in

80% ක් හින්දූන් ඉන්න රටක ජාතික කොඩියට “ධර්ම චක්‍රයක්” ගියේ මෙහෙමයි

ඒත් 80% ක් හින්දූන් ඉන්න රටක ජාතික කොඩියට “ධර්ම චක්‍රයක්” ගියේ කොහොමද???
එහෙම දාන්න තරං ඉන්දියාවේ හයියක් තිබ්බ බෞද්ධයා කව්ද???
ඉන්දියානු ජාතික කොඩියේ තියෙන මේ “ධර්ම චක්‍රය” තමයි , ඇත්තම නිවැරදි “ධර්ම චක්‍රය” වෙන්නෙත්..
මේක ධර්මාශෝක අධිරාජයා රහතන් වහන්සේලා යුගයෙ හදපු “ධර්ම චක්‍රයයි”..මේක අවුරුදු 2300ක් විතර පරණයි..
මේ කතාව පිටිපස්සේ ඉන්නේ ඉන්දියානු පහත්ම කුළයක් වූ “දාලිත්” කුලයක ඉපදිලා, වංශවතුන්ගේන් ගුටි කකා ඉගෙන ගෙන,
ඉන්දියානු ව්‍යවස්ථාව පවා හදපු, බෝධිසත්ව ගුණ තිබ්බ කෙනෙක්..
විස්වාස කරන්න ඉන්දියානු ව්‍යවස්ථාව හදන්නේ බෞද්ධයෙක්..
ඒ තමයි “බීම්රාවෝ අම්බෙඩ්කාර් තුමා”..
එතුමා හරියට ජාතක කතාවල එන තමන්ගේ ජාතිය බේර ගන්න සටන් කරපු “බෝධිසත්ව මුව රජෙක්” වගේ.. ඒ නිසාම ඉන්දියාවේ අඩුකුලේ මිනිස්සු එතුමාව “බෝධිසත්වයෙක්” විදියට සැලකුවා..
අම්බෙඩ්කාර් තුමා 1891 දී “දාලිත්” පවුලක උපදිනවා…හින්දූන් “දාලිත්වරු” සැලකුවේ…
“ස්පර්ෂවත් නොකල යුතු පිරිසක්” හැටියටයි..
පුංචි අම්බෙඩ්කාර්ට ඉස්කෝලේ පන්තිය ඇතුලේ වාඩිවෙන්න ලැබුනේ නෑ.. පන්තියෙන් එලියේ ගෝනියක් එලාගෙන වාඩිවෙලා තමයි ඉගෙන ගන්න වුනේ..
මෙයාලට අනිත් ලමයි බොන වතුර බොන්න තහනම්.. වතුර ඔනී උනොත් ඉස්කෝලේ “පියන්” වෙනම වතුර එකක් ගෙනත් දෙනවා…
“පියන්” ආපු නැති දවස්වලට පුංචි අම්බෙඩ්කාර් දවසම වතුර නැතුව ඉන්න ඔනී..
හැබැයි “අම්බෙඩ්කාර්” හොදට ඉගෙන ගත්තා..
මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මඟ අධ්‍යාපනය බව ඔහු දැනන් හිටියා..
මේ අඩුකුලේ කොල්ලා කොයිතරම් දුරට ඉගෙන ගත්තාද කියනවා නං…
ලන්ඩන්,කොලොම්බියා, ආදි විශ්ව විද්‍යාල වලින්..ආර්ථික විද්‍යාව, විද්‍යාව, දර්ශන වාදය, නීතිය, ගැන ආචාර්‍ය උපාධි ගත්තා…
ඔහුට මේ වගේ අධ්‍යාපන සුදුසුකම් 32ක් තිබ්බා..
එකල ඉන්දියාවේ හිටපු උගත්ම කෙනා වුනේ “අම්බෙඩ්කාර්” තුමායි..
පිටරට ගිහින් අධ්‍යාපනය අවසන් කරලා ආපු අම්බෙඩ්කාර්ට ඕනී වුනා, තමන්ගේ ජනතාව හින්දු කුළ වාදය නිසා විඳින දුකට විසඳුමක් හොයන්න..
ඒ නිසාම ඔහු 1935 දී අභිත ප්‍රකාශයක් කරනවා..
“”මම හින්දුවෙකු ලෙස ඉපදුනත්, හින්දු භක්තිකයෙක් ලෙස මිය නොයමි”””
මේ ප්‍රකාශයත් එක්ක ඉන්දියානු ආගමික සමාජය විශාල ලෙස කැළඹුනා..
අම්බෙඩ්කාර්ව ඔවුන්ගේ ආගමට ගන්න විවිධ ආගමික නායකයින් ඔහු ලඟට ආවා.. ඉස්ලාම්,කතෝලික, සික් , ආදි සියලු ආගමික නායකයින් ගේ ආරාධනාව ඔහු ප්‍රතික්ෂේප කලා..
ඔහු කිව්වේ එ සියලු ආගම් වල ඔහු සොයන නිදහස සහ තාර්කික බව නැති බවයි…
ඔහු වසර 20ක් ඉන්දියාවේ පැවති සියලු ආගම් අධ්‍යයනය කලා..1950 දි ඔහු ලංකාවට ආවා..ඇවිත් බුදු දහම ගැනද අධ්‍යයනය කලා…
අන්තිමේ “අම්බෙඩ්කාර්” තමන්ගේ ජාතිය වෙනුවෙන් මේ ලෝකේ පැවති අවිහිංසාවාදීම,කුල භේද නැති, එකම ආගම තෝර ගත්තා..
ඔහු කිව්වේ…
“””මා සොයන්නේ ආගමකට එහා ගිය නිදහස,සමානාත්මතාව සහෝදරත්වය ඇති තර්කාණුකූල ආගමක්””” බවයි..
