in

 සුදු හිම තට්ටු රතු ලේවලින් පෙඟී ගිය ඒ මාරාන්තික නත්තල.. හිට්ලර්ගේ අවසන් මාරක තුරුම්පුව සහ නොසැලෙන වීරත්වයේ “බල්ජ්” මෙහෙයුම..

​යුද්ධයක් දිනන්න ඕනේ අවි ආයුධ විතරක්ද? එහෙමත් නැත්නම් නොසැලෙන මිනිස් ධෛර්යයද? අද අපි කියන්න යන්නේ, අංශක බින්දුවට වඩා අඩු මාරාන්තික ශීතලක, කෑමත් නැතිව, උණ්ඩත් නැතිව, මරණය පෙනි පෙනී සටන් කරලා ලෝක යුද්ධයක ඉරණම වෙනස් කරපු ගැහෙන හදවත් ඇති මිනිසුන්ගේ කතාවක්.. මේක තමයි Battle of the Bulge.

​ඔබ හිතනවා ඇති මේක හොලිවුඩ් ෆිල්ම් එකක කතාවක් කියලා, හැබැයි මේක 100% ක් ඇත්තටම වුණු දෙයක්..

📍 අපි යමු 1944 අවුරුද්දේ දෙසැම්බර් මාසයට… දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා හැමෝම හිතපු කාලය. මිත්‍ර පක්ෂයේ සොල්දාදුවන් හිටියේ නත්තලට ගෙදර යන්න හීන දකිමින්. හැබැයි බෙල්ජියමේ ආර්ඩෙනස් (Ardennes) වනාන්තරයේ නිහඬතාවය අස්සේ හිට්ලර් තමන්ගේ අවසාන මාරක තුරුම්පුව ලෑස්ති කරමිනුයි හිටියේ.

​හිට්ලර්ට ඕන වුණා එක පාරටම මිත්‍ර පක්ෂයට කඩා පැනලා, ඔවුන්ගේ හමුදාව දෙකට බෙදලා දාන්න. මේක හරියටම වුණොත් යුද්ධය තවත් අවුරුදු ගාණකට ඇදිලා යනවා.

❄️ දෙසැම්බර් 16 හිමිදිරියේ, දැඩි මීදුම අස්සෙන් ජර්මානු කාලතුවක්කු දහස් ගණනක් එකවර සක්‍රීය කළා. බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ආරක්ෂක වළලු බිඳගෙන හිට්ලර්ගේ යෝධ ‘ටයිගර්’ ටැංකි සේනාංක ඉදිරියට ආවා. මිත්‍ර පක්ෂයේ සිතියමේ ලොකු “නෙරුමක්” (Bulge) ඇති කරමින් ජර්මානුවන් ඉදිරියට ආපු නිසා මේකට “බල්ජ් සටන” කියලා නම වැටුණා.

​මෙන්න මෙතනදී තමයි ඉතිහාසයේ ලොකුම වීරකම සිද්ධ වෙන්නේ.

🏰 බැස්ටෝන් (Bastogne) කියන කුඩා නගරය ඇතුලේ ඇමරිකානු 101 වන පැරෂුට් බලඇණිය හිර වෙනවා. ඔවුන්ව වට කරලා හිටියේ ලක්ෂ ගණනක ජර්මානු හමුදාව. ළඟ තිබුණු හිම කබා ටිකත් ඉවරයි, කෑමත් නෑ, තුවාල වුණු අයට බෙහෙතුත් නෑ. හැමතැනම තිබුණේ සුදු හිම මත වැගිරුණු රතු ලේ විතරයි.

​ජර්මානු අණදෙන නිලධාරියා පණිවිඩයක් එවනවා “දැන්වත් යටත් වෙන්න, නැත්නම් හැමෝම මරනවා” කියලා. එතකොට ඇමරිකානු ජෙනරාල් මැක්ඕලිෆ් දුන්න පිළිතුර අදටත් ලෝක ප්‍රසිද්ධයි. ඔහු ලියුම් කෑල්ලක ලියලා යැව්වේ එකම එක වචනයයි:

​”NUTS!” (අපේ භාෂාවෙන් කිව්වොත් “පිස්සුද බං උඹලට!”)

​ඔවුන් යටත් වුණේ නැහැ. හිම වළවල් අස්සේ ගැහෙමින්, තමන්ගේ සහෝදර සොල්දාදුවන් මැරිලා වැටෙද්දීත් ඔවුන් දවස් ගණනාවක් ඒ නගරය ආරක්ෂා කළා.

⚔️ දෙසැම්බර් අවසානයේ අහස පැහැදිලි වුණා. මිත්‍ර පක්ෂයේ ගුවන් යානා අහසින් බෝම්බ දාද්දී, සුපිරි මොළකාරයෙක් වුණු ජෙනරාල් පැටන් (General Patton) තමන්ගේ මුළු හමුදාවම හිම පීරාගෙන අරගෙන ඇවිත් බැස්ටෝන් නගරය බේරගන්නවා.

​හිට්ලර්ගේ ඒ අවසාන තුරුම්පුවත් පැරදුණා. ජර්මනියේ දක්ෂම සොල්දාදුවන් සහ ටැංකි මේ සටනින් විනාශ වුණා. මේක තමයි නාසි ජර්මනියේ අවසානයේ ආරම්භය.

🕊️ මේ සටන ඉවර වෙද්දී සොල්දාදුවන් ලක්ෂයකට වඩා මියගිහින් හෝ තුවාල වෙලා හිටියා. යුද්ධය කියන්නේ සිතියම් වල අඳින ඉරි කෑලි නෙවෙයි, ඒ ඉරි කෑලි වෙනුවෙන් තමන්ගේ තාරුණ්‍යය හිම යට වළලා දාපු දහස් ගණනක් තරුණයන්ගේ සුසුම් පොදියක්.

​අදටත් බෙල්ජියමේ ඒ වනාන්තරවලට හිම වැටෙද්දී, එදා ඒ සීතලේ තමන්ගේ මව්බිම වෙනුවෙන් ගැහුණු හදවත්වල රිද්මය ඒ ගස් අතරේ රැව් දෙනවා ඇති.

🧐 Battle of the Bulge අපිට කියලා දෙන්නේ මොනතරම් ප්‍රබල සතුරෙක් ආවත්, නොසැලෙන ධෛර්යය සහ එකමුතුකම තියෙනවා නම් ඕනෑම බලකොටුවක් රැකගන්න පුළුවන් කියන එකයි.

​ඉතින් මේ සත්‍ය කතාව ගැන ඔබ මොකද හිතන්නේ? ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී ගිය මෙවැනි කතා මිනිසුන් තවත් යුද්ධයකට යාම දෙවරක් සිතා බැලීමට සලස්වයි?🚀

ඉතින් මෙවැනි කතා ඉදිරියටත් රැගෙන ඒමට අපගේ පිටුව follow කර තබන්න.

උපුටා ගැනීම : Unspoken Tales ෆේස්බුක් පිටුව

What do you think?

Written by Mic

කිරුළ අහිමි වූ රජු!

රෝම අධිරාජ්‍යයේ ආර්ථිකය සලිත කළ ලාංකීය වෙළඳාම