in

පැබ්ලෝ නෙරූඩා / Pablo Neruda

1904 වර්ෂයේ ජූලි 12 වන දින මධ්‍යම චිලියේ කුඩා නගරයක් වන පාර්ලල් හි දී පීඩිත පන්තියේ කවියා ලෙස විරුදාවලි ලත් පැබ්ලෝ නෙරූඩා උපත ලැබුවේය.

                       පැබ්ලෝගේ පියාගේ නම වූයේ ජොස් ඩෙල් තාමන්රිස්ය. මවගේ නම වූයේ රෝසා බාසොල්ටොගියා ය. දුප්පත් පවුලක් වූ මොවුහු ඉතාමත් අමාරුවෙන් ජීවිතය ගෙන ගියහ. පැබ්ලෝ කුඩා අවදියේ දීම ඔහුගේ මව මිය ගියාය.

                   1910 දී ඔහු ටෙමුකෝ පිරිමි පාසලේ ඉගෙන ගත්තේය. මොහුගේ නියම නම වූයේ නප්තලි රිතාර්දෝ රයිසස් බන්සාදුමල්තෝය. දස හැවිරිසි වියේ සිට ම කවි ලිවීමට සමත් කම් දැක් වූ ඔහු පැබ්ලෝ නෙරූඩා යන ආරූඪ නාමය භාවිතා කළේය. පසු කලෙක 1946 වර්ෂයේ දී ඔහු එම නම නීත්‍යානුකූලවම භාවිතා කරන්නට පටන් ගත්තේය. පසුව නෙරූඩා සන්තියාගෝ ගුරු විදුහලෙන් ප්‍රංශ භාෂාව හදාරා උපාධියක් ලබා ගත්තේය.

                  1921 වර්ෂයේ ඔක්තෝබර් මස චිලි ශිෂ්‍ය සංගමය කාව්‍ය රචනා තරගයක් පැවැත්වීය. එහි දී නෙරූඩා රචනා කළ “La Cancion de la fiesta” නම් කාව්‍යය ප්‍රථම ස්ථානය දිනා ගත්තේ්ය.

                 1969 වර්ෂයේ දී ඔහු ලියූ පොතක් ඉතාම ජනප්‍රිය විය. පසුව පොත් කිහිපයක් ලියූ ඔහු ජනප්‍රිය කවීන් අතරට ඔහුගේ නමත් එකතු කර ගත්තේය. ඔහුගේ කෘතියක් වන “මුදු”(RINGS) ඉතා ජනප්‍රිය විය.

                  ජාත්‍යන්තර සාමය සදහා ඔහුගේ අවංක කැපවීම වෙනුවෙන් ඔහුගේ “කැළෑ කපන්නා පිබිදේවා” කෘතිය සදහා 1950 වර්ෂයේ දී ජාතයන්තර සාම සම්මේලන සම්මානය පිරි නැමිණි.  දුප්පත් ජනතාව වෙනුවෙන් නව ශ්‍රේෂ්ඨ සිතුම් පැතුම් කාව්‍ය මාධ්‍යයෙන් ඉදිරිපත් කළ පැබ්ලෝ නෙරූඩාට නොබෙල් ත්‍යාගය 1971 වර්ෂයේ දී හිමි විය.

                  නෙරූඩා 1973 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වන දින අභවප්‍රාප්ත විය. 

උපුටා ගැනීම : Guruthumaweb

What do you think?

Written by Mic

ඩඩ්ලි සේනානායක මහතා / Dudley senanayake

කැරළි සහිත කොණ්ඩයක් ලස්සනට තියාගන්නේ මෙහෙමයි