Alagalla mountain range ![]()
අලගල්ල කියන්නේ කදු නගින්නන් අතර ඉතා ප්‍රසිද්ධ කඳවුරු පිහිටවන්නත් පුලුවන් අවසාන කොටස තරමක් අපහසු හා ඉතා පරිස්සමින් තරණය කළ යුතු (
එක කකුලක් හරි ලිස්සුවොත් නවතින්නෙ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ) මධ්‍යම සහ සබරගමුව පළාත් දෙකට මායිම වෙන උස මුහුදු මට්ටමේ සිට මීටර 1100ක් පමණ වෙන ඉතා සුන්දර අවසානයක් දක්නට ඇති කන්දකි.
මෙම කදු මුදුනට උතුවන්කන්ද, බතලේගල,ඌරාකන්ද වගේ ප්‍රසිද්ධ කඳු රාශියක් වගේම ඈතින් අම්බුලුවාවත් දැකගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මාවනැල්ල නගරයත් අනික් පසින් හතරලියද්ද ප්‍රදේශයත් බලාගන්න පුලුවන්. ඈතින් කොලොම්පුරේ බලාගන්න පුලුවන් වෙන එකම තමයි මේ අලගල්ලෙ වැදගත්කම.
කතාව මෙහෙමයි.
1948 පෙබරවාරි 04 දින ලංකාවට නිදහස ලැබෙන බවට ආරංචිය රට පුරා ගිහිං තියෙනවා. හැබැයි මේ අලගල්ල පාමුල එක්තරා ගමක මිනිසුන්ට මේ ‘නිදහස’කියන්නේ මොකක්ද කියලා තේරිලා නෑ. නිදහස දෙන්නේ කොළඹදි කියලා මෙයාල දන්නවා. හැබැයි අද මෙන් එදා කොළඹ එන එකත් ලේසි නෑ. මේ නිසා ගම්මු පිරිසක් නිදහස දෙන දින උදෙන්ම අලගල්ල නැඟලා කොළඹ දිහා බලා ඉන්න තීරණය කරලා. එහෙම හරි මේ නිදහස කියන්නේ මොකක්ද කියලා බලාගන්න.
කථා කරගත්තු විදිහට 1948 පෙබරවාරි 04 දින උදේ මිනිස්සු අලගල්ල නැඟලා හවස් වනතුරුම කොළඹ දිහා බලා හිටියත් මුකුත් දැකලා නෑ. පස්සේ රෑ බෝ වෙනකොට මෙයාලා කන්ද බැහැලා එනවා දකින අනිත් ගම්වැසියන් අහලා තියෙනවා
“හැබෑට උඹලා ඔය ලැබුණයි කියන නිදහස දැක්කද?”
කියලා.ඊට පස්සේ කඳු නැග්ග කට්ටිය
“බුදු අප්පොච්චියේ දැක්කද කියලත් අහනවා. එහෙම නිදහසක් උපන්තේකට දැක්කෙ නෑ”
කියලා කිව්වලු. ඊට පස්සේ අවුරුද්දේ ඉඳලා අනිත් කට්ටිය නිදහස බලන්න අලගල්ලට නැගලා. ඒත් වෙලා තියෙන්නේ අර වැඩේම තමයි. ඔන්න ඔය විදිහට තමයි නිදහස හොයාගෙන අලගල්ල නගින්න පටං ගත්තෙ .දැන් මේක කාලයක් මිනිස්සු නිකං විනෝදෙට වගේ කරන වැඩක් වෙලා. හැම අවුරුද්දකම සැලකිය යුතු පිරිසක් අලගල්ල නගිනවා නිදහස් දවසට.(copied )
ඉතිං නිදහස් දවසින් තමයි අලගල්ල නගින වාරෙ පටං ගන්නෙ. නිදහස් දවසට කලින් ගමේ මිනිස්සු එකතු වෙලා පාර සුද්ද කරල තමයි අලගල්ල වාරෙ පටං ගන්නෙ. අවාරෙ යන එක තමයි හොඳම විනෝදෙ. අඩි පාරවල් හොයා ගන්න බැරුව කකුලෙ විතරක් නැතුව මුලු ඇගේම කූඩැල්ලො එල්ලෙන මල් වලින් පිරිච්ච ගමනක් .
කොහොමද මේ ගමන යන්න පුලුවන්?
මෙහි පැමිණිය හැකි ප්‍රධාන මාර්ග තුනකි.
01.මහනුවර හරහා හෝ කුරුණෑගල හරහා පොත්තපිටියට පැමිණ අලගල්ල තේ කර්මාන්තශාලාව ලඟින් අලගල්ලට යන්න පුලුවන්
02.බොහෝ දෙනෙක් ගමන් කරන මාර්ගය ඉහළ කෝට්ටේ දුම්රිය පොළෙන් බැස ගමන් කරන මාර්ගය. කොලඹ – මහනුවර දුම්රිය මාර්ගයේ රඹුක්කන පහු වෙනවාත් සමඟ හමු වන ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් (මෙතනටත් අලගල්ල කන්ද ඉතා ලස්සනට දර්ශනය වෙනවා) බැස , අලගල්ල තේ කර්මාන්තශාලාව ලඟට වැටෙන මාර්ගයෙහි 3 km පමණ ඇවිද අලගල්ල මාර්ගයයට පිවිසෙන්න පුලුවන්.
