in

ගැස්ට්‍රයිටීස් රෝගය ගැන ඔබ මෙ දේවල් දැන සිටියද?

ගෑස්ටික් නැත්නම් ගැස්ට්‍රයිටීස් කියන දේ අද සමාජයේ බහුලව වශයෙන් අහන්න ලැබෙන රෝගි තත්වයකි. මෙ ලිපියෙන් ඔබට ගැස්ට්‍රයිටීස් හැදෙන්නේ කොහොමද? රෝග ලක්ෂණ මොනවාද? ගැස්ට්‍රයිටීස් සුව කරගන්නේ කෙසෙද? ගැස්ට්‍රයිටීස් තියෙන කෙනෙක්ට කන්න හොඳ හෝ  කන්න හොඳ නැති කෑම වර්ග මොනවාද? යන දේවල් ගැන දැනුවත් වෙමු.

ගැස්ට්‍රයිටීස් රෝගී තත්වය ඇති වන්නේ කොහොමද?

ගැස්ට්‍රයිටීස් ඇතිවීමට මූලිකම හේතුව, ආමාශයේ ශ්ලේෂ්මල පටල වල ඒකාග්‍රතාවය බිඳී යාමෙන් ඇතිවන ආසාදිත තත්ත්වය නිසා ඇති වන දෙයකි. අපිට බඩගිනි දැනෙන්නෙ ආමාශයට ආහාර දිරවීම සඳහා අම්ලයක්  ශ්‍රාවය වෙන නිසා. ඉතින් බඩගිනි වුණාට ආහාර නොගෙන ඉන්නකොට ආහාර දිරවීමට අමාශයට දිගින් දිගටම අම්ලය ශ්‍රාවය වීම නිසා ආමාශයේ ශ්ලේෂ්මල පටලවලට හානික් සිදුවෙනවා.  විවිධ හේතුන් මත ආමාශය ආරක්ෂා කරන මේ භාෂ්මික ශ්ලේෂ්මල තරලයට හානි වෙන්න පුළුවන්. එවිට ආමාශ බිත්තිය ඉදිමීම, රතුවීම හා තුවාල වීම වැනි දේ සිදු වෙනවා. මේ තත්ත්වයට තමයි අපි ගැස්ට්‍රයිටීස් කියලා සරලව හදුන්වන්නේ.  කෙටි කාලයක් තුළ පවතින Acute Gastritis සහ දීගු කාලයක් පවතින Chronic Gastritis යන තත්ත්ව ද හඳුනා ගන්න පුළුවන්.

ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ-

පහත රෝග ලක්ෂණ ගැන සුළුවෙන් නොතකා ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත්, මෙය හෘදයාබාධයකදී වුවද ඔබට හට ගැනීමට පුලුවනි, ඔබගේ ජීවිත අවදානම අවම කරගැනීමට ඔබ අනිවර්‍යයෙන් වෛද්‍ය පතිකාර ලබාගන්න,

  • බඩ පපුව දැවිල්ල (උදරයේ ඉහළ කොටසේ හා පපුවේ ඇතිවන දැවිල්ල)
  • කෑමෙන් පසු බඩ පුරවා දැමීම
  • පපුවේ තද වේදනාවක් ඇති වීම
  • උගුරේ දැවිල්ල

ගැස්ට්‍රයිටීස් රෝගයේ අවදානම් සාධක:-

  • දීර්ඝකාලීනව ඔබ ලබා ගන්නා විවිද වේදනානාශක වර්ග (හන්දිපත් අමාරු, කොන්දේ වේදනාව, ආතරයිටිස් වැනි රෝගවලට)
  • Helicobacter pylori බැක්ටීරියා වර්ගය
  • මානසික ආතතිය
  • අදික ලෙස  දුම්පානය / මත්පැන් පානය,
  • මිරිස් හා තෙල් බහුල ආහාර වර්ග ( මෙම ආහාර මගින් ඔබගේ ගැස්ට්‍රයිටිස් රෝග ලක්ශන වැඩිවීමක් සිදුවේ.)

ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා හිතකර හා අහිතකර ආහාර වර්ග-

හිතකර ආහාර,

  • රතු හාල් බත්
  • තන්තුමය ආහාර වර්ග,
  • ධාන්‍යමය ආහාර වර්ග
  • එළවළු වර්ග
  • ආම්ලිකතාව අඩු පළතුරු
  • යෝගට්

 මේ කෑම වර්ග  රෝග පාලනය කරන්න උපකාරී වෙනවා,

අහිතකර ආහාර-

  • අන්නාසි
  • තක්කාලි
  • ඇඹුල් අඹ
  • ආම්ලික ආහාර වර්ග
  • තෙල් සහ මිරිස් බහුල ආහාර
  • තේ, කෝපි සහ චොක්ලට්

මේ කෑම වර්ග රෝගය තවත් වැඩි කිරීම සිදු කරනු ලබයි

ගැස්ට්‍රයිටීස් සඳහා දෙන ප්‍රතිජීවක මගින් සිදු කරනු ලබන්නේ, බැක්ටීරීයාව අඩපණ කිරීම / ආමාශයේ අම්ල ස්‍රාවය අඩු කිරීම හෝ රෝගියාගේ රෝග ලක්ෂණ යටපත් කිරීමක් පමනී. එම නිසා රෝගී තත්වයන් උස්සන්න වන තෙක් නොසිට නිවසේ පිළියෙළ කරගත් සමබර ආහාර වෙලකට ඔබ හුරුවෙනවානම් ඔබට මේ රෝගය වලක්වා ගත හැකිවනු ඇත. තවද ජීවිතය අවදානම් තත්වයද අවම කිරිමට ඔබට හැකිවනු ඇත.

-Dilshan-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

Wire Premier League (WPL) පුරා  අඳුරු සෙවනැල්ලක්