උපන්දා ඉදන් දුක් විඳපු “දාලිත් වරු” ලක්ෂ ගණනක් වෙනුවෙන් අම්බෙඩ්කාර් අන්තිමේ මේ ලෝකයෙයි ඇති ශ්‍රේෂ්ඨතම ආගම වූ “බුදු දහම” තෝර ගත්තා..
එවකට ඉන්දියාවේ හිටපු උගත්ම මනුස්සයාට තෝර ගන්න තිබ්බ ශ්‍රේෂ්ඨතම දහම වුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි..
1956 ඔක්තොම්බර් 14 වනදා ඉන්දියානු පහත් කුලේ දාලිත් වරුන්ට ඓතිහාසික දවසක්…
“ලක්ෂ 5ක්” පමණ දාලිත්වරු පිරිසක් මහාරාෂ්ඨා වලට රැස් වුනා..
මහාස්ථීවර නමක් වූ “චන්ද්‍රමුණි” ස්වාමින්වහන්සේ විසින් අම්බෙඩ්කාර් තුමා ඇතුලු රැස්වසිටි
ලක්ෂ 5ටම තෙරුවණ් සරණ දී, පන්සිල් සමාදන් කෙරෙව්වා..ඔවුන් සියල්ල එතැන් පටන් බුදුරජාණන් වහ්න්සේ සරණ ගියා..
එය සැලකෙන්නේ ලෝක ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම ආගමික පරිවර්ථනය ලෙසටයි..
ඒ වෙනකොට ඉන්දියාවේ “අම්බෙඩ්කාර්” තුමාට විශාල කීර්තියක් තිබුනා..
ඔය කාලේ තමයි ඉන්දියානු ව්‍යවස්ථාව හදන්න තීර්ණය කලේ..
මේකට සුදුසුම කෙනා හොයද්දි,
“සැම ජනවර්ගයකටම සමානව සැලකිය හැකි එකම කෙනා” ලෙස සියල්ලන්ගෙම මතය වුනේ අපේ අම්බෙඩ්කාර් තුමාවයි..
ඇත්තටම ඉන්දියානුවන් මුලින් ජාතික කොඩිය සඳහා තෝරගෙන තිබුනේ ගාන්ධිගේ “රෙදි වියපු රෝදයයි”…
හැබැයි අම්බෙඩ්කාර් තුමා ඒකට කැමති වුනේ නෑ.. ඔහු තමයි ජාතික කොඩියට අශෝක ස්ථම්භයේ ඇති “ධර්ම චක්‍රය” යෝජනා කරන්නේ..
ඔහු කිව්වා.. “”ධර්මය සහ සාදාරණත්වය පදනම් කරගත් සංඛේතයක් අවශ්‍යයි..ඒ නිසා ඊට සුදුසුම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය බව””..
ඒ අනුව 1947 දී “ධර්ම චක්‍රය” සහිත ඉන්දියානු ජාතික කොඩියත්, ඉන්දියානු ව්‍යවස්ථාවත් හදන්න අපේ අම්බෙඩ්කාර් තුමා සමත් වුනා..
එතුමා ඒයින් නැවතුනේ නෑ…ඉන්දියාණු රාජ්‍ය ලංඡ්නයට යොදා ගත්තේත් අශෝක රජතුමාගේ ලාංඡනයයි.. එනම් සිංහයන් සහිත ධර්ම චක්‍රයයි..
ඉන්දියානු ජාතික කොඩියට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම චක්‍රයත්, රාජ්‍ය ලාංඡ්නයට චෛත්ති 84000ක් හදපු ධර්මාශෝක රජතුමාගේ ලාංඡ්නයත් දාන්න තරං මේ අඩුකුලේ උපන් අම්බෙඩ්කාර් තුමාට කොහොම “පවර්” එකක් තියෙන්න ඇත්ද????
ඒ තරම් මහේශාක්‍ය වෙන්න එතුමා සසරේ මහා පිනක් කරන්න ඇති..
තමන්ගේ රැහේ එවුන් රැකපු බෝසත් මුවෙක් වන් අම්බෙඩ්කාර් තුමා නිසා 1961 වෙනකොට අඩුකුලේ හින්දූන් “මිලියන 03ක්” බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තිබ්බා..
එතුමා 1956 දෙසැම්බර් 06 මිය යනවා..
විස්වාස කරන්න, මේ බෝධිසත්ව ගුණ තිබ්බ අම්බෙඩ්කාර් තුමා මිය ගිය දිනය ඉන්දියානුවන් සමරන්නේ “පරිනිර්වාණ දිනය” කියලයි..
එතුමා උපන් දවස වෙච්ච අප්‍රේල් 14 ඉන්දියානු ‍රජයේ නිවාඩු දවසක් කලා..අදටත් ඒ දවස “අම්බෙඩ්කාර් ජයන්තිය” ලෙස සමරණවා..
එතුමා මිය ගිය පසු, 1988 දී ඉන්දියානූ භික්ෂු සංගමය විසින් එතුමාව “බෝධීසත්ව” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා..
2012 දී පවත්වන ලද ජනමත විචාරණයකින් නිදහස් ඉන්දියාවේ “ශ්‍රේෂ්ඨතම ඉන්දියානුවා” ලෙස ද එතුමා තේරි පත්වුනා..
එතුමා විසින් බෞද්ධ වූ සියල්ලන්ම කරුණු 22 කින් සමාදන් කෙරෙව්වා..ඒ 22න් බෞද්ධ අපිට අදාල ටික විතරක් දාන්නම්..

