in

74 හැවිරිදි විශ්‍රාමික බැංකු කරුවෙකු වන අශෝක් ටෙවානි

ඉන්දියාවේ නාග්පූර්හි ජීවත් වන 74 හැවිරිදි විශ්‍රාමික බැංකු කරුවෙකු වන අශෝක් ටෙවානි දශකයකට වැඩි කාලයක් කුරුල්ලන් සදහා කූඩූ සෑදීමට කාලය ගත කර තිබෙනවා.🐦

2014 සිට, ඔහු මංගල කාඩ්පත්, චොකලට් පෙට්ටි සහ පැරණි කාඩ්බෝඩ් වැනි ඉවතලන ද්‍රව්‍ය වලින් ගේ කුරුල්ලන් සදහා කූඩු නිර්මාණය කර තිබෙනවා. අසල්වැසියන් භාවිතයට නොගත් කාඩ්පත් දැමීම සඳහා ඔහුගේ නිවසේ එකතු කිරීමේ පෙට්ටියක් පවා තිබෙනවා.

පසුගිය වසර 12 තුළ, ඔහු තම දෑතින් කූඩු 2,725 කට වඩා සාදා තිබෙනවා. සෑම කූඩුවක්ම සෑදීමට පැය 5,6 දක්වා ගත වන අතර ගේ කුරුල්ලන්ට කූඩු කිරීමට සහ ඔවුන්ගේ පැටවුන් ඇති දැඩි කිරීමට ආරක්ෂිත, සුවපහසු ස්ථානයක් ලබා දීම සඳහා නිර්මාණය කර තිබෙනවා.

උපුටා ගැනීම :Dutu Nodutu Lokaya

What do you think?

Written by Mic

ගොවිපළෙන් පැනගොස් යෝධ බයිසන් රංචුවකට එකතු වුණු අපූරු එළදෙන

චුම්බක ජල පෙරීමේ මූලාකෘතියක්