රකාරව බුද්ධ ප්‍රතිමාව පැනින් දෝවනය කිරීම සිදු කරනවා.මෙහිදී උත්සවය පවතින භූමියට බුද්ධ ප්‍රතිමාව රැගෙන යන්නේ බෙර වයමින්,නැටුම් ගැයුම් පිරි පෙරහරක් මතින්.උත්සව සමයේ ජනතාව පැණිරස කැවිලි තම නිවෙස් තුළ සකසනු ලබනවා.ඒ වගේම එකිනෙකා අතර තෑගිබෝගද හුවමාරු කරගැනීම සිදු කරනවා.

උපුටා ගැනීම : මුහුණු පොත

What do you think?

Written by Mic

නේපාලයේ “මාළු වරල “

වික්ටෝර්යා වේල්ලේ කතාව | Victoria Dam – 🇱🇰 යකඩ කම්බි කෑල්ලක්වත් නොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ…🤔🌊☘️♥️🍂😍