2024 විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට හිමි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.2024 විශ්ව රැජින තරගය සඳහා රටවල් 125 ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව සිටින ලදී.ඒ අනුව මෙම 73 වන විශ්ව රූ රැජින තරගය පැවැත්වුණේ මෙක්සිකෝවේදීයී.
ඩෙන්මාර්කය නියෝජනය කරමින් තරගයට සහභාගී වූ 21 හැවිරිදි වික්ටෝරියා ටෙල්විග්ට මෙවර කිරුළ හිමි විය.ඇය නර්ථන ශිල්පිනියක් මෙන්ම ව්‍යවසායිකාවක් හා වෘත්තියෙන් නීතිඥවරියක් ද වේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ විශ්ව රූ රැජින කිරුළ හිමිකර ගැනීමට ඩෙන්මාර්කය සමත් වූ පළමු අවස්ථාව එය බවයි.
පසුගිය සතියේ පැවති අවසන් වටයේ තරඟයෙන් අවසන් තරගය සඳහා තෝරාගෙන තිබුණේ තරගකාරියන් 30 දෙනෙකු පමණයි.
තරගයේ දෙවන ස්ථානය නයිජීරියාව නියෝජනය කරමින් සහභාගී වූ චිදිම්මා ඇඩෙට්ෂිනා හිමිකර ගත් අතර තුන්වන ස්ථානය හිමි වූයේ මෙක්සිකෝව නියෝජනය කරමින් තරගයට සහභාගී වූ මරියා ෆර්නැන්ඩා හටයි.