බුදුන් වහන්සේගේ ප්‍රතිපත්තිවලට සහ ඉගැන්වීම්වලට පටහැනි කිසිදු ක්‍රියාවක් මම සිදු නොකරමි.

මම බුදුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ දස පාරමිතාවන් මම අනුගමනය කරමි.

සියලු ජීවීන් කෙරෙහි කරුණාව සහ මෛත්‍රිය දක්වන අතර ඔවුන්ව ආරක්ෂා කරමි.

මම පන්සිල් පද පහ රකිමි.

මම දෛනික ජීවිතයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමටත්, කරුණාව සහ මෛත්‍රිය ප්‍රගුණ කිරීමටත් උත්සාහ කරමි.

බුද්ධ ධර්මය යනු එකම සත්‍ය ආගම බව මම ස්ථිරවම විශ්වාස කරමි.

බුදුදහම වැළඳ ගැනීමෙන් මම නැවත උපතක් ලබන බව මම විශ්වාස කරමි.

මින් ඉදිරියට බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ ධර්මයේ ප්‍රතිපත්ති හා ඉගැන්වීම්වලට අනුව මගේ ජීවිතය ගත කරමි.
බලන්න උපතින් හින්දු උනත් අවසානයේ එතුමා ධර්මය සරණ කරගත්ත විදිය..ඒක ඇත්තටම ආශ්චර්‍යයක්…
අම්බෙඩ්කාර් තුමා මතු බුදු බව පැතුවාදැයි මා නොදනිමී.. ඒත් එතුමාට බෝධිසත්ව ගුණ තිබූ බව දනිමි..
සමහර විට එතුමා දාලිත් වරු නිදහස් කලා සේම, ලෝක සත්වයා සසර දුකින් නිදහස් කරන්න තව කල්ප ගණනකින් ජම්බුද්දීපයේ බෝමැඩ මුල වජිරාසනයේ හිඳ ගනිවී…
එසේ නොවුනොත්,, බෝසත් ගුණැති අපගේ අම්බෙඩ්කාර් ශ්‍රීමතාණන්ට මේ ගෞතම බුද්ධ සාසනයේදී ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවායි පතමී!
බුදු දහම වැළදගැනීම මම අපායෙන් මිදුනා මෙන් දැනේ..මම දැන් නිදහස් මිනිසෙකු වන අතර මගේ පැරණි විලංගු දැන් ගැලවී ගොස් ඇත…
(බීම්රාවෝ අම්බෙඩ්කාර් තුමා)

උපුටා ගැනීම : aperata.net

What do you think?

Written by Mic

අවුරුදු 27ක් ගෙදර ගිහින් නැති ලෝකේ වටේ ඇවිදින ඔහු ගැන ඇසෙන පුවත මෙන්න.

මෙන්න මේ පැලේ දැකලා ඇතිනේ.. අපෝ දැක්ක ගමන් ගලවනවා. දන්නවාද මේක කොච්චර වටිනවද කියලා