අපි හැමදාම අපේ හදවත ගැන කතා කළාට, මේ දේවල් ඔයා මීට කලින් අහලා තියෙනවද? අද මම කියන්න යන්නේ අපේ පපුව ගැහෙන හදවත ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේම කතාවක්! ![]()
හදවතට පිළිකා හැදෙන්නේ නැත්තේ ඇයි? ගොඩක් අයට ප්රශ්නයක් නේද ඇයි වෙන අවයව වලට වගේ හදවතට පිළිකා හැදෙන්නේ නැත්තේ කියලා? ඒකට හේතුව තමයි හදවතේ තියෙන සෛල වෙන අවයව වල වගේ නිතරම බෙදෙන්නේ නැති එක. සෛල බෙදෙන්නේ නැති නිසා පිළිකා ඇතිවෙන්න හේතු වෙන සෛල විකෘතිතා (mutations) ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. ![]()
![]()
එහෙනම් හදවතට තියෙන ලොකුම සතුරා කවුද? පිළිකා හැදුණේ නැති වුණාට අපේ හදවතට තියෙන ලොකුම අවදානම තමයි හෘද රෝග (Heart Disease). අපි කන බොන තෙල් කෑම, කිසිම එක්සයිස් එකක් නැති අවුල් lifestyle එක නිසා නහර වල තෙල් බැඳෙනවා (plaque). කාලයක් යද්දී මේක නිසා අපේ හදවත දුර්වල වෙලා, ලෙඩ ගොඩකට අත වනනවා. ![]()
![]()
හදවතටත් වෙනම මොළයක් තියෙනවද? මේක නම් ඔයා අහලම නැතුව ඇති! හදවත ඇතුළෙත් වෙනමම නියුරෝන ජාලයක් තියෙනවා (Intrinsic Cardiac Nervous System). මේක හරියට හදවතේ තියෙන ‘පොඩි මොළයක්’ වගේ. මේකෙන් තමයි හදවත ගැහෙන එක පාලනය කරන්නේ වගේම අපේ ප්රධාන මොළයත් එක්ක කතාබහ කරලා (communicate කරලා) වැඩ ටික කරගෙන යන්නේ. මාරයි නේද? ![]()
![]()
ඇත්තටම දුක හිතුණාම හදවත කැඩෙන්න පුළුවන්ද? ඔයා අහලා තියෙනවද Takotsubo Syndrome නැත්නම් ‘Broken Heart Syndrome’ ගැන? ඔව් මචං, ගොඩක් දුක හිතුණාම, නැත්නම් ලොකු පීඩනයක් (stress) ආවාම ඒ හැඟීම් අපේ හදවතට physically බලපානවා. ඒ කියන්නේ අධික දුක නිසා තාවකාලිකව හදවතේ හැඩය සහ වැඩ කරන විදිය පවා වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා හිත රිදෙන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙලා, සතුටින් ඉන්න බලමු! ![]()
![]()
අපේ ජීවිතේම ගැටගැහිලා තියෙන මේ හදවතට ආදරේ නම් අදම පරිස්සම් කරගන්න. ඔයාගේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම මේක Share කරන්න! ![]()
උපුටා ගැනීම : Review By Sankalpa


