in

හිඟන්නාගේ තියරිය

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද?

එහෙනම් ඔයා “හිඟන්නාගේ තියරිය” භාවිත කරන්න.

හිඟන්නාගේ තියරිය??ඔයා බැලුවා නේද ඒ මොකක්ද කියලා…

ඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්න.

ඔයා එදා හිඟන්නා ගැන අවධානය දීලා එයාට රු.50 ක් දෙනවා..

මෙන්න මේ මනුස්සයා දෙවනි දවසෙත් ඇවිල්ලා.

එදත් ඔයා රු.20 ක් දෙනවා..

ඔහොම ඔහොම හිගන්නා සල්ලි ලැබෙන නිසා පුරුද්දක් විදියට දිනපතාම ඔයාගේ ගෙදරට එන්න ගත්තා..

දැන් ඔයාට මේක කරදරයක්..

එතකොට ඔයා ඒ තත්ත්වේ නැති කරගන්න මොකද කරන්නේ?

හිගන්නා ආයි දවසක් ඇවිත් ගෙදර ගේට්ටුවට තට්ටු කළාම ඔයා ඇහුන්නෑ වගේ,ගෙදර කවුරුත් නෑ වගේ මුකුත්ම රිඇක්ෂන් එකක් නොකර ඉන්නවා.

ඊට පස්සේ ටික වෙලාවක් බලල හිගන්නා හැරිල යනවා.ඊළග දවසේ එයා ආයෙත් එනවා. ඇවිත් ගේට්ටුවට තට්ටු කරනවා.එදත් ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ටිකක් බලල එයා හැරිල යනවා.

ඔහොම එයා දවස් ගානක්ම එනවා. ගේට්ටුවට තට්ටු කරනවා.හැබැයි ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ඊට පස්සේ හිගන්නාම ඔයාගේ ගෙදරට එන එක නතර කරල දානවා.ඔයාගෙන් රිඇක්ෂන් එකක් නැති නිසා.

ඔන්න ඔය පාවිච්චි කරපු තියරියම තමයි අපි අර මනසට පීඩාකාරි,කරදරකාරි සිතුවිල්ලක් එනකොටත් කරන්න ඕන.

ඒ සිතුවිල්ලට හිතට එන්න දෙන්න.

ඔයා ඒ සිතුවිල්ල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න.

ඒ සිතුවිල්ලට බය වෙන්නවත් දුක වෙන්නවත් එපා. ඒ සිතුවිල්ලට කිසිම රියැක්ෂන් එකක් ඔයා පෙන්වන්න එපා.ඒ කියන්නේ ඒ සිතුවිල්ල ගණන් ගන්න එපා,ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.

ඔයා ඒකට රිඇක්ෂන් එකක් කරොත් තමයි ඒ සිතුවිල්ල ආයි ආයි හිතට එන්නේ. ඒක කොයිතරම් පීඩාකාරී,අසහනකාරී සිතුවිල්ලක් වුණත් ඒකට කිසිම විදියකට බය,දුක වගේ ප්‍රතිචාර දක්වන්න එපා.

ඒක හරියට වාහනයක යද්දී පාර දෙපැත්තේ තියෙන ගස්,මිනිස්සු, ගොඩනැගිලි දැක්කට ඒ රූප සංඥාවලට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ වගේ.ඒව දිහා බලන් ඉන්නේ හිස් බැල්මෙන්.ආන්න ඒ වගේ හිතට එන ඒ සිතුවිලි දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න.

මුලින්ම මේක කරන්න ටිකක් අමාරු වෙයි.මොකද මේ එන සිතුවිල්ල ගොඩක් පීඩාකාරී අසහනකාරී එකක් වෙන්න පුලුවන්නේ.ඒ නිසා ටිකෙන් ටික පුරුදු කරන්න.ටික කාලයක් යද්දි ඔයාම ඒකට හුරු වෙයි.

එතකොට හිතට පීඩාකාරී සිතුවිල්ලක් එනකොට ඒකට අනවශ්‍ය බයක්, දුකක්, පීඩනයක් ඔයාට නොදැනේවි.ඒක හිතට එන නිකම්ම නිකම් සිතුවිල්ලක් බව ඔයාට දැනේවි.ඉතින් ඔයා ඒ සිතුවිල්ලට රිඇක්ෂන් එකක් නොකරන නිසා ක්‍රමානුකූලව ඒ සිතුවිල්ල හිතට එන එක නතර වේවි.සතුටින් ඉන්න ඔයත් මේ දේ කරලා බලන්න.

What do you think?

නැවත හිස ඔසවන චිකන් ගුන්යා