in

ළමා මොළයට සෙල්ලම් බඩු

ළමයින් කුඩා කාලයේදී රැක බලා ගැනීම අපහසු වීම හේතුවෙන් මව්පියෝ විවිධ සෙල්ලම බඩු ඔවුන් අතට දී එදිනෙදා නිවෙසේ කටයුතු සිදු කිරීමට පෙලැඹී සිටිති. එහෙත් දරුවන්ගේ මොළයෙහි වර්ධනය සිදු වන්නේ කුඩා අවධියේදී බව බොහෝ අය නොදනිති.

අවුරුදු 8ක් පමණ වන තුරු ළමා මොළයෙහි ශීඝ්‍ර වර්ධනයක් සිදු වන අතර එම කාලය තුළ මව්පියන්ගේ දැනුම්වත්භාවය අතිශයින්ම වැදගත් බව වෛද්‍යවරු පවසති.

ළමයින්ට දෙන සාමාන්‍ය සෙල්ලම් බඩු ළදරුවන්ගේ එක් එක් කාල සීමාවලට, සීමා වන අතර Lovevery Play Kits මඟින් මොළය වර්ධනයේ සෑම අධියරකදීම ඔවුන්ව සම්බන්ධ කර ගැනීමට හැකි වන අයුරින් නිර්මාණය කර තිබේ. ළදරුවාට සති 8ක් පමණ යන තුරු දෘශ්‍ය උත්තේජනය සඳහා කළු හා සුදු වර්ණ උපයෝගී කරගෙන කාඩ්පත් මඟින් ඔවුන්ට සෙල්ලම් කිරීමට හැකියාවක් ඇත. තවද මාස 7 සිට 8 දක්වා ගැටලු විසඳීම සඳහා සරල ක්‍රියාකාරකම් පවතින අතර දරුවා වර්ධනය වත්ම වෙනස් ක්‍රියාකාරකම්වල නිරත වීමට මෙමඟින් හැකියාව ලැබේ. ඩොලර් 80ක් වැනි මුදලකට වෙළෙඳපොළෙන් මෙය මිල දී ගත හැකිය.

දිනමිණ

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

පාස්කු දා ප්‍රහාරයේ අබිරහස් ළඟදීම හෙළි කරනවා

ඔළුව රකින්න ආ පාපැදි හෙල්මට්