වසරක් ගෙවිලා තවත් අලුත් වසරක් ආරම්භ වෙන්න අදට හරියටම තියෙන්නේ දවස් දෙකයි. සමහර කෙනෙක් ගොඩක් පසුතැවෙනවා ඇති මේ අවුරුද්දේ මම හිතපු කිසි දෙයක් මට කරගන්න බැරි වුණාකියලා.තවත් කෙනෙක් පසුතැවෙනවා ඇති 2024 අවුරුද්දේ මට ලැබුණේ කටුක අත්දැකීම් විතරයි කියලා.
ඒ කොහොම වුනත් ඔයා මතක තියාගන්න ඔයා යන්නේ අලුත් අවුරුද්දකට.ඒ අවුරුද්දට යද්දී අතීතය අමතක කරලා,හැබැයි අතීතයෙන් උගත් පාඩම් එක්ක ඉස්සරහට යන්න.
ඔයා ඔයාව විශ්වාස කරන්න.2024 අවුරුද්දේ ඔයාට කරගන්න බැරි උන හැමදේම සාර්ථකව 2025 කරන්න.පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න.රැකියාවක් පටන් ගන්න.අධ්‍යාපනයේ ඉහළටම යන්න.ඔයාගේ හොඳ අවුරුද්ද 2025 කරගන්න එක තියෙන්නේ ඔයාගේ අතේ.
පුලුවන්නම් 2025 ඔයාගේ targets වෙනුවෙන්ම වෙන් කරන්න.මේක ඔයාට Challenge එකක්.හීන තියෙන්නේ දකින්න විතරක් නෙමෙයි. ඒවා හැබෑ කරගන්නත් පුළුවන්.අලුත් අවුරුද්දේ අලුතින්ම වැඩ පටන්ගන්න.