මේ වන විට ලොව පුරා භාවිතයට ගැනෙන 5 G ( 5th generation – පස්වැනි පරම්පරාවේ)සෛලීය දුරකථන කුලුනුවලින් නිකුත් වන ප්‍රබල විද්‍යුත් චුම්බක විකිරණ සොබාදහමේ සමබරතාවට තර්ජනයක්ව පවතින බවපෝලන්ත පර්යේෂකයන් විසින් අනාවරණය කරගනු ලැබ ඇත. එහිදී වඩාත් අවධානයට ලක්ව ඇත්තේ විද්‍යුත් චුම්බක විකිරණවලට නිරාවරණය වූ විට මී මැස්සන් තම වද අතහැර යන බවටයි. ලොව වඩාත් වටිනාම සත්වයා වන්නේ මී මැස්සාය. මී මැස්සන් යනු සොබා දහමේ පැවැත්මට අත්‍යවශ්‍ය ජීවියෙකි. සපුෂ්ප ශාකවල මල් පරාගනයට මීමැස්සන් දායක වෙයි. එය ලෝකයේ ආහාර බෝගවලින් 1/3 කට වඩා වැඩිය. එබැවින් මී මැස්සන්ගෙන් තොර මිහිතලයේ ජීවය පවත්වා ගැනීමක් ගැන සිතන්නටවත් නොහැකිය.
මෙම 5 G කුලුනු ආසන්නයේදී මී මැස්සන්ගේ හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂණය කරන්නට මෙම පර්යේෂකයෝ සමත්වූහ. මේ හේතුවෙන් මීමැසි ජනපදවල කම්කරැ මී මැස්සන්ගේ නැවත වද කරා පැමිණීමට බාධා පැමිණ තිබේ. මේ හේතුවෙන් එම මී වදවල පැවැත්මට තර්ජනයක් මතුව තිබේ. නවීන රුහැන් රහිත තාක්ෂණය මීමැස්සන් ඇතුළු කෘමීන්ගේ ක්‍රියාකාරිත්වයට බලපාන්නේ කෙසේද යන්න ගැන ගැටලු මතුව තිබේ.
එහිදී පෙනී ගොස් ඇත්තේ මෙම විද්‍යුත් චුම්බක විකිරණ මගින්මීමැස්සන්ගේ සංචරණ පද්ධතියට බාධා පමුණුවන බවයි. මී මැස්සන් තම මග සොයාගන්නේ චුම්බක සංඥා සහ සියුම් කම්පනවලිනි. 5 G විද්‍යුත් චුම්බක විකිරණවලට නිරාවරණය වු විට ඔවුනට තම වදය කරා යාමට ඇති දිශානතිය අහිමි වේ. එවිට රොන් සොයා යන මීමැස්සන් ආපසු පැමිණීමේදී අරමුණක් නැතිව සැරිසැරීමට සිදුවන අතර තම වදය සොයා ගැනීමට නොහැකි වී යයි. මේ පිළිබඳ තව තවත් පර්යේෂණ සිදුවිය යුතුය. තාක්ෂණයේ දියුණුවත් සමග එහි හානිකර බලපෑම දැනෙන්නේ සොබාදහමටය.
5G මගින් අපට වේගවත් සන්නිවේදනයක් රුගෙන ආවද අපට නොදැනෙන නොහැඟෙන ලෙස පරිසර පද්ධතිවලට බලපෑමක් කරමින් සිටියි. මීමැස්සන් වඳ වී ගියහොත් එය වඩාත් දැනෙනුයේ අපගේ ආහාර සුරක්ෂිතතාවටයි. ආහාර නොමැතිව අපට ජීවත් වීමට නොහැකිය. අපගේ ඇසට නොපෙනෙන එහෙත් ගුවන සිසාරා ඇති මෙම තරංගවල බලපෑම ගැන සොයා බැලීමට කාලය එළඹ ඇත.
උපුටා ගැනීම: විජය


