මේ පියාපත් සහිත ලෝකඩ හිස්වැස්ම ක්‍රි.පූ. 4 වැනි සියවසට අයත් එකක්. ඒ කියන්නේ අවුරුදු 2,300කටත් වඩා පැරණියි. Christie’s වෙන්දේසි නාමාවලියේ එය ෆ්‍රිජියන්–කැල්සිඩියන් (Phrygian–Chalcidian) වර්ගයේ හිස්වැස්මක් ලෙස හඳුන්වා තිබෙනවා.
රූපය ළඟින් බලන්න. උඩින් තියෙන උල් පෙළත්, පැත්තේ පියාපතේ පිහාටු එකින් එක හැඩ ගන්වා තියෙන විදිහත් පේනවා. කම්මුල් ආවරණවල නයිකි (Nike) සහ ආටෙමිස් (Artemis) කියන ග්‍රීක දේවතාවියන්ගේ රූපත් මතු කරලා තියෙනවා.
2004 අප්‍රේල් 28 වැනිදා Christie’s වෙන්දේසියේදී මේ හිස්වැස්ම බ්‍රිතාන්‍ය පවුම් 156,450කට අලෙවි වුණා. ඒ මුදල 2026 නොවැම්බර් 23 විනිමය අනුපාතයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට හැරවුවාම රුපියල් කෝටි 6.8ක් පමණ වෙනවා.
Knowledge “දැනුම”

