බැඳීම් කියන්නේ ලොව සෑම කෙනෙකුටමථ සෑම දෙයකටම පොදු දෙයක්. සෑම බැඳීමක්ම ශක්තිමත් වෙන්න ආකර්ෂණ බලයක් තියෙන්නම ඕන. ආකාර්ෂණයේ නීතිය කියන්නෙත් භෞතික විද්‍යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. ඒ කියන්නේ අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ නීතියට අනුව ධනාත්මක බාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. ඒ විදිහටම ඍනාත්මක සිතුවිලි වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්.අපි නිතරම හිතන්නේ ඍණාත්මක දේවල්නම් අපිට මුහුණ දෙන්න වෙන්නෙත් ඍණාත්මක අත්දැකීම් වලටයි. ඒකෙන් කියැවෙන්නේ එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා කියන දේ. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙන්න පුලුවන්. මේ කියන ආකාර්ෂණ නීතිය අපේ ජීවිතයට ලං කරගත්තොත් ඔයාට ධනය, සතුට, නිරෝගී වගේ ගොඩක් දේවල් ලබා ගන්නත් පුළුවන්.ඔයා ආස දේවල් ඔයාගේ ජීවිතයට හරි ලේසියෙන් ලඟා කරගන්න පුලුවන් කම තියෙනවා.
දැන් අපි බලමු ආකර්ෂණ නීතීය අපේ ජීවීත වලට ලඟාකරගන්නේ කොහොම ද කියලා.
01.මුලින්ම ඔයා ඔයාගේ මනස සැහැල්ලු කරගන්න. ඔයාට අවශ්‍ය දේ ඔයාගේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමු වන්න. ඔයාගේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.
02.ඔයාට අවශ්‍ය දේ කුමක්ද යන්න හරියටම තේරුම් ගන්න. ඒ ගැන ඔයාට සැක තියෙන්න බැහැ. ඔයාගේ මනසේ සිතුවිලි වලින් විශ්වයට පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔයාට අවශ්‍ය දේ පිළිබඳ ඔයාටත් විශ්වාසයක් නැතිනම් ඒ වගේ දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.ඒ නිසා වැදගත්ම දේ තමා විශ්වාසය.ආකර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔයාට අවශ්‍ය යැයි ඔයා ධාරණය කරගත් දෑ විශ්වය ඔයා වෙත ලබා දෙන බවට විශ්වාස කරන්න.
03.ඔයාට අවශ්‍ය දෙය ඔයාට ලැබී ඇති ආකාරය නිතර මනසින් දකින්න. ඔබට අවශ්‍ය හොඳ රැකියාවක් නම් ඔබ ඒ පිළිබඳ නිතර මෙනෙහි කරන්න.ඔබ යටතේ සේවක සංඛ්‍යාවක් වැඩ කරන ආකාරය නිතර දකින්න.එහි සතුට ඔබම විඳින්න.
04.ඔයාගේ ජීවිතයේ ලැබී තිබෙන දේවල් කොළයක ලියන්න. ඒ ගැන අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඒ වගේම ඔයා විශ්වාස කරන දේ විශ්වය විසින් ඔයාට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න.
05.ඔයාට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔයාගේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා.ධනාත්මක දේවල් සිතන විට ධනාත්මක ප්‍රතිඵල මෙන්ම ඍණාත්මක දේවල් සිතන විට ඍණාත්මක ප්‍රතිඵල ලැබෙන බව මතකේ තබා ගන්න. ඔයාගේ මනසින් සිතන සෑම දෙයකටම ඔයා මනසින් ආරාධනා කරනවා.
06.ආකර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔයාගේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස ප්‍රර්ථනා කරන්න.
07.කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හිත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි බලන්න එපා. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔයා කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔයාට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.සතුටින් ඉන්න පුලුවන් පිරිස් පමණක් ආශ්‍රය කරන්න.
08.ඔයාගේ සාර්ථකත්වයේ සිහින ඔයාගේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව පමණක් මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔයාගේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔයාට යමක් අවංකවම අවශ්‍ය නම් ඔයා තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ.කාලසටහනකට අනුව වැඩ කරන්න.උත්සාහය,කැපවීම,අධිෂ්ඨානය ඇත්නම් ජයග්‍රහණය ඔයා සතුයි.
“ආකර්ෂණය වීමේ නීතිය” යන රහස ඔයාට ගොඩක් දේවල් ලබා දෙයි. වුවමනා දේ කරන්න ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔයාට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඕනෑම දෙයක්ම ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔයා වෙත ඒ දේවල් ආකර්ෂණය වෙනවා. එය කොතරම් විශාල වුණත් ඔයා විශ්වයට බැහැ ඔයාව ප්‍රතික්ෂේප කරන්න.අද ඉදලා මේ වෙනුවෙන් කැප වෙන්න.විශ්වාස කරන්න.විශ්ව ආකර්ෂ නීතීය ඔයාට වාසනාව,සතුට ලඟා කර දෙන බව මතක තබාගන්න.