in

සිරුරේ මේදය අඩු කරන එදිනෙදා පුරුදු

තරබාරු බව කියන්නේ බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක්. එය හානි කරන්නේ ඔබේ රූප සෞන්දර්යට පමණක් නෙවෙයි. තරබාරු බව ඔබේ සෞඛ්‍යයටත් හානි කරයි  ඔබේ එදිනෙදා පුරුදු ටිකක් වෙනස් කර ගත්තොත් ඔබට පුළුවන් මේ ගැටළුවට විසඳුම් හොයන්න. ඉතින් අද අපි තීරණය කලා මේ ගැන කතා කරන්න.

අසුන්ගෙන සෙමින් ආහාර ගන්න

 ආහාරය ගැනීම නිවාඩු පාඩුවේ කළ යුතුයි. ආහාර බෙදාගෙන, මේසයට වාඩි වී, ආහාර ගැන කල්පනාවෙන් සෙමින් සපමින් එය රස විඳින්න. ඔබ සෙමින් ආහාර ලබා ගන්නා විට ඔබේ සිරුරට ලැබෙන කැලරි ප්‍රමාණය පාලනය වෙනවා. කාලය ගෙන ආහාර ගන්නා විට, ඔබේ මොළයෙන් ඔබේ කුස පිරී ඇති බව සංඥා කරනවා. එවිට ඔබේ ආහාර රුචිය කෙමෙන් සමග අඩු වෙනවා.

ඔබේ ආතති මට්ටම පාලනය කරගන්න

 සාමාන්‍යයෙන් මානසික පීඩාවක් දැනුණු විට බොහෝ දෙනෙක් වැඩි වශයෙන් ආහාර ගැනීමට පෙළඹෙනවා. එය බොහෝ විට සිදුවන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසයි. මානසික ආතතියෙන් පීඩා විඳින බොහෝ දෙනෙක් සීනි රස ආහාර සහ විවිධ ශෝටීස් වර්ග ලබා ගැනීමට පෙලඹෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සිරුරේ බර ඉහළ යනවා. ඔබට යම් කිසි ආතතියක් හෝ මානසික පීඩාවක් ඇති වූ විට ආහාර ගැනීම වෙනුවට වෙනත් විනෝදාංශ වල නිරත වෙන්න. ඔබට පුළුවන් භාවනා කරන්න. යෝගා ව්‍යායාම වල නිරත වන්න. නැති නම් මිතුරෙකු හමුවීමට යන්න. සිතට ආතතියත් දැනෙන අවස්ථාවල විනෝදාත්මක චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍ය මාලාවක් නරඹන්න. එවැනි පුරුදුවලින් ඔබේ සිරුරේ බර වැඩි වීම පාලනය කර ගන්න පුළුවන්.

හොඳ නින්දක් ලබා ගන්න

 සුවදායි නින්දක් ලබා ගැනීම සහ බර අඩුවීම අතර ඇත්තේ ධනාත්මක සම්බන්ධයක්. ඔබට හොඳින් නින්ද යන්නේ නැති නම් ඔබේ ආතතිය ඉහල යනවා. මේ නිසා දිනකට නිදා ගත යුතු පැය ගණන අනිවාර්යෙන්ම නිදා ගැනීමට උත්සාහ කරන්න. කැෆේන් අඩංගු ආහාර වර්ග ලබා ගැනීම පාලනය කරන්න  ඒවා ඔබේ නින්ද නැතිකර දමන අතර, මානසික ආතතිය ද ඉහළ දමයි.

ඔබේ ආහාර නිවසේදීම පිසගන්න

 නිවසේදී පිසින ලද ආහාර ලබා ගන්නා පුද්ගලයන්ට සාපේක්ෂව පිටතින් ආහාර ලබා ගන්නා පුද්ගලයන්ගේ බර වැඩි වීමේ අවදානම වැඩියි. එයට හේතු වන්නේ බොහෝ අවන්හල්වලින් සිය ආහාර රස කිරීමට විවිධ රසකාරක, මේදය, ලුණු සහ සීනි ආදිය වැඩියෙන් යෙදීමයි. මේ නිසා හැකි තරම් ඔබේ ආහාර නිවසින්ම සපයා ගැනීමට උත්සාහ කරන්න.

ඔබ ඔබවම සතුටු කරන්න

 ආහාර ගැනීමේ පුරුද්ද හැර ඔබව සතුටු කල හැකි වෙනත් මාර්ග සොයාගන්න. ඔබ නිසි පරිදි ආහාර පාලනය කරන විට ඔබට ලබාදෙන ත්‍යාගයක් වශයෙන් එම සතුටු කිරීමේ මාර්ග වල නිරත වන්න.

උදා:  ඔබ සතිය පුරා හොඳින් ආහාර පාලනය කිරීමට සමත් වුව හොත් සති අන්තයේ දී මිතුරන් හමුවීමට හෝ විනෝද චාරිකාවක් යෑමට යොදාගන්න

වෛද්‍යවරයකු හමුවන්න 

මේ කිසිදු ක්‍රමයකින් ඔබේ සිරුරේ ඇති තරබාරු බව සහ මේද ප්‍රමාණය අඩු වන්නේ නැතිනම් එය යම් රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මේ නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වීමෙන් ඔබේ ගැටළු වලට විසඳුමක් ලබාගන්න පුළුවන්.

උපුටා ගැනීම : wellnessexpert

What do you think?

Written by Mic

නිදාගැනීමට මොළයක් අවශ්‍ය නැත

වැඩි වේලාවක් අත් ඔරලෝසුවක් පැළඳ සිටීමේ අවාසි