කැරට් යනු දෙස් විදෙස් රටවල් වල ඉතා ජනප්‍රිය අල වර්ගයකි.
මෙය Daucus Carota යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර ශ්‍රී ලංකාවේ උඩරට ප්‍රදේශයෙහි සරුවට වැඩේ.
මෙහි භූගත කඳන් වැඩීමත් සමඟ ඒවා කැරට් අල වශයෙන් ආහාරයට ගනී.
ඊට අමතරව කැරට් ශාකයේ කොළද ආහාරයක් වශයෙන් හඳුනාගත හැකිය.
කැරට් ආහාරයට ගත හැකි ආකාර කිහිපයකි.
ඒ අනුව එළවළුවක් වශයෙන් ව්‍යාංජනයක් ලෙස අමුවෙන් සලාදයක් ලෙස, සුප් එකක් ලෙස, කැරට් පානයක් ලෙස, අච්චාරු ලෙස, කේක් ලෙස, සෝස් ලෙස, කැරට් තම්බා ආහාරයට ගැනීම ආදී වශයෙන් කැරට් ආහාරයට ගත හැකිය.
තවද මේරීමට ප්‍රථමව කැරට් වල ලපටි කොළ මැල්ලුම් හා සලාද වශයෙන් ද ආහාරයට එකතු කර ගත හැකිය.
මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ ලෙස විටමින් ඒ, බී, සී, ජලය, සීනි, තන්තු , ප්‍රෝටීන්, ඛනිජ ලවණ , මේද , කැරොටීන්, තයමින්, රයිබොප්ලෙවින්, තයසීන්, ෆෝලික් අම්ලය ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ.
කැරට්වල ඖෂධීය ගුණයන්
- අක්ෂි රෝග සමනය කිරීමට
- බැක්ටීරියා ආසාදන නිසාවෙන් ඇතිවන සමේ ආසාදන සමනයට
- සමෙහි පැල්ලම් නැතිකර
- තරුණ පෙනුමක් ලබා ගැනීමට හා සම පැහැපත් කර ගැනීමට.
- ආහාර දිරවීම පහසු කිරීමට හා මල
- මල බද්ධය වැළැක්වීමට
- ශරීරයේ විෂ නැසීමට
- හිසකෙස් ගැටලු සමනය කිරීමට
- ශරීර උෂ්ණය අවම කිරීමට
- හෘද රෝග සමනයට
- ශරීරයෙහි ඇති කොලෙස්ටරෝල්
- මට්ටම අඩුකර ගැනීමට
- මුඛ රෝගවලට
- අස්ථි ශක්තිමත් කිරීමට
- රුධිර පීඩනය ඇතිවීම වැළැක්වීමට
- පණු රෝගවලට
- ශරීරයේ රුධිරය වර්ධනය කිරීමට
- ආමාශයික රෝගවලට
- අර්ශස් රෝගයට
- මතක ශක්තිය වැඩිදියුණු කිරීමට
- ස්නායු ශක්තිමත් කිරීමට
- පිළිකා මර්දනය කිරීමට
ආදී රෝග රැසක් සමනය කිරීමට කැරට් ආහාරයට ගැනීම ගුණදායකය.
අනෙක් අතට කැරට් ඇතැම් රෝගාබාධ වලට අහිතකර අන්දමින් ද බලපානු ඇත.
එනම් දියවැඩියා රෝගීන්ට මෙම කැරට් අහිතකර වන අතර ඇතැම් විට ආසාත්මිකතා පවා ඇතිවිය හැකිය.
එමනිසා දියවැඩියා රෝගීන් බහුලව කැරට් ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම නුවණට හුරුය.