in

චිනුවා ඇච්බේ / Chinua Achbe

1930 වර්ෂයේ නොවැම්බර් මස 16 වන දින නයිජීරියාවේ ඔගිඩ් ප්‍රාන්තයේ දී චිනුවා ඇච්බේ උපත ලැබීය. එම ප්‍රාන්තයේ ම ගැමි පාසලක ඔහු මූලික අධ්‍යාපනය ලැබීය.

                      ද්විතීයික අධ්‍යාපනය සදහා ඉබාදන් විශ්ව විද්‍යාලයට ඇතුලු වී හොදින් අධ්‍යාපනය හදාරා උපාධිය ලැබීය. ඉබාදන් සරසවියේ ම කෙටි කලක් කථිකාචාර්ය ධූරය හෙබවීය. පසුව එයින් ඉවත් වී නයිජීරියානු ගුවන් විදුලියේ බාහිර අධ්‍යක්ෂකවරයා ලෙස සේවය කළේය.

                     මොහුගේ කුලුදුල් කෘතිය එතරම් ප්‍රසිද්ධ නොවුනත් 1960 වර්ෂයේ “ශාන්තිය දුර නැත” නම් කෘතිය නිර්මානය කරමින් ජනප්‍රසාදය දිනා ගැනීමට සමත් විය. 1975 වර්ෂයේ දී ඔහු ලියූ විචාරාත්මක කෘතියක් වන “නිර්මාණාත්මක දිනක උදෑසන”” කෘතිය ද ඉතා ජනප්‍රිය වූ අතර ඔහුට ඒ සදහා ජාත්‍යන්තර ලෝටස් සම්මානය ප්‍රදානය කරන ලදී.     

උපුටා ගැනීම : Guruthumaweb

What do you think?

Written by Mic

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර / C.W.W kannangara

ඩඩ්ලි සේනානායක මහතා / Dudley senanayake