in

සිරුරට අහිමි වුනු ශක්තිය ආයේ ගෙනත් දෙන ආහාර පාන

යමෙක් අසනීප වුනාම ඔහුගේ හෝ ඇයගේ ශාරීරික ශක්තිය පිරිහෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ ආහාර පාන ලබා ගෙන නැති වුනු ශාරීරික ශක්තිය ආයේ ලබා ගන්න පුළුවන්.

සැමන්

සැමන් මෘදු ප්‍රෝටීන් ප්‍රභවයකි. විටමින් සහ ඛනිජ ලවණ යහමින් අඩංගුය. ඔමේගා-3 මේද අම්ලය අඩංගු නිසා ප්‍රතිශක්තිකරණය ඉහල යයි.

කෙසෙල්

අසනීප වූ විට ආහාරයට ගත හැකි විශිෂ්ට පළතුරක් ලෙස කෙසෙල් හඳුන්වා දිය හැකියි. මෘදු වන අතර ඉක්මණින් ජීර්ණය වන කාබෝහයිඩ්‍රේට් වලින් පොහොසත්ය. එහි අඩංගු පොටෑසියම් රෝග නිවාරණයට උපකාරී වෙනවා. කෙසෙල් වල  ද්‍රාව්‍ය තන්තු අඩංගු වන අතර සිරුරේ ගැටළු මඟ හැරවීමට දායක වේ.

කුකුළු මස් සුප් 

කුකුළු මස් සුප් කියන්නේ අසනීප කෙනෙකුට ගත හැකි හොඳ ආහාරයක්. එය පහසුවෙන් ආහාරයට ගත හැකි ආහාරයක් වන අතර විටමින්, ඛනිජ ලවණ, කැලරි සහ ප්‍රෝටීන් යහමින් අඩංගුය. අසනීපයකින් සුවය ලබන අතරතුර සිරුරට අවශ්‍ය වන පෝෂ්‍ය පධාර්ත ලබා ගැනීමට පහසුම මාර්ගයක් ලෙස කුකුළු මස් සුප් නම් කල හැකියි. මෙහි දියර සහ ඉලෙක්ට්‍රෝටයිට් වැඩි ප්‍රතිශතයක් අඩංගු නිසා සිරුර විජලනය වීම සහ දුර්වල වීම වළක්වාලන්න සමත් වෙනවා. පාචනය, වමනය, දහඩිය දැමීම හෝ උණ වැනි රෝග වලින් සිරුර විජලනය වීමේ අවදානමක් පැන නැඟුනත් කුකුල් මස් සුප් පානය කිරීමෙන් එය වලක්වා ගත හැකි වනු ඇත.  

පැණි රස

උණ වැනි රෝගයකින් පීඩා විඳින, දියවැඩියාව හෝ කොලොස්ටරෝල් වැනි තත්වයක් නොමැති අයෙකුට කාමර උෂ්ණත්වයේ පවතින වියළි හෝ පැණි රස බිස්කට් පැකට්, සීරියල් වර්ගයක්, පලතුරු හෝ වියලි පලතුරු, කේක් හෝ ස්පංචි, ඇසුරුම් කළ බීම වර්ගයක් වැනි දෙයක් බය නැතිව ආහාරයට ගත හැකියි. 

ඕට්ස්

රෝගියෙකුට ගැලපෙනම තවත් ආහාරයක් තමයි ඕට්ස්. ඕට්ස් සකසා ගැනීමත් පහසුයි.  විටමින් B, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් වැනි ඛනිජ වර්ග රැසක් මෙහි අඩංගු වෙනවා. සිරුරේ සීනි මට්ටම සහ කොලොස්ටරෝල් මට්ටම පාලනය කර තබා ගැනීමට ඕට්ස් වල ඇති ගුණ උදව් වෙන නිසා දියවැඩියා රෝගීන්ටත්, අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අයටත්, කොලොස්ටරෝල් තත්වයෙන් පීඩා විඳින්නන්ටත් ඕට්ස් හොඳින් ගැලපෙනවා. ඕනෑම රෝගියෙක් වෙනුවෙන් ඕට්ස් නිර්දේශ කල හැක්කේ ඒවා සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීමට සමත් වෙන නිසයි. 

මී පැණි

මී පැණි වල ප්‍රතිබැක්ටීරීය ගුණ අඩංගු වන නිසා රෝගීන් සඳහා නිර්දේශ කල හැකිය. ඔවුන් විසින් ලබා ගන්නා සීරියල්, ඕට්ස් වැනි ආහාරයක් සමඟ මී පැණි එකතු කර ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය වේ. බැක්ටීරියා ආසාදන, කැස්ස වැනි රෝග වලින් පීඩා විඳින අයට මී පැණි ත්‍යාගයක් ලෙස ලබා දිය හැකියි.

උපුටා ගැනීම – wellnessexpert

What do you think?

Written by Mic

නිතර නිතර බබල්ගම් සැපීමෙන් මොකද වෙන්නේ?

ලොව වටා කඩචෝරු