ලෙඩ රෝග වැළඳුණු විට අපගේ එදිනෙදා කටයුතු නියමිත පරිදි කරගෙන යාමට ඉතා අපහසුතාවයක් ඇති වේ. මේ නිසා හැකිතාක් ලෙඩ රෝගවලින් මිදී සිටීමට අප සියළු දෙනා ප්‍රිය කරති. එහෙත් අපට නිරන්තරයෙන් විවිධ ලෙඩ රෝග වැළඳෙන බව අප සියළු දෙනා දන්නා කාරණාවක්. ලෙඩ රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකියි. ඒ, බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙසිනි. බෝ නොවන රෝග වැළඳෙන්නේ එක් එක් පුද්ගලයන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් දීර්ඝ කාලයක් තිස්සේ සුදුසු පරිදි පවත්වා නොගත විටය. එහෙත් බෝවන රෝග පරිසරයේ, කාලගුණයේ වෙනස්වීම් මත ඇති වේ. ඒ වාගේම බෝවන රෝග ඉතා වැඩි සීඝ්‍රතාවයකින් ව්‍යාප්ත වේ. මේ නිසා බෝවන රෝග මැඩපවත්වා ගැනීම ඉතා වැදගත්ය.
ඒ සඳහා සරල ආරක්ෂණ ක්‍රම භාවිතය වැදගත් කාරණාවකි. එදිනෙදා සෞඛ්‍යමත් පුරුදු පිළිපැදීම මෙහිදී වැදගත් බව සඳහන් කළ යුතුයි. මුහුණ සේදීම, නෑම, භාවිත කරන රෙදි පිලි පිරිසිදුව භාවිතය, නිවස පරිසරය සහ අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම, සතුන් බෝවීම වැළැක්වීම ආදීය අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ වාගේම කැස්ස, කිවිසුම් යාමේදී ඇතිවන බිඳිති අවම වන ලෙස ලේන්සුවකින් මුව ආවරණය කළ යුතුය. නිවැරදි ලෙස සුදුසු අවස්ථාවන්වලදී දෑත් සේදීමද සිදුකළ යුතු බව සඳහන් කළ යුතුයි. සබන් යොදා ගලා යන ජලයෙන් අත් සේදීම වඩාත් සුදුසු ක්‍රමයයි. මෙහිදී නියපොතු, ඇඟිලි කරු ආදියෙහි පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතුයි. බෝවන රෝග පැතිරීම අඩු කර ගැනීමට නිවැරදි ලෙස අත් සේදීම හේතු වන බව සඳහන් කළ යුතුයි.
රෝගයක් බෝවීම වළකා ගැනීම ඉතා අපහසු තත්ත්වයක් නොවන බව සියළු දෙනා අවබෝධ කරගත යුතුයි. රෝග වළක්වා ගැනීමේ අවශ්‍යතාව මූලික කරගත් පසු රෝග බෝවීම වළක්වා ගැනීම කළ හැකි බව අවධාරණය කළ යුතුයි. බොහෝ බෝවන රෝග කාරක ශරීර ගත වූ විට උණ ගැනීම සිදුවේ. එම උණ තත්ත්වය අඩු කිරීම සඳහා වෛද්‍ය අනුමැතිය සහිත සුදුසු මාත්‍රාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම මෙන්ම සිසිල් රඳවනයක් නලල මත දැමීම, පිරිසිදු රෙදි කැබැල්ලක් ජලයෙන් පොඟවා ශරීරය තෙමා වියලීමට සැලසීම (Bed Bath), සැහැල්ලු කපු ඇඳුම් ඇඳීම, උෂ්ණත්වය අඩුවන ලෙස පරිසරය සැකසීම ආදිය කළ හැකිය.
බෝවන රෝග වැළඳුණු විට ශරීර ප්‍රතිශක්තිය නැංවීම සඳහා පෝෂ්‍යදායී ආහාර ලබාදීමත් වැදගත්.
උපුටා ගැනීම: wellnessexpert

