in

මිනිසෙකුටත් වඩා විශාල හිකනලෙක් වැනි සතෙක්

ඩයිනසෝරයන් බිහිවිමට පෙර පෘථිවියේ පැවැති පැන්ජියා නමැති සුවිසල් මහාද්වීපයේ නිවර්තන කලාපවල විසු දැවැන්ත හිකනලෙක් වැනි උභයජීවී සත්වයෙක් , ගොදුරුභක්ෂකයන් අතර එවකට සිටි විශලාතමයෙක් වශයෙන් දැන් හඳුනාගෙන තිබේ. දකුණු පෘතුගාලයෙන් ලැබුණු සෙන්ටී මීටර් 30-40ක් අතර ප්‍ර‍මාණයේ ෆොසිල ඇට කැබැලි වලට අනුව මේ සත්වයා මීටර දෙකක් පමණ දික් වූබවත් බරින් කිලෝග්‍රෑම් 100ක් පමණ වු බවත් සැලකේ. ඕවලාකාර හිසික් ඇති මේ සතුන් (චිත්‍රයේ පෙනෙන අන්දමට) මීට වසර මිලියන 220 – 230 අතර කාලයක ජිවත් වූ බවත් විශ්වාස කෙරේ. වර්ටබ්‍රෙට් පැලිඔඕටොලොජි (Vertebrate Paleontology) සඟරාවේ පළකළ තොරතුරු වලට අනුව මේ සතුන් මෙටොපොසෝරස් (Metoposaurus ) නමැති විශාලතම උභයජීවී ගණයට අයත් වේ. අදාල ෆොසිලය පෘතුගාලයේ ඇලගාර්ව් නම් ප්‍රදේශයෙන් සොයාගැනීම හේතු කරගෙන මේ සත්ව විශේෂයට මෙටොපොසෝරස් ඇල්ග්‍රාවෙන්සිස් (Metoposaurus algarvensis )යන නමතබා ඇත. වර්ග මීටර් හතරක් පමණ ඇති කැනීම් ප්‍රදේශයෙන් මේවන විටත් මේ සත්වයන්ගේ ෆොසිල හිස්කබල් දහයක් සමග අවශේෂ කොටස් විශාල ප්‍ර‍මාණයක් සොයාගෙන තිබේ. තමන් විසු විල් පෙදෙස දිය සිඳියාම නිසා මිය යන තෙක්ම මේසතුන් එකගොඩේ තෙරපෙමින් වසන්නට ඇතැයි විද්‍යාඥයෝ කල්පනා කරති. දැවැන්ත හකුපාඩාවල බර නිසා මේ සතුන් වැඩිවශයෙන් වාසය කළේ ජලාශවල බවත් දිය බීමට එන ඩයිනසෝර හා ක්ෂිරපායී පූර්වජයන් ආහාරයට ගැනීමෙන් මේ සතුන් යැපෙන්නට ඇති බවත් විද්‍යාඥයෝ විහ්වාස කරති. මෙටොපොසෝරස් ප්‍රභේදයට අයත් අනෙකුත් උභයජීවී විශේස වල ෆොසිල අප්‍රිකාව, යුරෝපය හා උතුරු අමෙරිකාවෙන් සොයාගෙන තිබේ.

නිව් සයන්ස් සඟරාවේ පළවූ Giant ancient amphibian was bigger than a human නමැති ලිපිය ඇසුරෙන්

උපුටා ගැනීම : thathu

What do you think?

Written by Mic

විරුංගා හි දුර්ලභ ගොරිල්ලා නිවුන් උපතක්

බැදපු කෑම අපට අගුණද?