මේ මොන පාරෙ ගියත් තේ වත්ත මැදින් ගමන් කළ යුතුය. මද දුරක් ගමන් කළ විට කන්ද වෙත දිවෙන අඩි පාර හමුවෙනවා මෙතන ඉදන් කන්ද මුදුනටම ගමන් කළ හැකිය.
ඔය පාර දිගේ කන්ද උඩට යද්දි මුලින්ම හම්බෙන්නෙ සිංහ කට. නිදහස් දවසට මුලින්ම සිංහ කටෙන් කොඩිය දාන්නෙ කව්ද කියල හොයන එකත් තරගයක්. සිංහ කටෙනුත් නැගල ගල දිගේ ගිහින් කටුසුකොන්ද ගාවට. නෑ නෑ ඒ කටුසු කොන්ද නෙවෙයි.මේ අලගල්ලෙ කටුසු කොන්ද.රූටන ගල කියලත් කියනවලු. ඕකෙන් බහින්නනම් හයිය කඹයක් නැතුව බෑ. ඔය දාන කඹේ මාරු කරන්නෙත් නිදහස් දවසට. ඊලගට මේ ගමනෙ දෙවනි කොටස .
කැලේ ඇතුලෙන් 1.5km-2 km විතර තමයි යන්න තියෙන්නෙ.වල් ඌරෝ හාරපු තැන් දිහාත් බලාගෙන චූටි කුරුල්ලන්ගෙ කිචි බිචියත් අහගෙන
පූජා ගල ලගට. පූජා ගලේ උඩ කුඩා ස්ථූපයක් ,සිරි පතුලක් වගේම කුඩා පොකුණකුත් තියනවා. දැන්නම් මෙතන ඉදිකිරීම් කිහිපයකුත් වෙනවා.
0නිදහස හොයාගෙන අලගල්ල කදු මුදුනට ![]()

කැලේ ඇතුලෙන් 1.5 km-2 km විතර තමයි යන්න තියෙන්නෙ.වල් ඌරෝ හාරපු තැන් දිහාත් බලාගෙන චූටි කුරුල්ලන්ගෙ කිචි බිචියත් අහගෙන
පූජා ගල ලගට. පූජා ගලේ උඩ කුඩා ස්ථූපයක් ,සිරි පතුලක් වගේම කුඩා පොකුණකුත් තියනවා. දැන්නම් මෙතන ඉදිකිරීම් කිහිපයකුත් වෙනවා.
03.තුන්වෙනි ගමන් මග තියෙන්නෙ මෙතන. ගංගොඩ දුම්රිය ස්ථානයේ ඉදන් එනවනම් මුලින්ම එන්නෙ පූජාගලට. ඊට පස්සෙයි කටුසු කොන්දයි සිංහ කටයි බලන්න යන්න වෙන්නෙ.
කොළඹ නිදහස හොයාගෙන අලගල්ල නැග්ගට ඇත්තටම මානසික නිදහසක් ලැබන තැනක් තමයි අලගල්ල කියන්නෙ. කියවලා ෆොටෝ බලල ඒ නිදහස විදින්න බැරිවෙයි. කාර්යබහුල ජීවිතෙන් පොඩි නිදහස් වෙලාවක් හොයාගෙන (දවසක් හොඳටම ඇති) නිදහස විදින්න අලගල්ලෙ යන්න
කොළඹ නිදහස හොයාගෙන අලගල්ල නැග්ගට ඇත්තටම මානසික නිදහසක් ලැබන තැනක් තමයි අලගල්ල කියන්නෙ. කියවලා ෆොටෝ බලල ඒ නිදහස විදින්න බැරිවෙයි. කාර්යබහුල ජීවිතෙන් පොඩි නිදහස් වෙලාවක් හොයාගෙන (දවසක් හොඳටම ඇති) නිදහස විදින්න අලගල්ලෙ යන්න.
Train එකේ අලගල්ලේ යනවා නම් ඉහලකෝට්ටෙ මීයන් ඇල්ල බලාගෙන යන්නත් පුලුවන් .ඉහලකෝට්ටේ ස්ටේශන් එකේ ඉදන් 1 km වගේ උඩට ගිහාම මීයන් ඇල්ලත් බලාගෙන යන්න පුලුවන්.
උපුටාගැනීම අන්තර්ජාලයෙනි, ඡායා රූප වල අයිතිය මුල් අයිතිකරුවන් සතුය
(YAMAN DO)