in

අස්ථියක් කැඩුණාම ඒ කෙළවර දෙක ආයෙත් එකතු වෙන්නේ කොහොමද?

ඒ වැඩේ පටන් ගන්නේ කැඩුණු තැන හැදෙන පුංචි ලේ කැටියකින්. රූප හතරෙන් පෙන්වන්නේ එකම බිඳීම කාලයත් එක්ක සුව වෙන හැටි.

1️⃣ කැඩුණු තැන ලේ කැටියක් හැදෙනවා. අස්ථිය බිඳෙන විට ඒ අවට කුඩා රුධිර නාලවලටත් හානි වෙන්න පුළුවන්. එයින් පිටවන ලේ එතැන එකතු වී කැටි ගැසෙනවා. සුවවීමට උදව් කරන සෛල ඒ තැනට පැමිණෙන්නේ මේ මුල් දිනවලයි.

2️⃣ කෙළවර දෙක අතර මෘදු පාලමක් හැදෙනවා. ඊළඟ සති කිහිපයේදී ශරීරය කාටිලේජ සහ තන්තුමය පටක යොදාගෙන කැඩුණු කෙළවර දෙක සම්බන්ධ කරනවා. මේ පාලම මුලදී මෘදුයි.

3️⃣ ඒ පාලම අලුත් අස්ථියක් බවට පත් වෙනවා. මෘදු පටකය තිබුණු තැන ක්‍රමයෙන් අලුත් අස්ථි පටක හැදෙනවා. ඒ සමඟ කැඩුණු කෙළවර දෙක අතර සම්බන්ධය ශක්තිමත් වෙනවා.

4️⃣ අස්ථිය ටිකෙන් ටික යළි හැඩගැසෙනවා. කැඩුණු තැන වටා වැඩිපුර හැදුණු අස්ථි පටක ශරීරය ක්‍රමයෙන් ඉවත් කරනවා. අලුත් අස්ථිය යළි හැඩගැසෙන මේ අවසන් අදියර මාස ගණනක් හෝ අවුරුදු ගණනක් පුරා පැවතිය හැකියි. සුව වීමට ගත වන කාලය බිඳීමේ ස්වභාවය සහ පුද්ගලයා අනුව වෙනස් වෙනවා.

📖 Knowledge “දැනුම”

What do you think?

Written by Mic

සෙන්ටිමීටර් 8.57ක් පළල දිවක්! ලොව පළලම දිව හිමි පුද්ගලයාගේ අපූරු ලෝක වාර්තාව මෙන්න!

පපුවේ X-ray එකක පෙනෙන වෙනස්කම් 6ක්