in

දරුවාගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර

කුඩා දරුවන් ඉක්මනින්ම විෂබීජවලට නිරාවරණය වන අතර රෝගාබාධ වැළඳෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සමත් වෙන ආහාරපාන ලබාදීම ඉතා වැදගත්.

බිත්තර 

බිත්තර වල පෝෂක ගුණ රැසක් අඩංගු වෙනවා. මෙම පෝෂක ගුණ ශරීරගතවීමෙන් දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ යනවා. ඔබගේ දරුවා බිත්තර කෑමට මැලි කමක් දක්වන්නේනම් එය විවිධ රසයන්ගෙන් සකසා දීමට උත්සාහ කරන්න. බිත්තර වලට ලුණු, ගම්මිරිස්, චීස් වැනි දේ එකතු කර ආහාරය සඳහා ලබාදෙන්න. එක් දිනක ඔම්ලට්, තවත් දිනක මෆින්, තවත් දිනක තම්බා ලබා දෙන්න. 

බතල  

බතල වල විටමින් වර්ග ඇතුළු සිරුරට අත්‍යවශ්‍ය පෝෂක ගුණ රැසක් අඩංගු වෙනවා. ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න බතල උපකාරී වෙනවා. දරුවාට බතල ලබා දීමේදී තම්බා දීම පමණක් සිදු කිරීමෙන් වලකින්න. විවිධ දිනවල විවිධ රසයන්ට සහ ක්‍රම වලට බතල සැකසීමට උත්සාහ කරන්න. බතල තම්බා හොඳින් පොඩි කර එයට බිත්තරයක් එකතු කර ඔම්ලට් එකක් සකසා දෙන්න. නැතිනම් බිත්තර සහ බතල එකතු කර බේක් කර ස්පන්චි වැනි යමක් සකසා දෙන්න. බතල සහ චීස් කියන්නෙත් අපූරු ආහාර මිශ්‍රණයක්. එහෙම නැත්තම් තැම්බූ බතල හොඳින් පොඩි කර සුප් එකක් සකසා දෙන්න.

දිනක වර්ග 

කජු, ආමන්ඩ් වැනි ඇට වර්ග කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතා ගුණදායකයි. මේවායේ පෝෂණ ගුණ රැසක් අඩංගු වෙනවා. කජු ආහාරයක් ලෙස වගේම බ්ලෙන්ඩ් කර පානයක් ලෙසත් සකසා ගත හැකි‍යි. දරුවා සඳහා රසවත් පලතුරු පානයක් සැකසීමේදී කජු එකතු කරන්න. කේක්, මෆින් ආදිය සැකසීමේදී යහමින් කජු එකතු කරන්න. 

යෝගට් 

යෝගට් වල ප්‍රොබයෝටික් අඩංගු වන අතර ප්‍රතිශක්තිකරණය ඉහල නංවා ගැනීමට හේතුවක් වෙනවා. දරුවෙකුට දිය හැකි සුදුසුම ආහාරයක් තමයි යෝගට්. යෝගට් ඝන ලෙසත් දියර ලෙසත් සකසා දෙන්න පුළුවන්. පළතුරක් සමඟ යෝගට් බ්ලෙන්ඩ් කර බීමක් ලෙස සකසා දෙන්නත් පුළුවන්. යෝගට් වලට පැණි ස්වල්පයක් හෝ හකුරු කුඩු එකතු කර ආහාරයට ගත හැකියි. 

කොළ එළවලු 

නිවිති, බ්‍රොකොලි වැනි කොළ වර්ග දරුවන්ගේ ආහාරයට ඉතා සුදුසුයි. මේවා පිස හෝ බිත්තර සමඟ ඔම්ලට් සකසා ආහාරයට ගත හැකියි. දරුවාගේ සිරුරට අවශ්‍ය යකඩ ඇතුළු පෝෂක ගුණ රැසක් මෙහි අඩංගු වෙනවා. 

ඕට්ස්

සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීමට සමත් වෙන හරි අපූරු ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ. ඕට්ස් කිරි සමඟ හෝ යෝගට් සමඟ දරුවාට ලබා දිය හැකියි.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

අයිඩින් ඌනතාවයේ ලක්ෂණ

බෝවන රෝග වළක්වා ගමු.